වසර 21 කට පසුව ශාරුක් ඛාන් ශ්‍රීලංකාවට
ඉන්දීය සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන්, 2025 අගෝස්තු 2 වන දින ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව වාර්තා වේ.
ඔහුගේ මෙම විශේෂ සංචාරයේ අරමුණ වන්නේ කොළඹදී විවෘත කිරීමට නියමිත City of Dreams කැසිනෝ ශාලාව සහ එහි අවසන් අදියර විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමයි.
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH) සහ ලෝක ප්‍රකට Melco Resorts & Entertainment සමාගම එක්ව සිදු කළ මෙම දැවැන්ත ව්‍යාපෘතිය, දකුණු ආසියාවේ විශාලතම ඒකාබද්ධ සංචාරක නිකේතනයක නිමැවුමක් ලෙස සැලකෙයි.

