වාලම්පුරි ගැන කංසාමය කියවීමක්

hq720

වාලම්පුරිය බලලා ඉන්න අතරෙ අහම්බෙන් ලකා ඒ ගැන කරපු ඉන්ටර්විව් එකක් බැලුව. ඒකෙ ලකා කියනවා වාලම්පුරි ෆිල්ම් එක කලේ ග්‍රාමීය නිර්ප්‍රභූ පංතියෙ හීනය ගැන කියල. ජීවිතේ කියන ගේම් එක ගහන්න ශෝර්ට් කට් හොයන උන්ගෙ කතාවයි මේ තියෙන්නෙ කියල.

ෆිල්ම් එක පටන් ගන්නෙ අවුරුදු හැත්තෑ හයක් රට කරපු ප්‍රභූ පංතිය මතක් කරමින්. ඒ අතරෙ සීගිරිය පැත්තෙ ගමක නාට්ටි පෙන්නමින් ගේම් ගහන හතර දෙනෙක් තමයි කතාවෙ චරිත.

මේ අයට තමන්ට අයිති නැති වාලම්පුරියක් හම්බු වෙනවා. උන්ට ඒක සිප්පි කට්ටක්. ඒ ගැන වෙන වටිනාකමක් නෑ. ඒත් ඒක වටිනවා කියල වෙන පංතියක උන් කියනවා. ඒ පංතිය එක්ක ඩීල් එකක් දාන්න මේ සෙට් එකට සිද්ද වෙනවා.

මේක මේ වෙලාවෙ නිර්ප්‍රභූ ආන්ඩුවට අමුවෙන්ම ආදේශ වෙන උපමා කතාවක් කියල මට හිතෙනවා. පොඩි පොඩි විරෝධතා නාටක කර කර හිටපු කට්ටියකට අහම්බෙන් හදිස්සියෙ රාජ්‍ය බලය ලැබෙනවා. ඒක වෙන්නෙ අර ඉහල පංතියෙ උන්ගෙ ඩීල් එකක් වරදින හින්ද. රාජ්‍ය බලය ලැබුනට ඒක කරගන්න බෑ. ඒ කියන සිතූ පැතූ සම්පත් දෙන්නෙ නෑ. ඒක වේදනාව සහ විනාශය කැඳවීමක් වෙනවා.

මේක මාරකයක් දෙයියො..

තමන්ට නුපුරුදු කලාපයකට ඒම නිසා පීඩාවට විහිලුවට ලක්වෙන හැටි ලස්සන කතාවකින් ෆිල්ම් එකේ කියනවා.

කිඹුලා ගොඩට ආවම දැකල තියෙනවද සර්..ඌව නකුටු බල්ලොත් හපනවා..

කිඹුලා වතුරෙදි ලොකුයි. හරියට විපක්ෂ බලයක් විදිහට ජවිපෙ වගෙයි. ඒත් ආන්ඩුවට ආවම ඒ ජවිපෙ විහිලුවක් බවට පත්වෙනවා. රාජ්‍ය බලය කියන වාලම්පුරිය වැඩකරන්නෙ නෑ.

රාජ්‍ය බලය ගැන ජවිපෙ අර්බුදය ලස්සනට මතු කරන තැන් කීපයක් තියෙනවා.

‘මෙච්චර අමාරුවෙන් ගත්ත එක කීයටවත් දෙන්නෙ නෑ’ වාලම්පුරිය ගැන ඒ කට්ටිය කියන කතාව ආන්ඩුව ගැන මේ කට්ටිය කියනවා අපිට ඇහෙනවා. අඩනවා, දාල දුවන්න හිතෙනවා, ඒත් අතාරින්න බෑ. ජීව්ත කාලෙටම හම්බුනෙ මෙච්චරයි .

නිර්ප්‍රභූ පංතියට බලය පිලිබද හදිසි කණා පල්ලමක් වැදීම ගැන ඛේදවාචකය තමයි වාලම්පුරියේ කේන්ද්‍රීය කතාවස්තුව. ඒ වෙනුවෙන් තමන් නොවන විවිධ වේශයන් ගන්නට පවා ඒ අයට සිදුවෙනවා.

අන්තිමට කෙලවෙලා අතෑරලා දාලා ආපහු ගමට යනවා. ඒත් වාලම්පුරියේ සාපය ඔවුන් හොයාගෙන එනවා.

මේ අතර වාලම්පුරියෙ අයිතිකාරයෙක් කියල නොපෙනෙන කෙනෙක් නිතර කෝල් කරනවා. සමහර විට ඒ රනිල් වෙන්න පුලුවන් . කවුරු හරි ඒ වාලම්පුරියෙ ප්‍රභූ උරුමක්කාරයා වෙන්න ඕන.

වාලම්පුරිය කියන්නෙ සම්මුතියක්. විශ්වාසයක්. රාජ්‍ය බලය වගේම. ඒක සිප්පි කට්ටක් විදිහට දකින අයට ඒ සම්මුතිය, ඒ වටිනාකම ගැන දැනීමක් නෑ. ඒ පංතිය නෑ.

එතනින් ඒ අයගෙ ජීවිතත් අවුලෙන් අවුලට යනවා. අනිත් අයගෙ ජීවිතත් අවුලට යනවා. මාලිමාවෙ ආන්ඩුවෙ ප්‍රධාන චරිත පහ, අනුර, ටිල්වින් බිමල්, දණහිස්ස, විජිත වගේම වාලම්පුරියෙ ප්‍රධාන චරිත පහක් මතුවීමත් අපූරු අහම්බ සමපාතයක්. (මං නං ආසම ටිල්වින්ගෙ චරිතෙට)

එක අතකට ග්‍රාමීය ආන්ඩුවත් වාලම්පුරියක් ඵල දෙන කල් බලන් ඉන්නවා. උන්ට චන්දෙ දීපු ග්‍රාමීය මිනිස්සුත් වාලම්පුරියක් ඵල දෙන කල් බලන් ඉන්නවා. (ෂෝර්ට් කට් ආන්ඩුව vs ෂෝර්ට් කට් ජනතාව)



චින්තන ධර්මධාස ගේ ෆේස්බුක් සටහනක්

About Author