හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ‘ඉනිය භාරතී’ අත්අඩංගුවට
හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර්, ජනප්‍රියව ‘ඉනිය භාරතී’ ලෙස හඳුන්වන පුද්ගලයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුට එරෙහිව මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ සිදු වන පරීක්ෂණ කිහිපයකට සම්බන්ධව මෙම අත්අඩංගුව සිදු වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මේ වන විටත් සිදුවෙමින් පවතී.
ඉනිය භාරතී නොහොත් කේ. පුෂ්පකුමාර් ගැන තුෂාර නිරෝශන පුංචිහේවා FB හි පලකර තිබූ පෝස්ටුවක්
මේක මාර ආතල් නිව්ස් එකක්……
කැම්‍රිම වදයක් වෙච්ච එකෙක් තමයි ඒ කාලෙ මූ…. 2008 – 2011 වගේ කාලය ඇතුලෙ TMVP කාර්‍යාල තියෙද්දී හෙන හෙන සෙල්ලම් දාපු කරුණාගෙ පිල්ලෙයාන්ගේ හුරතලා තමයි මේ…..
මට පොතක් ලියන්න පුළුවන් මුගේ වැඩ ගැන …..
තිරුක්කෝවිල් විනයාගපුරම් ප්‍රදේශවල ඒ කාලෙ මූ කරපු ඝාතන වලට විරුද්ධව මිනිස්සු පැමිණිලි දාපුව තාමත් නඩු යනව……
වාහන දේපල විනාශ කිරීම් ඉවරයක් නෑ……
ඉඩමක් පවා විකුනද්දි මූට කියන්න ඕන වගේ සීන් එකක් ඒ කාලෙ තිබුනෙ…..
එකපාරක් හමුදාවේ කොල්ලො වගේකට ඌරණී වලදි ගේමක් ඇදල ඉන්න තැනටම ගිහිල්ලා මුගේ බෙල්ලෙන් අල්ලලා කන අතගාපු එකම එකා මම විතරයි ……
ඒව නිදහස් වූ දිනෙක පසු කාලීනව ලියන්නම් …….
ඒකක බුද්ධි නිලධාරී රාජකාරි කරද්දි මම මේ කියන ඉනිය භාරතීගේ ක්‍රියාකලාපය ගැන එවකට මගේ අණදෙන නිලධාරී තුමා වෙච්ච Ranjith Colambage සහ විධායක අධිකාරී වෙච්ච Jeevantha Chandrasiri කියන නිලධාරීන්ට හොඳටම මතක ඇති. ……
මූ කොච්චර පොරක්ද කියනවානම් 2010 ( මගේ මතකයේ හැටියට ) මහ මැතිවරණය TNA එකෙන් අක්කරෙයිපතුව ජයග්‍රහණය කරේ පියසේන කියල සිංහල මනුස්සයෙක්…… ( Nisshanka New ගේ මාම)
ප්‍රතිඵල නිකුත් වෙලා ටික වෙලාවකින් මට කෝල් එකක් ආව පියසේන උන්නැහේගෙන් ” සර් මට ඉනිය භාරතීල හොඳටම ගැහුව මම දැන් ඉස්පිරිතාලෙ ඉන්නෙ අනේ මට ආරක්ශාවක් දෙන්න මම නූලෙන් බේරුණේ කියල.”……
දිනපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයට ගෙදරට ගිහිල්ලා ගහන්න තරම් මූට හයියක් තිබුණා ඒ කාලෙ……..
මරි කැයිනා මූට ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් තනතුරක් දීල උගේ බළු නගුටෙක් කරගත්තට පස්සෙ මූ තවත් සෑහෙන රැඟුව…….
දැන් ඉතින් කරපු පව් වමාරන්න කාලය ඇවිල්ල ……
(තිරුක්කෝවිල් විනයාගපුරම් අක්කරෙයිපත්තු මුන් පතුරවපු භීශනය ගැන හිතාගන්න ඕන නම් දමිළ චිත්‍රපටයක් බලන්න……)
