කාදිනල් හිමිපාණන්ගේ ජුබිලි උත්සවය හේතුවෙන් වෝඩ් පෙදෙසේ නව රථ වාහන සැලසුමක්
කාදිනල් හිමිපාණන්ගේ පූජක දිවියේ 50 වන සංවත්සරය සැමරීම සඳහා හෙට (07) කොළඹ අගරදගුරු මැදුරේදී විශේෂ උත්සවයක් පැවැත්වේ.
මෙම අවස්ථාවට ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය. එමනිසා බොරැල්ල පොලිස් වසමේ වෝඩ් පෙදෙසේ රථ වාහන ගමනාගමනය සීමා කෙරේ.
සවස 3.00 සිට රාත්‍රී 9.00 දක්වා, කිංසි පාර හන්දියෙන් නන්දදාස කෝදාගොඩ හන්දිය දක්වා බර වාහන සඳහා පිවිසුම සීමා කෙරේ.

