ජැක්ලින්ගේ පළමුවන සිංහල සිනමා සම්ප්‍රාප්තිය

image_90d62fefaa

Glamorous රෝල්ස් වලටම කොටුවෙලා විනෝදාත්මක චරිත පමණක් කරනවා කියලා ගොඩක් අය අපේ ජැකී ගැන හිතුවට ඇය අපේ සිංහල චිත්‍රපටයකට පළමු වරට දායක වුනේම හරි Depth එකක් තියෙන චරිතයකට රංගනයෙන් දායකවෙමින්මයි, හොලිවුඩයත් එක්ක පවා ගනුදෙනු කරනා මහා සිනමාවේදී Chandran Rutnam මහත්මයාගේ අධ්‍යක්ෂණයෙන් 2018 වසරේ ඉංග්‍රීසි බසින් තිරයට ආ ‘ According to Matthew ‘ චිත්‍රපටය කියන්නේ 1970 දශකයේ මුලු මහත් ශ්‍රී ලාංකීය ජනතාවම කම්පා කරවමින් කළඹපු මිනීමැරුම් දෙකක් ගැන කියවෙන සත්‍ය කතාවක්

Father Mathew Pieris කියන පූජකවරයා සහ ඔහුගේ අනියම් පෙම්වතිය Dalrene Ingram කියන දෙදෙනා චූදිතයන් කරමින් පැවති නඩු විභාගය එකල බොහෝ ප්‍රසිද්ධ වුනේ දෙවියන් වහන්සේට කැපව සේවය කෙරූ පූජක ප්‍රසාදිතුමෙක් අතින් මෙවැනි කෲර අපරාධයක් සිදුවීම හේතුවෙනුයි

මේ චරිතයන් දෙකට යතාර්ථවාදී ලෙසින් පණ පොවන්නේ ශ්‍රී ලංකාවේ උපන් ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකීය නලුවෙක් වන Alston Koch සහ අපේ ශ්‍රී ලාංකීය සුරූපි තාරකාවිය වන Jacqueline Fernandez තමයි

දෙවියන්ව අදහමින් භක්තිමත් ලෙසින් බොහෝ අයගේ ගෞරවය ලදමින් ජීවත් වන පූජකවරයෙක් වන ඔහු විවාහ වී දරුවන් සිටින කෙනෙක්, දවසක් ඔහුට රූමත් විවාහක කාන්තාවක් මුණගැහෙනවා, දෙවියන් වහන්සේ කියූ තහනම් ගහේ ගෙඩි කෑ පසු සිදුවන ඛේදාන්තය ගැන දේව වචනය ඔහුට අමතක වෙනවා, රාගය සහ ද්වේෂය අතර අතරමං වෙන ඔහුගේ සහ ඇයගේ එක්වීම වළකාලන ඇගේ සැමියාව සහ තමාගේම බිරිඳ ඝාතනය කරන්නට ඔහු පෙළඹෙනවා

අනියම් පෙමක පැටලී මිනීමැරුම් වලට සහයවෙන තරුණ බිරිඳ ලෙසින් ජැකී එම චරිතයට උපරිම සාධාරණයක් කරලා තියෙනවා, සමහර ජවනිකා වල එන Intense එක Boldness ගතිය චරිතාංග නිලියක් වීමට ඇගේ ඇති හැකියාව ප්‍රදර්ශනය කරනවා, ඔයාලත් බලලා නැත්නම් අනිවා මේ ෆිල්ම් එක බලන්න, මොකද මේ කතාව මන:කල්පිත එකක් නෙමෙයි සැබෑ කතාවක්

– Viduni Hettiarachchi 

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *