මේ රජයට කිසිම වැඩක් හරියට කර ගන්න බැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
*අද ගොවියා අනාථයි*
ඊට අමතරව ගොවියාට කිසිදු සහනයක් නොමැති බවත් ගොවි ජනතාව වෙනුවෙන් කතා කර ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටි සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කර වත්මන් රජය පත් කර ගත්තත් අද වන විට මේ රජය ගොවියා නන්නත්තාර කර ඇති බවත් ප්‍රමිතියෙන් ඉහළ බීජ පවා නොලැබෙන බවත් ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර පවා නොලැබෙන බවත් කෘෂි උපකරණ සදහා වැය කරන මුදල පවා ඉහළ ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*ගොවියා රජකරවීම කෙසේ වෙතත් වදුරන් ගනින්නනම් රජය දක්ෂයි*
වී සදහා ස්ථාවර මිලක් දෙනවා කිව්වත් ඒ සදහා පනතක් ගෙන එනවා කිව්වත් කෘෂිකර්මාන්ත විෂය බාර අමාත්‍යවරු වදුරෝ පස්සේ යන බවත් විශාල මුදලක් වෙන් කර ව්‍යාජ සමීක්ෂණ සිදු කළත් ගොවියා වෙනුවෙන් කිසිත් කර නොමැති බවත් පොහොර පවා සාධාරණ මිලකට ලබා දෙන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
*හාල් ගේන්නෑ කියලා දැන් රටින් හාලුත් ගේනවා*
පිටරටින් සහල් ගෙන්නේ නෑ කියා මැතිවරණ සමයේ කෑමොර දුන් රජය පිටරටින් සහල් ගේන තැනට පත් වී ඇති බවත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අද මෙටික් ටොන් 40000ක් පමණ සහල් ගෙන්වන බවත් ලුණු සහල් ආදී සෑම ගැටලුවක දීම මේ රජය අපොහොසත් වී ජනතාවගේ ජන ජීවිත පහතට දමා ඇති බවත් හැමදාම සමගි ජන බලවේගය ජනතාව වෙනුවෙන් හඩ නැගූ බවත් ඉදිරියටත් එසේ හඩ නගන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*සත්‍ය ජය ගන්නවා*
රටේ ජනතාව සත්‍ය යථාර්ථය අවබෝධ වී ඇති බවත් පළාත් පාලන ආයතනවල සභාපතිවරු පත් කිරීමේ දී බලපෑම් එල්ල වී ඇති තැන් ගැන ජනතාවට අවබෝධ වී ඇති බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී නීති පියවර ගන්නා බවත් එබැවින් සත්‍ය ජය ගන්නා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
