Starlink දැන් ශ්‍රී ලංකාවේ

img_2566-1.jpg

ස්පේස් එක්ස් සමා­ග­මට අයත් චන්ද්‍රි­කා­ගත ස්ටාලින්ක් අන්ත­ර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියා­ත්මක වන බව එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සට­හ­නක් තබ­මින් ලොව විශා­ල­තම ධන­වතා වන ඉලෝන් මස්ක් සඳ­හන් කර තිබේ.

එහි දක්වා ඇත්තේ ස්ටාලින්ක් දැන් ශ්‍රී ලංකාවේ ලබා­ගත හැකි බවයි.

පහළ පෘථිවි කක්ෂයේ චන්ද්‍රිකා විශාල සංඛ්‍යා­වක් ස්ථාන­ගත කර­මින් රැහැන් රහිත දත්ත සම්ප්‍රේ­ෂණ (Dish) ආධා­රක මඟින් සප­යනු ලබන අන්ත­ර්ජාල සේවා­වක් ලෙස වසර 2020දී ආරම්භ කරනු ලැබූ එම අන්ත­ර්ජාල සේවාව මේ වන විට රට­වල් 130කට ආසන්න ප්‍රමා­ණ­යක ව්‍යාප්ත වී ඇති අතර, භූතා­න­යට සහ ඉන්දි­යා­වට පසු දකුණු ආසි­යා­තික රටක ස්ටාලින්ක් අන්ත­ර්ජාල සේවාව ආරම්භ කළ තුන් වැනි රට ශ්‍රී ලංකාව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව විශා­ල­තම චන්ද්‍රිකා සමූ­හය ක්‍රියා­ත්මක කරන්නේ ස්ටාලින්ක් ආය­ත­නය වන අතර, දැනට චන්ද්‍රිකා 6,750කට අධික ප්‍රමා­ණ­යක් කක්ෂයේ තබා ඇත.

අධි­වේගි අන්ත­ර්ජාල සම්බ­න්ධතා සහිත එම සේවාව තුළින් කිසිදු බාධා­ව­කින් තොරව අඛ­ණ්ඩව එකම වේග­ය­කින් අන්ත­ර්ජාල පහ­සු­කම් ලබා­ගත හැකි බවට සැල­කෙන ස්ටාලින්ක් අන්ත­ර්ජාල සේවාව නිශ්චිත මාසික ගාස්තු­වක් යටතේ සීමා­ව­කින් තොරව අන්ත­ර්ජා­ල­යට පිවි­සීමේ හැකි­යාව ලැබෙන බවත් එම පහ­සු­කම ලබා­ගැ­නීම සඳහා සවි කර­ගත යුතු චන්ද්‍රිකා දත්ත සම්ප්‍රේ­ෂණ ආධා­ර­ක­යක් මිල දී ගත යුතු බවත් වාර්තාවේ.

ශ්‍රී ලංකාවේ දැනට පව­තින ෆයි­බර් තාක්ෂණ අන්ත­ර්ජාල සේවාව මෙන් කිහිප ගුණ­ය­කින් මෙම අන්ත­ර්ජාල සේවාව වේග­වත් වීම නිසා හා ලෝකයේ ඕනෑම ස්ථාන­යක සිට මෙම සේවාව ලබා ගැනී­මට මෙම­ඟින් හැකි­යාව ලැබෙනු ඇතැයි විශ්වා­සය පළ කෙරේ

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *