මහරගම අපේක්ෂා රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්

img_2567-1.jpg

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා දෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක් රෝහලේ නොමැති බව රෝගීන් පවසති.

රෝගීන් පවසන්නේ එම ඖෂධ පිටත ෆාමසිවලින් මිලදී ගැනීමට සිදුවී ඇති අතර ඇතැම් ඖෂධ පිටත ඔසුසල් වලද නොමැති බවයි.

ජනාධිපති සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සිය අවධානයක් කඩිනමින් යොමු කර ඖෂධ නොමැති අන්ත අසරණ වී ජීවිතයත් මරණයත් පොර බඳින සිය රෝගයෙන් ඉල්ලා සිටියි.

පිළිකා රෝගීන්ට ශරීරය සුදු රුධිරාණු නැවත නිෂ්පාදනය වීම සඳහා නයිට්‍රජන් එන්නත පිටත ෆාමසිවලින් ලබා ගැනීමට රුපියල් 16,000 පමණ මුදලක් වැය වනු නමුත් එම පිටතින් මිලදී ගැනීමට නොමැති නිසා එම රෝගී හෝ අන්ත අසරණ වි සිටියි.

එම රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ බෙහෙත් වර්ග කිහිපයක හිඟයක් පවතින අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවයි.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *