කන්ටේනර් 323 ක් නිදහස් කිරීමේ සිද්ධිය මහා වංචාවක් : වරාය නියෝජ්‍ය ඇමති රුවන්ට එරෙහිව CID යට පැමිණිල්ලක්
කිසිඳු රේගු පරීක්ෂාවකින් තොරව කොළඹ වරායේ රතු සලකුණු යෙදූ බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව වරාය කටයුතු නියෝජ්‍ය ඇමති රුවන් කොඩිතුවක්කු පිළිබඳව ද විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනුකර ඇත.
අදාළ පැමිණිල්ල පොදුජන තරුණ එකමුතුව විසින් සිදුකර තිබේ.
එහිදී වරාය නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව දැනුවත් බව සහ ප්‍රශ්නයක් ඇතොත් රජයක් ලෙස එහි වගකීම ගැනීමට සූදානම් බව පවසමින් මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශයක් ද ඉදිරිපත් කර තිබේ.
මෙහිදී පැමිණිලිකාර පාර්ශ්වය පවසා සිටියේ වරාය නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු ජනවාරි 24 සිදුකළ ප්‍රකාශය හරහා අදාළ බහාලුම් නොදන්නා තැනකට ගිගින් නොමැති බවද සඳහන් කර ඇති බවයි.
එබැවින් මේ පිළිබඳව විමර්ශනයක් සිදුකර සත්‍ය අනාවරණය කළ යුතු බවද ඔවුන් පවසයි
