රාජිත අත්අඩංගුවට?

img_2556-1.jpg

තමන් අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් අද දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිය නොහැකි බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා නීතීඥවරයකු මාර්ගයෙන් එම කොමිසම වෙත දැනුම් දී ඇත.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව කොරියානු සමාගමකට ලබා දී රජයට පාඩුවක් සිදුකර ඇති බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (02) පෙරවරු 9.30 ට අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස රාජිත සේනාරත්න මහතාට එම කොමිසම දැනුම් දී තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධව රාජිත සේනාරත්න මහතාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබේ.

මේ අනුව ඉදිරි දින කිහිපය තුළදී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙක් අප කළ විමසුමකදී පැවසීය

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *