විශේෂඥ වෛද්‍යවරිය අත්අඩංගුවට ගැනීමේ නොපෙනෙන කතාව… | Keerthi Rathnayake
විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න අත්අඩංගුවට ගැනීම ආන්දෝලනාත්මක සිදුවීමකි.
මෙම සිදුවීම ළඟ පිකප් ජනයාට ආනන්දයක් ගෙන දුන්නද එය නොබෝ දිනකින් ආණ්ඩුවට බැක් ෆයර් වන බව පරිපාලන සහ නීති විශාරදයන් පවසති.
පසුබිම් සෝදිසි…
මේ වන විට ඉන්දියාව සහ ලංකාව අතර රහස් ගිවිසුම් ගණනාවක් අත්සන් කොට ඇත.

ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය (Indian Pharmacopoeia Commission) සහ ලංකාවේ ඖෂධ නියාමන අධිකාරිය ගිවිසුමකින් බැඳීමට නියමිතය.
විජිත හේරත් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් පවා කර ඇත.
ඒ අනුව ඉදිරියේදී ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය අනුමත කළ ඖෂධ පරීක්ෂාවකින් තොරව ලංකාවේ වෙළඳපළට නිකුත් කළ හැකි වනු ඇත.
ඉන්දීය ඖෂධ කර්මාන්තය සහ ඒ හා බැඳුණු මාෆියාව…

ප්‍රමාණාත්මකව ඉන්දියාව ලෝකයේ 3 වන විශාලතම ඖෂධ නිෂ්පාදකයා වෙයි.
ශ්‍රී ලංකාවට ආනයනය කරන ඖෂධ වලින් 80% ක් එන්නේ ඉන්දියාවෙනි.
ඖෂධ මාෆියාව අතින් ගත් කල අංක එක ඉන්දියාවය.
මහේෂි විජේරත්නගේ යටගියාව…
ඇයගේ පියා ජනපති ජේ.ආර්.ජයවර්ධන ආණ්ඩුවේ වරාය නියෝජ්‍ය අමාත්‍ය වූ මහේන්ද්‍ර විජේරත්නය.
ඇය දිනේෂ් ගුණවර්ධන නොහොත් බොරලුගොඩ පවුලේ ඥාතියකි.
මහේෂිගේ පියාගේ සහෝදරයා ස්විස්ටර්ලන්තය සහ ජර්මනියෙන් ඖෂධ ආනයනය කළ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකි.
ඇය වෛද්‍ය උපාධිය සහ පශ්චාත් අධ්‍යාපනය හදාරා ඇත්තේ බටහිර රටවලය
ඇය ඉන්දීය ඖෂධ ප්‍රතික්ෂේප කල තැනැත්තියකි.
ආසන්නතම සිදුවීම…
මහේෂි මාස තුනකට පෙර, ඉන්දීය සමාගමක් එවූ ඖෂධ බ්‍රීෆ් කේස් එකක් ප්‍රතික්ෂේප කොට විසිකර දමා ඇත.
මහේෂිට එරෙහි චෝදනාව කුමක්ද?
ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය වෛද්‍ය අයිටම 2ක්, මහේෂිට හිතවත් ආයතනයකින් ලබා ගැනීමට නිර්දේශ කිරීම සහ එනයින් රෝගීන්ට පාඩුවක් කිරීමය.
මහේෂි මියගිය රෝගීන්ට සැත්කම් කළාද?
මෙම චෝදනාව CID යේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ අතේ රෝලක් වීමට වැඩි ඉඩක් ඇත.
මක්නිසාදයත් රෝහල් ක්‍රියා පටිපාටිය අනුව වෛද්‍යවරයෙකුට තනිව සැත්කමක් කළ නොහැක.
වාට්ටුවේ වෛද්‍යවරු, නිර්වින්දන වෛද්‍යවරු ඇතුළු පිරිසක් සැත්කමට එක් විය යුතුය.
සිද්ධිය පිටුපස ඉන්දීය ඖෂධ මාෆියාව සිටිය හැකිද?
ජනාධිපතිවරණයට පෙර අනුර ඇතුළු පිරිවර ලෝකය වටා ගොස් මුදල් එකතු කළහ.
දෙස් විදෙස් දූෂිත ව්‍යාපාරිකයන් අනුරගේ කැම්පේන් එකට මුදල් පොම්පකොට ඇති බව මේ වන විට හෙළිදරව් වෙමින් පවතියි.
මැතිවරණයෙන් පසු හාල් මිල, ලුණු මිල අභව්‍ය ලෙස ඉහල ගියේ දූෂිත ව්‍යාපාරිකයන්ගේ සැලසුම් අනුව යයි චෝදනාවක් ඇත.
ගෘහස්ථ සූර්ය විදුලිය මිලදී ගැනීම කප්පාදු කළේ ජාවාරම්කරුවන්ගේ ඉල්ලීම අනුව බවට චෝදනාවක් ඇත.
ඉන්දීය මැතිවරණ සමයේ ඊනියා ගුජරාට් ගුවන්තොටුපොළ ප්‍රහාරය සජීවීකරණය කිරීමට මෙරට මුස්ලිම් තරුණයන් නිකරුණේ අත්අඩංගුවට ගත් බවට චෝදනාවක් ඇත.
ඊශ්‍රායලයට සහයෝගය දෙනු වස් ආරුගම්බේ සිදුවීමේදී මෙරට මුස්ලිම් තරුණයන් නිකරුණේ අත්අඩංගුවට ගත් බවට චෝදනාවක් ඇත.
කරුණු එසේ නම් ඉන්දීය විරෝධී වෛද්‍යවරිය අත්අඩංගුවට ගැනීම පිටුපස කොනක ඉන්දීය ඖෂධ මාෆියාව සිටීමට ඕනෑ තරම් ඉඩ ඇත.
(ගවේෂණාත්මක මාධ්‍යවේදී කීර්ති රත්නායකගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගනලදී.)
