ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

img_2477-1.jpg

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අංක 18 දරන (Ward 18) ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward ) තාවකාලිකව වසා දමා ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.


ඒ, එම වාට්ටුවේ ප්‍රධානියාව සිටි ස්නායු ශල්‍ය විශේෂඥ මහේෂි විජේරත්න පසුගියදා අත්අඩංගුවට ගෙන් රිමාන්ඩ් භාරයට පත් කිරීමත් සමගය.

එම සිද්ධියෙන් පසු එම වාට්ටුවට රෝගීන් ඇතුලත් කිරීම අත්හිටුවා ඇති බවත්, සියලුම ස්නායු අබාධිත රෝගීන් කොළඹ ජාතික රෝහලට අනුයුක්ත කිරීමට කටයුතු කර ඇති බවත් ඉහත ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි.

ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝගී වාට්ටුවේ ICU ඇඳන් 06, HDU ඇඳන් 04 සහ සාමාන්‍ය රෝගීන් 24 දෙනෙකු සඳහා ප්‍රතිකාර ගැනීමට ඉඩ පහසුකම් ඇත. එමෙන්ම මුදල්ගෙවා ප්‍රතිකාර ලැබීමේ කාමර දෙකකින් ද එම ඒකකය සමන්විතවේ.

“නිරුවත් සැබෑ සත්‍යයට දිලිසෙන සළුපිළි අන්දවා මේකප් දැමීමෙන් එය අසත්‍යවේ. ජපුර දොස්තර නෝනාගේ කේස් එකටත් එසේවන ලකුණු.” – Mahinda Deshapriya

ස්නායු ශල්‍ය විශේෂඥ මහේෂි විජේරත්න පසුගියදා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ මත පලවෙමින් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ අදහස් පළකර ඇති මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයකු මෙන්ම ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන මහින්ද දේශප්‍රිය පවසන්නේ, “නිරුවත් සැබෑ සත්‍යයට දිලිසෙන සළුපිළි අන්දවා මේකප් දැමීමෙන් එය අසත්‍යවේ. ජපුර දොස්තර නෝනාගේ කේස් එකටත් එසේවන ලකුණු.”

Mahinda Deshapriya ගේ එම සටහනේ මෙසේද සඳහන් වේ.

රටේ ඉන්න බයියොන්ට ආතල් දෙන්න ගිහින් වැඩේ හා ගන්න යන්නෙ.

මේක මේ අපි වගේ සාමාන්‍ය අයට තේරෙන කේස් එකක් නෙමෙයිනෙ.

“හැම තැනම ගන්න තියෙන item එකක් තමන්ට අයිති තැනින්ම ගන්න කියලා, ඒක ඉතා වැඩි මුදලට විකුණ්නා”වගේ එකක් නම් තේරෙන්වා.

ඒ නැතුව,

“මොළේ මැරිලද නැද්ද? මොළේ මැරෙනවා නම් කරනෝන මොනවාද? මොළේ ඔපරේෂන් කරන විදිහ මොකක්ද? ඔපරේෂන් කරද්දි මොළේ කෑලි අයින් කරනවාද?” වගේ මෙලෝ හත්තිලව්වක් දන්නෙ නැතුව, බලන් හිටියා වගේ මෙහෙම නිව්ස් ගහන එකෙන් මේ නඩුව ජෝක් කරන්න යන්නෙ කාගෙ උවමනාවටද මන්දා. මේ සීන් ගැන දන්න අය මේ නිවුස් උපහාසයෙන් ශෙයා කරලා තිබ්බා.

එක දොස්තර මහත්මයෙක් එහෙම කෑලි ගලවපු මොළයක ස්කෑන් ෆොටෝත් දාලා තිබ්බා. “අයින් කරන කෑලි ගෙදර ගෙනියන්නෙ නෑ” කියලා.

අර සාෆිගෙ කේස් එක ආව වෙලාවෙත් බයියො චූන් කරන්න කවුරු හරි කියන එකක් අහගෙන ඒකට අතිනුත් දාලා පත්තරයි වෙබ් පඩංගුයි ලියපුවා මතකනෙ, පැලෝපීය නාලෙ ගැටගහනවා බලන් හිටපු උන්නෙ ඒ කාලෙ වැඩියෙන් හිටියෙ.

වෛද්‍ය සභාවෙ ප්‍රාමාණික දැනුම තියෙන අයගෙ උපදෙස් අරගෙන අල්ලස් කොමිසමයි, නීතිපති දෙපාර්තමේන්තුවයි නඩුව ඔප්පු කරන්න වැඩ කරාවි. 

ඒ අයට මේ වැඩේ කරන්න දීලා ගොසිප්picco පැත්තකට උනා නම් ෂෝක්. 

සටහන| මහින්ද දේශප්‍රිය
Mahinda Deshapriya
mahindadeshapriya@yahoo.c

”corruption සහ malpractice කියන්නෙ දෙකක්”

මේ සිද්ධිය සම්බන්ධයෙන් Kassa ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

අල්ලස් කොමිෂමෙන් neurosurgeon අල්ලපු එක වැරදිද කියල මගෙන් අහන්ඩ දෙයක් නෑ . මෙච්චරකල් එහෙම නොකරපු නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ. හැබැයි corruption සහ malpractice කියන්නෙ දෙකක්.

malpractice ගැන විවේචන කරන්න, ඕන ඔලමොට්ටලයෙකුට බෑ. වෙනස් ක්ෂේත්‍රයක් ගැන කියන්න ඕන නම් ඒකෙ technicality එක දැනගෙන ඉන්න ඕනෙ. සාමාන්‍ය ක්ෂේත්‍රයක උනත් අමාරුවෙන් තමයි කරන්න පුළුවන්. scientific field එකක් ගැනනම් එයිට වඩා අමාරුයි. Medical science ඊටත් වඩා අමාරුයි. Neuroscience තවත් අමාරුයි. Neurosurgery එතනිනුත් එහා. මොකද ඒක ඉතාම සංකීර්ණ, තාක්ෂණිකව අභියෝගී, වේගයෙන් වෙනස්වෙන, අධික ලෙස ප්‍රායෝගික ක්ෂේත්‍රයක් නිසා.

මේ හේතුව නිසා neurosurgery වගේ technically advanced field ගැන දියුණු සමාජවල අනිත් අය වාචාල දොඩවන්නෙ නෑ. එහෙම discipline එකක් හැදිල තියන්නෙ කොහොමද කියල මන් දන්නෙ නෑ. ඒ  නිසා ඒ රටවල ජනමාධ්‍යවත්, අල්ලස් කොමිසමවත් involve වෙන්නෙ නෑ. මොකද ඒක හ‍රි අමනෝජ්ජයි සහ විහිලු සහගතයි. ඒක බාරදෙන්නෙ අදාල professional body එකට.

(මෙතනනම් මටත් පොඩි ප්‍රශ්නයක් තියනවා. නීති පිලිබඳ මගෙ ප්‍රශ්නයක් මන් legal body එකට දුන්න, එතන තියන intellectual failure එකයි professional  corruption එකයි කොහොමද කියනවනම් සරල වාක්‍යක නෛතික වටිනාකමයි Civil Procedure Code එකයි Judge ට පෙන්නන්ඩ උනෙත් මට, ලංකාවේ මිනිස්සු පව්. lawyers ලයි judges ලයි run කරන proffessional corruption එකයි bribary concern එකයි ගැන commission එකට කිව්වම ඒක එයාලට අදාල නෑ කිව්වා. ඔය  ගැන බලන්ඩ ඕන proffessional body එක තමයි judicial service commission එක. එකෙන් කිව්වෙත් involve වෙන්න  බෑ කියල.  That’s How other fields function )

Media and authorities are making use of public ignorance and professional jealousy for undue gains.  

1. neurosurgeon ල ඔපරේෂන් කරහම මොළේ කෑලි ගලවනවද ?

ඔව් ඔව්, ඒක තමයි job එක. ඕන කෑලි ඉතුරුකරලා එපා කෑලි ගලවනවා

2. හොඳ neurosurgeon  කෙනෙක් කියන්නෙ ලෙඩ්ඩුන්ට කවදාවත් මැරෙන්ඩ දෙන්නේ නැති කෙනෙකුටද ?

එහෙම උන් මේ ලෝකෙ නෑ . ඕනෑම මොළේ ඔපරේෂන් එකක අතුරු අබාධයක් විදියට ජීවිතේ නැතිවෙන්න පුළුවන් බව දන්නවා කියල අත්සන් කරේ නැත්තන් ලෝකේ කොහෙවත් ඔපරේෂන් එක කරන්නෙ නෑ.

3. neurosurgeon ල මොළේ මැරිච්ච ලෙඩ්ඩුන්ගේත් ඔපරේෂන් කරනවද ?

ඔව්. මමත් කරනවා. මේ කියන්නේ මැරිල එම්බාම් කරල ඉන්න මළමිනී පෙට්ටියෙන් නැගිට්ටවගෙන ඇවිත් ඔපෙරෂන් කරනවා නෙමෙයි. ICU එකේ මැෂින් වලට හයිකරලා ඉන්න ලෙඩ්ඩු හොඳවෙන්නෙ නෑ  කියල තේරුනාම නිකම්ම මැෂින් එකෙන් ගලවන්න බෑ. මොකද උසාවියට ඕක තේරුම් කරනවට වැඩිය ලේසියි ටික කාලයක් හිරේ ගිහින් එන එක. ඒ නිසා මොළේ ලෙඩක් තියෙනවනම් මොළේ pressure එක නිසා නෙමෙයි බේරගන්ඩ බැරි කියල proove කරගන්ඩ ඕනේ. ඒ වෙලාවට තමයි ඔය EVD බටේ දාල මස්තිෂ්ක තරලේද මොකක්ද එක එලියට දාල pressure නෝමල් කියල පෙන්නන්නෙ. එහෙමත් බැරිනම් ඔලු කට්ට ගලවනවා, සමහර වෙලාවට මොළේ කෑලිත් ගලවල බලනව.

ගලවන කෑලි මන් දන්න තරමට neurosurgeon ල ගෙදර ගෙනියන්නෙ නෑ .

වැඩක් නැති බව දැන දැනත් ඕව  කරන්ඩ තව හේතුවක් තමයි ලංකාවේ මිනිස්සුන්ගෙ attitude එක. දියුණු සමාජ වල ලෙඩාගේ තත්වය කිව්වම මිනිස්සු කැමති වෙනවා එතනින් එහාට මොකුත් නොකර ඉන්න. අනවශ්‍ය වියදම, සම්පත් අපතේයාම, තව ලෙඩෙකුට තියන චාන්ස් එක නැතිවීම වගේ දේවල් ගැන ඒ මිනිස්සු හිතනවා.  මෙහෙ කොහොමද කියනවනම් ජනාධිපති ලේකම්ගෙන් ලියුනුත් අරන් එනවා.

Neurosurgery is an extremely risky job in an uneducated, undisciplined, corrupted society. 

මොළේ ඔපරේෂන් ගැලපෙන්නෙ මොළේ තියන සමාජයකට !

Copied Dr. Chula kanishka (Con. Neurosurgeon)

මේ ලීඩර් වෙබ් අඩවියේ පලවූ පුවතයි.

About Author