සජබ සාමාජිකයෙක් පක්ෂයෙන් දොට්ට…

img_2400-1.jpg

සමගි ජන බලවේගය විසින් තවත් පක්ෂ සාමාජිකයෙකුගේ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.

සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සිය පක්ෂයේ කළමනාකරණ කමිටුවේ හා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව පුත්තලම මහ නගර සභාවේ සභාපති හා උප සභාපති පත් කිරීමේ දී කටයුතු නොකිරීම මීට හේතුව බවයි.

ඒ අනුව පක්ෂ සාමාජිකත්වය තහනම් වී ඇත්තේ එන්. එම්.එන්. නුස්කි සභිකයාගේ බවටත් වාර්තා වනවා.

About Author