උඩරට මාර්ගයේ දුම්රිය කටයුතුවලට බාධා

img_2399-1.jpg

කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ බලවේග කට්ටල දුම්රියක් රඹුක්කන දුම්රිය ස්ථානයේදී පීලි පැනීමට ලක්වීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය කටයුතු සඳහා බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට සම්පූර්ණයෙන්ම බාධා එල්ල වී ඇති අතර බස් රථ යොදවා මගීන් ප්‍රවාහනය කිරීමේ කටයුතු සිදුකරන බවද දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු පැවසීය.

මේ වනවිට පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබුණ ද ඒ් සඳහා සැලකිය යුතු වේලාවක් ගතවෙනු ඇති බවද ඔහු සඳහන් කරයි.

About Author