මියගිය තරුණයාගේ අවසන් කටයුතු අද..කහවත්ත උණුසුම්… කදුළු ගෑස් ගහයි..
කහවත්ත – ඇන්දාන ප්‍රදේශයේදී වෙඩි පහරින් මියගිය තරුණයාගේ අවසන් කටයුතු අද (ජූලි 3) සිදුකෙරුණු අතර, ඉන් අනතුරුව කහවත්ත – පලංසූරියගම ප්‍රදේශයේදී පොලිසිය සහ ප්‍රදේශවාසීන් පිරිසක් අතර නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට සිදුවිය.
මියගිය තරුණයාගේ අවමංගල්‍ය කටයුතු අවසන් වීමෙන් පසු, විශාල පිරිසක් පලංසූරියගම ප්‍රදේශයේ පදිංචි අමිත නැමැති පුද්ගලයාගේ නිවස ඉදිරිපිටට රැස්වී ඇත. මෙම අමිත නැමැත්තාට, තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.
ප්‍රදේශවාසීන් පිරිසක් මෙලෙස එක්රැස්වීමත් සමඟ එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් සහ ඔවුන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.
තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වූ අවස්ථාවේදී පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර විරෝධතාවයේ නිරතව සිටි පිරිස විසුරුවා හැරීමට කටයුතු කර ඇත.
මෙම සිද්ධියෙන් කිසිවෙකුට තුවාල සිදුවී ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැත.
මීට දින කිහිපයකට පෙර කහවත්ත – ඇන්දාන ප්‍රදේශයේදී මාංචු දමා දණගස්සවා වෙඩි තැබීමෙන් මෙම තරුණයා මියගිය බවට වාර්තා විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
