ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසියෙන් පසු අපරාධකරුවන් රඳවාගන්න අලුත් නීතියක්’- මහජන ආරක්ෂක ඇමති
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමෙන් පසු සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අදාළ නව නීති ප්‍රතිපාදන ගෙනෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය.
ඊට හේතුව ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වන විට ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹ ඇති බැවින් අත්අඩංගුවට පත් සැකකරුවන් දැනට රඳවාගෙන ප්‍රශ්න කරන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදනවලට යටත්ව බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
ඒ අනුව, එම පනත අහෝසි වීමත් සමග රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ගැනීම හා ඔවුන් ප්‍රශ්න කිරීමටත් අදාළ නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා පැවසීය.
අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශය මැදිහත්ව මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය
