‘නැගෙනහිර දරුවන් 304ක් ගිය වසරේ දී අපයෝජනය කරලා’
2024 වසරේ දී නැගෙනහිර පළාතේ වයස අවුරුදු 16 අඩු දරුවන් 304 දෙනකු ලිංගික අපයෝජනයට ලක්ව ඇතැයි නැගෙනහිර දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පැවසීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මේ බව පැවසුවේ නැගෙනහිර පළාතේ ආරම්භ කිරීමට නියමිත ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ සමාරම්භක රැස්වීමේදී ය. එම ව්‍යාපෘතිය ‘‘සරෝජා‘‘ නමින් නම් කර ඇත.
නැගෙනහිර පළාතේ අනාරක්ෂිත දරුවන්ට සිදුවන ලිංගික අතවර ලිංගික හිංසන නැවත්වීමට ‘‘සරෝජා‘‘ ව්‍යාපෘතිය අදහසයි.
නැගෙනහිර පළාතේ ඊයේ දවසට පමණක් දරුවන් දෙදෙනකු ලිංගික අතවරයකට ලක්ව ඇති බව සදහන් කළේය.
ගත වූ වසර 5 තුළ වාර්තා වූ ළමා ලිංගික අපයෝජන
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වෙබ් අඩවියට අනුව 2020 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළදී දරුවන් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිදුවීම් 3,083ක් වාර්තා වී තිබේ.
එමෙන්ම මෙම කාල සීමාව තුළදී ළමුන් 627 දෙනෙකු දූෂණයට ලක්වී ඇති බව එම වෙබ් අඩවියේ ඇති දත්ත අනාවරණය කරයි.
(මුලාශය | lankadeepa )
