මහේෂි විජේරත්නගේ දියණිය ඇත්තටම අල්ලස් කොමිසමට මරණ තර්ජනය කළාද..
රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේසි විජේරත්නගේ දියණිය විසින් විමර්ශන නිලධාරීන්ට මරණ තර්ජන කළ බවට අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මියට දැනුම් දුන්නේය.
නමුත් මේ කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් සහ ගෙතු කතාවක් බවත් මහේෂි විජේරත්නගේ දියණිය පවසා ඇත්තේ තම මවට ඇප ලබා නොදුන්නොත් (“මම මැරෙණවා”) තමා විසින් සිය දිවි හානි කරගන්නවා ලෙස පමණක් බවත් විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි..
මෙම දියණියට ඇත්තේ තම මව පමණක් වන බැවින් දැඩි මානසික ආතතියකින් පෙළෙන බව තවදුරටත් දැනගන්නට ලැබී ඇත..
සැකකාරියගේ දියණිය මෙසේ මරන තර්ජන කළ බව අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටි ආරච්චි මහත්මිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.
තම මවට ඇප දෙන්නැයි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා මගින් මෝසමක් ඉදිරිපත් කරමින් කරුණු ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදී මෙම මරණ තර්ජන කර ඇති බව
පැවසූවද දියණිය දැන් සිටින තත්ත්වය අනුව ඇය විසින් සිය දිවි හානි කර ගන්නා බවක් ප්‍රකාශ කර බව සත්‍ය කතාව බව මෙයින් පෙනී යයි..
කෙසේ වෙතත් අල්ලස් කොමිසමේ නිලධාරීන් කෙසෙල් වත්ත පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර ඒ අනුව මහේෂි විජේරත්න මහත්මියගේ දියණියත් අද දින කුරුඳුවත්ත පොලීසියට ඇයගේ නීතිඥ චරිත ගුණරත්න මහතා සමග ගොස් ලිඛිත කට උත්තරයක් ලබා දී ඇත.
ඒ අනුව මෙය බැලූ බැල්මට පෙනෙන්නේ පළිගැනීමේ චේතනාවෙන් සිදු කරන ලද ක්‍රියාවක් බවයි.
මේ ආකාරයටම වෛද්‍ය සාෆි මහතාට ද චෝදනාවක් එල්ල වූ අතර එහිදී ඔහු සහ ඔහුගේ පවුලේ උදවිය පවා දැඩි මානසික පීඩනයකට ලක් වූ අයුරු අපිට මතක ඇත. නමුත් අවසානයේදී වෛද්‍ය සාෆි මහතා අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලද අතර එම ක්‍රියාවේම දෙවැනි කොටස ලෙස මහේෂි විජේරත්න වෛද්‍ය තුමියගේ මෙම නාඩගම පෙන්වාදිය හැක
