ඇලවුන පීසා කුලුන

0

අහලා තියෙනවා නේද ලෝකේ පුදුම හතක් ගැන… ඒ ලෝක පුදුම හත කාලෙන් කාලෙට වෙනස් වෙලා තියෙනවා ……එක එක අලුත් ඒවා එකතු වෙලා…ලැයිස්තු ගොඩයි….
ලන්කාවෙ සීගිරියත් අටවෙනි පුදුමය කිව්වට එකතු කලාද මන්දා…
ඔය කොහොම කලත් ….තිබුනත් ඒ පුදුම කීපයකින් දෙකක් මම ඇත්තටම දැකලා තියෙනවා ..ඒ ඉතාලියේ රෝමයේ තියෙන කොලෝසියම් (Collossium) එකත් පුන්ශයේ තියෙන අයිෆල් (Eifel) කුලුනත්……. අයිෆල් කුලුන ගැනත් ලියන්නම් වෙලාවක…

මේ ලියන්න යන්නෙ ඒ වගේම පුසිද්ධ ඒ ලැයිස්තුවේ නැතත් පුදුම කුලුනක් ගැන….
ඒක තමයි ඇලවුන පීසා කුලුන….
මේ ඇලවුන පීසා කුලුන (Leaning Tower of Pisa) ඉතාලියේ පීසා කියන නගරයේ පිහිටා තිබෙන ලෝකය පුරා පුසිද්ධ අංශක හතරක විතර ඇලවුමක් තියෙන ලස්සන කුලුනක්. ඊට හේතුව ලෙස කියන්නෙ අස්ථාවර පදනමක් මත දාපු අත්තිවාරමක් නිසා කියලයි…
ජීවිතයත් එහෙමනේ ..හයි හත්තිය නැති අත්තිවාරමක් උඩ ගොඩනැගුවොත් හැමදාම …ජීවිතකාලයටම හෙලවෙනවා…..කොයි වෙලේ කඩාවැටෙයිද බයයි….කඩා නොවැටෙන ස්ථාවර බවක් නැති නිසා අවිනිශ්චිතයි…ඉතින් අත්තිවාරම හරියට දාගන්න ඕනෑ අපි හැමෝම…
කතාවට එන්නම් …ආයෙත්..

මේක පිහිටලා තියෙන්නෙ පීසා (Pisa) කියන සුන්දර නගරයේ එහි පුධාන දේවස්ථානයේ පිටුපසින්…(Pisa Cathedral) ඒ දේවස්ථානය ත් ඒ නගරයේ පරනමගොඩනැගිලි අතර තුන්වන ස්ථානයේ තියෙන නිසා ලොකු වටිනාකමකින් යුක්තයි… මේ පීසා කුලුන උස මීටර 55.86 ක් වන අතර (අඩි 183ක්) පඩි 286කින් සමන්විතයි..කැරකි කැරකි නැගලා උඩට ගිහින් වටපිට සිරි නරඹන්න පුලුවන්…ඒකට ගෙවීමක් කරන්න ඕනෑ..

දොළොස්වන ශත වර්ෂයේ විතර හදන්න උන මේ කුලුන ..ඒ කියන්නෙ 1172 විතර පටන් ගත්ත කුලුනෙ වැඩ…අවුරැදු හයක් විතර යනකොට තමයි දැනිලා තියෙන්නෙ ගිලා බසින බව…එතකොට දෙවනි තට්ටුව නිර්මාණය කරන්න පටන් අරන්.. කොහොම හරි හදලා ඉවර වෙද්දි ඒවට පුතිකර්ම කරලා 1990 අවුරැද්ද වෙනකොට කුලුන අංශක 5.5 ක් දක්වා ඇලවෙලා…ඒ හදපු බිමේ පසේ මෘදු බව නිසා ටොන් 14500 විතර උන කුලුනෙ බර දරා ගන්න බැරිව… එක එක පුතිකර්ම වලින් කුලුන ගිලා බැසීම නැවැත්තුවාට අදටත් ඒක ඇලවෙලා……
…1993සිට 2001 අවුරැද්ද දක්වා කල් නෙයෙක් තාක්ශනික දේවල් වලින් එය අංශක 3.97ක් දක්වා අඩු කලත් සම්පූර්න කෙලින් කිරීමක් කල නොහැකි වෙලා තියෙනවා.

ඒත් මම.හිතනවා ඕක කෙලින් හදපු සාමාන්‍ය කුලුනක් උනානම් අදටත් ඒක නිකන්ම නිකන් කුලුනක් වෙන්න තිබුනා…කුලුන ඇලවුන නිසාම ලෝක පුකට වෙච්ච මේ පීසා ඇලවුන කුලුන අභියස දවසකට දාස් ගනනක සෙනග මුලු ලොකේ හතර අතින් ගලාගෙන එනවා….
මොන තරම් ආදායමක් උපයන ද දවසකට…කී දෙනෙක් ජීවත් කරවනවාද වටපිටාවක නානාප්‍රකාර වෙළදාම් වලින්…
පලවෙනි සැරේ නම් ඔක්කොම හරියටම බලා ගත්තා ගිය වෙලාවෙ..දෙවනි තුන්වන සැරේ යද්දි නම් කුලුන නගින අයට නගින්න කියලාව මම අපූරැවට කඩපේලි අස්සෙ ඇවිද්දා…

ඒ කුලුනු නගින්නත් නික්ම බෑ.. යූරෝ 18ක ටිකට් එක අරගෙන …ඊට පස්සෙ කට්ට අව්වෙ පෝලිමේ ඉන්න ඕනෑ…සීමිත පුමානයයි එකසැරයකට යවන්නෙ…ගිය ඈයෝ ආයේ බහිනකම් ඊගාව කට්ටිය ඉන්න ඕන..ඉතින් අච්චර පෝලිමේ ඉදලා නැගපු ඈයෝ ගිය ඉක්මනට එනවද..උඩ පොටෝ අල්ලලා ඉදලා එද්දි සෑහෙන වෙලාවක් ..

මම වගේ ලලනාවක් ගියොත් ඉතින් පඩියෙන් පඩිය පොටෝ අල්ලන්නම සෑහෙන වෙලාවක් … නොවෑ….
කොහොම හරි හොදම හිනා යන වැඩේ එලියේ පිට්ටනිය ..එක එක මනුස්සයින්ගේ ඉරියව් බලන් ඉදලා හිනාකාලා මැරෙනවා…
පීසා කුලුන ඇගිලි දෙකට හව් කර ගන්න දගලන ඈයෝ…අත් දෙකේ පුමානයට හසුකර ගන්න දගලන ඈයෝ නානාප්‍රකාර විදිහට දඟලනවා..බිම කනු උඩ නැගගෙන ..බිම නිදියගෙන ඒවට හැදෙන්නෙ…ඒවා බලා ඉදීම වෙනම විනෝදයක්…
තව අලුත විවාපත් යුවලවල් ෆොටෝ ෂූට් වලට ඇවිත් …ජීවිතයේ මතක සැමරුම් එකතු කරන්න…
කන්න කෑම බීමට ඕන තරම් …රසම විවිධ හිමකිරම තියෙනවා එහේ….

එලියේ කඩ පේලි දිගට ඇවිද ගෙන යද්දි වෙලාවක් යනවා තේරෙන්නෙ නෑ…නා නා ප්‍රකාර සුකුරැත්තම් බඩු…අත්බෑග ඇදුම් විලාසිතා….සෑහෙන්න මිලෙන් අඩුයි .හෙට්ටු කරලා ගන්නත් පුලුවනි….
ඉතින් සුන්දර පීසා නගරයේ පීසා කුලුන තමා විශේෂ ..ඒ නිසාම අපි වෙන කොහේ හරි යන ගමන් ඒක බලාගෙන ගියා මිසක් එහි නතර උනේ නෑ…දවස් භාගයක් ඇති නිසා එතනට …දවසක් අපි එතන ගත කරලා ඊලග නැවතුම් පලට පිටත් උනා……

ආදරෙයි ..
ම-යෝ-මි

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *