ඉන්කා ශිෂ්ටාචාරය පැවති ප්‍රදේශය

0

ලතින් ඇමරිකාවේ පේරු රාජ්‍ය යනූ පැරනි ඉන්කා ශිෂ්ටාචාරය පැවති ප්‍රදේශයයි. නමුත් අද වනවිට පේරු රාජ්‍ය දරුනු ලෙස දේශගුණික විපර්යාසයේ බලපෑමට ලක්ව ඇත .ඔවුන් සතුව තිබු ගැලැසියර් කදු පද්ධතිය 80% පමන දිය වී ගොස් හමාරය. එම ගැලැසියර් කදු හරහා ගලා ආ සියලු ජල ධහරා වියලී ගොස් ඇත . දේශගුණික විපර්යාසයේ ඉදිරිපෙළ ප්‍රජාව (front line community ) ලෙස මොවුන් හැදින්විය හැක. පේරු රාජ්‍යයේ හුමන්ගා ප්‍රදේශයේ අයාකුචෝ (Ayacucho) නගරයට ආසන්නයේ පිහිටි චුරියා(Churia) ගම ආශ්‍රිත ප්‍රදේශයේ දේශගුණික විපර්යාසය පිලිබදව සිදු කරන අද්‍යන චාරිකාවකදී මට හමු වු මෙම ජන කන්ඩායම පිලිබදව මෙම සටහන තැබීමට සිතුනි. මෙම ජන කන්ඩායම ජීවත් වන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 4700 ඉහල ගමක වන අතර මීට වසර 35 කට පමන පෙර ඔවුන්ගේ ගම වටා ඇති කදුශිකර සියල්ලම ග්ලැසියර් ලෙස පැවතී ඇත . ඒ අතරින් වු අවසානම ගැලැසියරය වන සකාපි (Saqapi Hill) (මුල්ම ජායාරූපය) 2004 වසරේ සිට 2017 වසර කාලය තුල මුලුමනින්ම දියවී ගොස් ඇති අතර ඉතිරි වු ශේෂ කොටස් පමනක් තැනින් තැන දක්නට ඇත.

මෙම ප්‍රදේශයේ ජනතාව අල වගාව කරන අතර පේරු රාජ්‍ය පුරා අල වර්ග 4000 පමන තිබී ඇත . ලoකාවේ වගා කරන අර්තාපල් අලයේ මුල් ගමද පේරු රාජ්‍ය ලෙස සැලකේ . තවද මෙම ජන කොටස සත්ව පාලනයද මෙම කදු භූමිය තුල කරගෙන යන අතර විශේෂයෙන්ම ඇල්පකා (Alpaka)සහ ලාමා (Lama) යන සතුන් ඒ අතර වෙති . ඉතාම සරලව ජීවත් වන මෙම ජන කොටස දේශගුණික විපර්යාසයේ බලපෑම නිසා දිය වී ගිය ග්ලැසියර් කදු හේතුවෙන් උග්‍ර ජල හිගයකින් පීඩාවට පත්ව ඇත . නමුත් ඔවුන් දේශගුණික විපර්යාසය හොදින් හදුනාගෙන ඇත. ඒ පිලිබදව මනා දැනුමක් ඔවුන් සතුව ඇත. දේශගුණික විපර්යාසයට අනුගත වීම සදහා විවිධ උපක්‍රම අනුගමනය කරමින් , අත්හදා බලමින් සිටී.

නමුත් අපේ කුඩා දිවයිනේ ජීවත් වන ජනතාව අදටත් දේශගුණික විපර්යාස හදුනාගෙන නැත. පාලකයන් ද එසේමය .ඔවුන්ට හදුනා ගැනීමට අවශ්‍යතාවයක්ද නැත.එම නිසා තව තවත් වනාන්තර විනාශ කරමින් ස්වභාවික සම්පත් මoකොල්ලා කමින් පරිසරය උඩු යටිකුරු කරමින් සිටී

  • Janaka Withanage

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *