කළුවර ශාකය

0

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ඉන්දියානු කලාපයේ සීමිත රටවල් ගණනක දක්නට ලැබෙන සහ ශ්‍රී ලංකවේ වියළි කලාපීය හා අතරමැදි කලාපීය දේශගුණික තත්තව යටතේ මීටර් 20- 25 ක් පමණ උසට වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. මෙම ශාකය ශ්‍රී ලංකාවට දේශීය වූ ශාකයකි. කළුවර ශාකය අයත්වන Diospyros ඝණයේ තවත් ශාක 22 ක් පමණ ශ්‍රී ලංකාවේ දී හඳුනා ගෙන ඇත.

කළුවර ශාකය මුලින් ම උද්භිද විද්‍යාත්මකව හඳුනා ගෙන ඇත්තේ වර්ෂ 1776 දී Koenig නම් තැනැත්තා විසින් ශ්‍රී ලංකවේ දී වීම සුවිශේෂි කරුණකි. ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව පැවති සමයේ දී කළුවර දැව විශාල ලෙස අපේ රටේ වනාන්තරවලින් කපා විදේශවලට ගෙන ගිය බව කියැවෙන අතර, වර්ෂ 1910 දී කළුවර ටොන් 2635 ක් විදේශිකයන් වෙන්දේසි කළ බවට පොත පතෙහි සඳහන් වේ.

අතීතයේ සිට සිදුවූ මෙවන් අනර්ථකාරී ක්‍රියා හේතුවෙන් අද වන විට මේ වටිනා ශාකය විනාශයේ අභිමුවට පැමිණ තිබීම කනගාටුවට කරුණකි. කළුවර ශාකය ද සීමිත/ තහනම් දැවයක් ලෙස නම් කර ඇත අතර ප්‍රවාහන බලපත්‍ර ලබා දීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරයි. කළුවර කඳන් සහ ඉරූ දැව අපනයන ද තහනම් කොට ඇත. රාජ්‍ය දැව සංස්ථ වර්ගීකරණය අනුව අධි සුඛෝපභෝගී දැව වර්ගයකි.

කළුවර දැව ඝන මීටරයක් (මැද වට මීටරයක්) රු. 123,228.00 පමණ වේ. 2007 වර්ෂයේ ප්‍රකාශයට පත් කර ඇති රතු දත්ත පොතට (The 2007 Red List of Threatened Fauna and Flora of Sri Lanka) අනුව ශ්‍රී ලංකවේ වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති ශාක වර්ගීකරණයේ අන්තරායට ලක්වූ ශාක විශේෂයක් (Endangered – EN) ලෙසට නම් කොට ඇත.

මෙම ශාකයේ වැදගත්කම සැලකිල්ලට ගෙන රාජ්‍ය දැව සංස්ථාවේ පර්යේෂණ අංශය සහ පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය හා එක්ව මින්නේරිය රාජ්‍ය දැව සංස්ථා භූමියෙහි කළුවර ශාක සංරක්ෂණය සඳහා ජෛව විවිධත්ව උද්‍යානයක් පිහිටුවා තිබේ….

තොරතුරු අන්තර්ජාලයෙන්

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *