අගමැතිගේ ඉල්ලා අස්වීමට එරෙහි ජනතාව කොළඹට

0

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවට කතාවක් පැතිර යාමත් සමග අගමැති අවශ්‍ය බව පවසමින් කොළඹින් පිට පිරිස් පාර්ලිමේන්තු මන්ත්‍රින්ගේ සහාය ඇතිව  බස් රථ රුගෙන අරලියගහ මන්දියර ඉදිරියට 2022 මැයි 9 උදේ රුස්වන්නට විය. එසේ රැස්වූ පිරිස අමතා අගමැති මහින්ද රාජපක්ෂ කතා කිරීමෙන් පසුව ඉතාම ආවේගශීලීව හැසිරුණු ඔවුන් සාමකාමී අරගයේ නියුතුව සිටින ලද මයිනාගෝගම විරෝධාතාකරුවන්ට පහර දෙන්නට විය.

මයිනගෝගමට පහර දී ඔවුන් ගෝටාගෝගමට ද පහර දෙන්නට පැමිණි අතර ආරක්ෂක අංශවල දුර්වලතාවය හේතුවෙන්ම එම කලහකාරී පිරිස් ගෝටාගෝගමට ඇතුලුවීම වලක්වන්නට ඔවුන් කටයුතු නොකරන ලද්දෙන්ම  කලහකාරීන් පිරිස ගෝටාගෝගම සිටි නිදහස් හා සාමකාමී අරගලකරුවන්ට පහර දෙන්නට හා කූඩාරම් ගිනිබත් කරන්නට විය. ඒත් සමගම අරගලයට සහාය දුන් පිරිස් විසින් අගමැති ඉල්ලා කොළඹට පැමිණි පිරිස් සමග ගැටුම් ඇති කරගනිමින් බස් රථ  ගිනි තබමින් රට පුරා දෙපිරිස් අතර කලහකාරී තත්වයක් නිර්මාණය විය.

එවන් කලහකාරී තත්වයක් තුල මැයි 10 වන දිනට එලිවන්ට රටම ඇවිලූ මහින්ද රාජපක්ෂ ජිවිත 9ක් බිල්ලට  ගෙන පොදු හා මහජන දේපල කෝටිගනනක්  විනාශ මුඛයට ඇද දමා අගමැති කමින් ඉවත් වි සැගවී සිටින්නේය.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *