නවරාත්‍රි පූජා උත්සවය තුළ දි පූජා වට ප්‍රාප්ත වන දුර්ගා මෑණියන් ගේ‌ නව ස්වරූපය‌ ලෙස,

0

01 දේවී ශෛලපුත්‍රි දේවී ශෛල පුත්‍රි යනු ආදී පරාශක්තී මෑණියන් වන අතර ශිව දෙවියන් හා එක් වීම සඳහා යන ගමනේ පලමු ව සතී දේවිය ලෙස උපත ලැබූ අතර එතුමිය ගේ පියා වන ප්‍රජාපතී දක්ෂ විසින් පැවැත්වීමට යෙදුණු යාගය සදහා ශිව දෙවියන් ට හා සතී මෑණියන් ට ආරාධනා නොකරිනි. එහෙයින් මෑණියන් නන්දි සමග යාගය පැවැත්වෙන ස්ථානය වෙත ගිය අතර දක්ෂ රජු විසින් ශිව දෙවියන් ට අපහස කිරීම නිසා දැඩි ලෙස දුකට හා කෝපයට පත්වූ මෑණියන් යාග ගින්නට පැන තම මනුශ්‍ය ස්වරූපය ගත් අරමුණ ඉටු කිරීමේ අරමුණිනි. එ යාග ගින්නට මෑණියන් දැවීමට නොහැකි විය. එහෙයින් මෑණියන් ආදී ශක්ති ස්වරූපය විදහා ගිනිජාලාවක් මවා සති ස්වරූපයෙන් නික්ම ගියේය. ශිව දෙවියන් හා එක් වීම සඳහා නැවත ආදී ශක්ති මෑණියන් පාර්වතී මෑණියන් අවතාර ගත්තාය. එම ස්වරූපය ශෛල පුත්‍රි දේවී නම් වන්නේය. ශෛලපුත්‍රි යනු පරම අර්ථයෙන්ම කඳුකරයේ දියණිය යන්නයි. එතුමිය හිමවත් රජු ට හා මේනාවතී දේවියට දුන් වරයට අනුව‌ එදෙපල ගේ දියණිය ලෙස ජන්මය ලැබුවාය. එතුමිය කිරි සුදු වන් පැහැයෙන් යුක්ත වන අතර දෑස් තුනකින් යුක්ත සන්සුන් මුහුණකින් නිරූපණය කරයි. එතුමිය අලංකාර සැරසිලිවලින් හා රතු හා රෝස පැහැති වස්ත්‍ර වලින් සැරසී සිටියි. එක් අතකින් ත්‍රිශූලයක් හා අනෙක් අතෙහි නෙලුම් මලකි. නන්දි වාහනාරූඩව වැඩ සිටියි. එතුමිය පිබිදිමත් සමග ඉහළ ගමන් මාර්ගය ආරම්භ කරන මූල චක්‍රයේ දේවියයි. එතුමිය ශිව දෙවියන් සෙවිමේ ගමන් මාර්ගය මෙයින් ආරම්භ කළාය. නව රාත්‍රියේ පලමු දින පූජාව සිදු කරන අතර එතුමිය මෙ පෘථිවි යේ සාරයයි, යෝග භාවනාවේ දි ස්වයං අවබෝධ කර ගැනීම හා ඉහළ ගැඹුරක් සෙවීම සදහා වූ ශක්ති යේ පාලිකා වයි. එතුමිය මූලාධාර චක්‍රයෙහි වැඩ වාසය කරයි[ ] ස්තෝත්‍රය වන්දේ වංචිතලාභාය චන්ද්‍රාර්තක්‍රිත ශේකරාම්.වෘෂාරූඪම් ශූලාධරම් ශෛල පුත්‍රි යශිස්විනිම්

02 දේවී බ්‍රහ්මචාරිනි පාර්වතී මෑණියන් හා ශිව දෙවියන් ලබා ගැනීමේ ගමනේදි එතුමිය ශිව දෙවියන් හමුවට පැමිනෙන අතර සති මෑණියන් ගේ මිය යාමෙන් පසු ශිව දෙවියන් භාවනායෝගීව සිටින අතර පාර්වතී මෑණියන් කුමක් කලද ශිව දෙවියන් අවදි නොවේ. එතනට කාම දෙවියන් ( හේතුව වනනේ ශිව දෙවියන් ගෙ හා පාර්වතී මෑණියන් ගේ ශක්තියෙන් ජන්මය ලැබු පුතෙකුට පමනක් තාරකාසුර නම් අසුරයා මැරීමට හැකිවන සේ ලබා තිබු වරයට අනුව‌) පැමින ශිව දෙවියන් වෙත ඊතලක් එල්ල කරයි. ශිව දෙවියන් ගේ තෙවෙනි ඇස විවෘත වී කාම දෙවියන් අලුවියයි. මෑණියන් තම අධිශ්ඨානය අත් නොහැර ශිව දෙවියන් හා සමානව කදුකරය ට ගොස් තපස් රකියි. එතුමිය ගේ තපස හේතුවෙන් ශිව දෙවියන් ගේ අවධානයට ලක් වන‌ අතර ශිව දෙවියන් වෙනත් ස්වරූපයකින් පැමින ශිව දෙවියන් ගැන අඩු පාඩු කියා එතුමිය අධෛර්යය මත් කිරිමට උත්සහ ගනී. මෑණියන් එය ප්‍රතික්ශේප කර තම අධිශ්ඨානය අත්පත් කර ගැනීම සඳහා කටයුතු කරයි. පාර්වතී මෑණියන් තපසෙහි අවසන් අදියරෙහි ඉදියදී ප්‍රකන්දාසුර නම් අසුරයා අසුර සේනාවක් රැගෙන තපස ට බාධා කිරීමට උත්සහ ගනීයි. නමුත් ලක්ෂ්මි මෑණියන් හා සරස්වතී මෑණියන් පැමින එතුමිය ට උපකාර කරන අතර පාර්වතී මෑණියන් ගේ තපස සම්පූර්ණ වනවත් වහාම මෑණියන් ගේ දෑස් වලින් අග්නි ජාලාවක් පැමින ප්‍රකන්දාසුර විනාශ වි යයි. පාර්වතී මෑණියන් ගේ තපස හා අධිශ්ඨානය දැක මුලු විශ්වයන්ම පැහැදි ගියහ. එම ස්වරූපය දේවී බ්‍රහ්මචාරිනි නමින් අපගේ අධිශ්ඨානය චක්‍රයේ වාසය කරයි. බ්‍රහ්ම – ස්වයං පැවැත්මක් ඇති ආත්මය, විශ්වීය ආත්මය , පාරිශුද්ධ දැනුම …. චාරීනි – චර්යාවක කාන්තාවක ගේ ස්වරූපය යි , හැසිරීම, ඉදිරියට යාම , අනුගමනය කිරීම ….. අදහස් කරයි. බ්‍රහ්මචාරිනි දේවී පැහැපත් පෙනුමකින් යුක්ත සන්සුන් ස්වභාවය කින් යුක්ත වේ. වියලි ගිය රුද්‍රාක්ෂ මාලයකින් හා මල් වලින් සැරසී සිටියි. එතුමිය අත් දෙකකින් නිරූපණය කරන‌ අතර එක් අතකින් රුද්‍රාක්ෂ මාලයක් හා මලක් ද අනෙක් අතෙහි පැන් කෙණ්ඩියකින් ද නිරූපණය කරයි. [ ] ස්තෝත්‍රය දධනාකාර පද්මභ්‍යාම් අක්ෂමාලා කමණ්ඩලංදේවී ප්‍රසිදතු මායී බ්‍රහ්මචාර්ණීයා නුත්තමඃ

03 දේවී චන්ද්‍රඝන්ටා සීනුවක හැඩැති අර්ධචන්ද්‍රයා ඇති නිසා චන්ද්‍ර ඝාන්ටා නම් වන්නේය. එතුමිය ට දෑස් තුනකින් නිරූපණය කරන‌ අතර තෙවෙනි ඇස සැමවිටම විවෘතව පවතී. එතුමිය චන්ද්‍රඛණ්ඩා, චන්ඩි, රන්චන්ඩි ලෙසද හැඳින්වේ. පාර්වතී මෑණියන් ශිව දෙවියන් හා විවාහ සිදු වී මේ දි මෑණියන් ගේ විවාහක ස්වරූපය චන්ද්‍ර ඝන්ටා යි. ශිව මහා පුරාණයට අනුව‌ චන්ද්‍ර ඝන්ටා යනු ශිව දෙවියන් ගේ චන්ද්‍රසේකර ස්වරූපයේ ශක්ති යයි. ශිව දෙවියන් සෑම අංශයකින්ම ශක්තිය හා සම්බන්ධ වන බැවින් අර්ධනාරීශ්වර නම් වේ. එතුමිය සන්සුන් බවේ ප්‍රතිමූර්තියයි. මෑණියන් ගේ මේ ස්වරූය වන්දනාමාන සිදුකිරීමෙන් නිර්භිතකම, ධෛර්ය මිනිසුන්ට ත්‍යාග පිරිනමන බව විශ්වාස කරයි. එතුමිය ගේ කරුණාවෙන් සියලු පාපයන්, පීඩාවන්, ශාරීරික දුක් වේදනා, මානසික පිඩා සහ අවතාර බාධාවන් මුලුමනින්ම ඉවත් වෙන බව විශ්වාස කරයි. චන්ද්‍ර ඝන්ටා ස්වරූපය රන්වන් පැහැයෙන් යුක්ත වන අතර රතු පැහැති වස්ත්‍ර වලින් සැරසී සිටියි. හිසෙහි අඩ සද ගවසා ඇති අතර අත් දහයකින් හා එහි ත්‍රිශූලයක්, සෙංකෝලය ක් , දුන්නක් ඊතලක්, නෙළුමක් , කඩුවත් , සීනුවක් , ජල භාජනයක් දරා සිටින අතර අනෙක් අතින් බැතිමතුන් ට ආශිර්වාද කරයි. එතුමිය දරුනු කොටියෙකු වාහනාරූඩව වැඩ සිටියි‌ . මෙතුමිය මනිපුර් චක්‍රයේ වාසය කරයි. [ ] ස්තෝත්‍රය පිණ්ඩජ ප්‍රවදාරූඩා චන්ද කොපස්ත්‍ර කෛර්යුතාප්‍රසාදම් තනුතේ මායාම් චන්ද්‍රඝාන්තේති විෂ්රුතා

04 දේවී කුශ්මාණ්ඩ‌‌‌ා පාර්වතී දේවීය යනු අන් කිසිවෙකු නොව මහා ශක්තිය බවසොයා ගන්නා අවදිය නිරූපණය කරයි. මහා දෙවියන් , පාර්වතී මෑණියන් ගේ සත්‍ය පැවැත්ම අවබෝධ කරදුන් අතර ලෝකයේ නිමක් නැති ශිව දෙවියන් ගේ ශක්තිය පාර්වතී මෑණියන් තුල නිරූපණය වන බව කුෂ්මන්ඩා දේවී ස්වරූපයෙන් පෙන්නුම් කරයි. අන්ෂධකාරයේ පැවැති මුලු විශ්වයම කුශ්මාණ්ඩ‌‌‌ා දේවීය ගේ එක් සිනහවකින් ආලෝක මත් කරමින් හිරු, සදූ, තාරකා , ග්‍රහලෝක , මන්දාකිණි ‌…. නිර්මාණය වූ බව කියවෙයි. මෙතුමිය සූර්යා ගේ මූල ශක්තිය යි. විශ්වයේ සමතුලිතතාවය ඇති කිරීම සදහා සූර්ය කිරණ වලින් සියලුම ජීවීන් ට ජීවය ලබා දේ‌. කුශ්මාණ්ඩ‌‌‌ා දේවීය රන්වන් පැහැයෙන් හා සන්සුන් ස්වභාවය කින් නිරූපණය කරයි. අලංකාර සැරසිලිවලින් හා රෝස , කහ පැහැති වස්ත්‍ර වලින් සැරසී සිටියි. එතුමිය දෑත් අටකින් නිරූපණය කරයි. එතුමිය චක්‍රයක් සෙංකෝලය ක් , නෙලුම් මලක්, දුන්නක් හා ඊතලක් කඩුවක් හා ජප මාලයක් , මී පැණි හා ජල බදුනක් ද, අභය මුද්‍රාව දරා සිටි, දේවී කුශ්මාණ්ඩ‌‌‌ා කොටියෙකු වාහනාරූඩව වැඩ සිටී එතුමිය අනාහත චක්‍රයේ / හෘද චක්‍රයේ පාලිකා වයි.[ ] ස්තෝත්‍රය සුරාසම්පූර්ණ කලශම්රුධිරාලුප්තමේව චදධානා හස්ත පද්මභ්‍යාම්කුශ්මාණ්ඩ‌‌‌ා ශුභදාස්තුමේ

05 දේවී ස්කන්ධමාතා මේ ස්වරූපයෙන් නිරූපණය කරන්නේ පාර්වතී මෑණියන් ගේ මාතෘ අවදියයි.ශිව දෙවියන් හා පාර්වතී මෑණියන් ගේ ශක්තියෙන් හට ගත් ශක්ති බීජය කොටස් හයකට කැඩී දරුවන් සය දෙනෙක් නිර්මාණය වූ අතර මෑණියන් ඒ දරුවන් සය දෙනා එක් කොට මුහුණු සයක් ඇති එක් කුමරෙක් නිර්මාණය කල අතර එනිසා එ කුමරා ෂන්මුඛ නම් වේ. එ අපුරු ස්කන්ධ කුමරා ගේ මව පාර්වතී මෑණියන් වන බැවින් ස්කන්ධමාතා ලෙස හදුන්වයි.එතුමිය රන්වන් පැහැයෙන් බැබලෙන අතර අත් හා පාද සැහැල්ලු වස්ත්‍රාභරණ යෙන් සැරසී සිටියි. එතුමිය අත් සතරකින් නිරූපණය කරන‌ අතර අත් දෙකකින් නෙලුම් මල් දෙකක් ද එක් අතකින් ස්කන්ධ කුමරු අල්ලා ගෙන සිටී සිව්වන අතේ අභය මුද්‍රාව යි . එයින් සතුන් ව ගලවා ගනී. මෙතුමිය සිංහවාහනාරූඩව වැඩ සිටියි . මෙතුමිය විශුද්ධි චක්‍රයේ වැඩ වාසය කරයි. දේවී ස්කන්ධමාතා ට වන්දනාමාන කිරීමෙන් ගැලවීම, බලය, සමෘද්ධිය, ඥානය , නිධානයන් වැනි වරප්‍රසාදයන් පිරිනමන බව විශ්වාස කරයි. නූගත් අයට පවා මෙතුමිය වන්දනාමාන කිරීමෙන් ඥානය ප්‍රදානය කරයි.[ ] ස්තෝත්‍රය සිංහසන්ගත නිත්‍ය පද්මශ්‍රිත්කාර්වද්‍යශුබදස්තු සදා දෙව් ස්කන්ධමාතා යෂ්විනි

06 දේවී කාත්‍යයනී පාර්වතී මෑණියන් ගේ රණශූර ස්වරූපය කාත්‍යයනී දේවීයයි. මහිෂාසුර ගෙන් ආරක්ෂා වීමට මහා ශක්තිය ට ආරාධනා කරයි. එවිට මහා ශක්තිය පෙනී සිට කාත්‍යයනී මුණිවරයා ගේ නිවසේ ජන්මය ලැබු හෙයින් දේවී කාත්‍යයනී නම් වන්නේය. දිගු සටනකින් පසු එම බියකරු යක්ෂයා ම‌‌‌රා දමා සියලු සත්වයින් ආරක්ෂා කල හෙයින් ධෛර්ය සම්පන්න බලය ඇති ඕනෑම කාන්තාවක් තුල වැඩ සිටින දේවී ශක්ති නිරූපණය කාත්‍යයනී දේවී ස්වරූපයයි. එතුමිය රත්රන් පැහැයෙන් බැබලෙන අතර නෙත් තුනකින් යුක්ත සන්සුන් මුහුණකින් ද අලංකාර වස්ත්‍රාභරණ වලින් ද , අත් සතරකින් කඩුවක් , පලිහක්, නෙළුම් මලක් හා ත්‍රිශූලයක් නිරූපණය කරයි. දේවී කාත්‍යයනී සිංහවාහනාරූඩව අ‌ඥනා චක්‍රයේ / තුන්වන ඇස චක්‍රයේ වැඩ වාසය කරයි. [ ] ස්තොත්‍රය චන්ද්‍ර හාසොජ්ජවලාකාර ශර්දුලවරාවහානකාත්‍යයනී ශුභාම්දධ්යා දේවී දානවඝතිනි

07 දේවී කාලරාත්‍රී කාලරාත්‍රී දේවිය පාර්වතී මෑණියන්ගේ විනාශ කිරිමේ ශක්ති ස්වරූපය යි. එතුමිය කාලයේ හා මරණයෙ දේවතාවියයි. එතුමිය යමෙකු ගේ මරණය පැමිණෙන කාලය පාලනය කරන අතර එතුමිය අන්ධකාරයෙන් ඔබ්බට ගොස් එහි පාලන කාලයට ඉහළින් සිටියි. එතුමිය අයුක්තියෙදී නිතරම කෝපයට පත්වන අතර සාධාරණයේ උතුම් දේවතාවියයි. එතුමියගෙ සීමාව පසුකල විට විනාශය ඇතිකළ හැකි බැවින් සමාජය බේරා ගැනීම සදහා සටන් කරන කාන්තාවක ගෙ අංගය එතුමියයි.කාලරාත්‍රී දේවිය අදුරු පැහැයෙන් යුක්ත වන අතර දරුණු ස්වරූපයකින් නිරූපණය කරයි. එතුමිය විදුලි සැර මෙන් භයානක සැරසිලිවලින් සැරසී සිටින අතර රතු හා කළු පැහැති වස්ත්‍රය වලින් සැරසී සිටි යි. ලේ තැවරුණ ඇස් තුනක්ද කාල වර්ණ දිගු කේෂ කලාපයක් ඇති එතුමිය ඉතා දිලිසෙන හිස් කබල් මාලයක් ගෙලවටා පැලැඳ සිටියි. එතුමියට අත් හතරක් ඇති අතර ත්‍රිශූලයක්, හිසක්, වජ්‍රයක් , ලේ බදුනක් තබාගෙන නිරූපනය කරයි. කොටළුවාහනාරූඪව වැඩ සිටින අතර සහස්රා චක්‍රයේ පාලිකාවයි. [ ] ස්තෝත්‍රය ඒකවේණි ජපකර්ණ පුර නග්නාකරස්ථිතාලම්බොෂ්ති කර්ණිකා කර්ණී තෛලාභක්ත ශාරීරිණිවාමපදොල්ලසල්ලොහ ලතාකණ්ඨක භූෂණවර්ධනමුර්ධධ්වජා ක්‍රිෂ්ණ කාලරාත්‍රි භයංකාරී

08 දේවී මහාගෞරි කාලී ස්වරූපයට පත්වූ මෑණියන් යලි සාමාන්‍ය තත්වයට පැමිණීමට බ්‍රහ්ම දෙවියන් ගේ මග පෙන්වීම යටතේ එතුමිය මානසරෝවර ගඟ තුලට පිවිසෙන අතර අලංකාර ආලෝකයක් විදහා දක්වමින් සද එලිය මෙන් බැබලෙන අලංකාර ධවල වස්ත්‍ර හා ආභරණ වලින් සැරසුනු මහාගෞරි දේවීය ජලාශය යෙන් ඉහලට පැන නැගුනේය. එතුමිය සාමකාමි නෙත් තුනකින් යුක්ත විය. අත් සතරකි‌ එම අත් සතරේ ත්‍රිශූලයක්, අභය මුද්‍රාව, වරද මුද්‍රාව, නෙළුම් මලක්/ නෙළුම් අලයක්/ ජප මාලයක් නිරූපණය කරයි. තවද ඩමරු බෙරයක් වම් උරහිසේ දරා සිටියි. එතුමිය සුදු ගවයෙක් ව‌‌‌ාහනාරූඪව නිරූපණය කරයි. එතුමිය ගෘහණියක් හා කැපවූ බිරිඳ ක් හා පවුලක් පෝෂණය කරන මවකගෙ අවතාරයයි. දේවී මහාගෞරි වන්දනා කිරීමෙන් යහපත් මිනිසුන්ව ආරක්ෂාව සපයයි. ආධ්‍යාත්මය සොයන්නාව ආලෝක මත් කරන අතර ගැලවීම ලබා දීමෙන් නැවත ඉපදීමේ භය දුරු කරයි. [ ] ස්තෝත්‍රය ශ්වේතේ වෘෂේ සමාරූඩා ශ්වෙතම්බරධාරා ශුචිහඃමහාගෞරීශුභාම් දදියන්මහාදේව ප්‍රමෝදදා..

09 දේවී සිද්ධිදාත්‍රීසිද්ධි යන්නේ තේරුම වනුයේ ආශ්චර්යමත් බලය හා භාවනා කිරීමේ හැකියආවයි. දාත්‍රී යනු තෑගි දෙන බවයි. සිද්ධිදාත්‍රී ස්වරූපයෙන් උත්තර ශක්තිය වන ශිව ශක්ති යේ එකතුව නිරූපණය කරයි. එතුමිය ජීවයේ ප්‍රභවය නියෝජනය කරන අතර සියලු දෙනාටමඅධ්‍යපනය , ඉගැන්වීම් කුසලතා ලබා දෙන කාන්තාවක ගේ ‌‌‌අවතාරයයි. එතුමිය හැඩැති මුහුණකින් හා නෙත් තුනකින් මෙන්ම සන්සුන් භාවයකින් නිරූපණය කරයි. එතුමිය සැහැල්ලු සැරසිලිවලින් සැරසී සිටින අතර රතු හා නිල් පැහැති වස්ත්‍ර වලින් නිරූපණය කරයි.එතුමිය අත් සතරකින් නෙළුම් මලක්/ ත්‍රිශූලයක්,, සංඛයක්, සෙංකෝලය ක්/යගදාවක්, චක්‍රයක් දරා සිටින අතර සර්ව සම්පූර්ණ පිපෙන නෙළුම් මලක් මත වැඩ සිටී යි.[ ] ස්තොත්‍රය සිද්ධගන්ධර්වා යක්ෂා දියෛරස‌ුරෙය මාරයිරාපි සේව්යමාන සදාසදයාත් සිද්ධිධ සිද්ධිදායිනි

අනන්ත වූ සංසාරේ පරම ශිව දෙවියන් ගේ ශක්ති වූ සංසාරේ පැවැත්ම වු කාලය ආභිබවා සිටින බැවින් කාලී මෑණියන් නම් වූ පැවැත්මේ ශක්තිය ව‌ු උතුම් ආදී ශක්ති මෑණියන් ගේ ස්වරූප වූ දුර්ගා මෑණියන් ගේ පිහිටයි. 🙏❤️ජය මා ❤️🙏🙏❤️ ඕම් නමඃ ශිවාය ❤️🙏

  • ලිපි සැකසුම : චතුර ජීවන්ත

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *