සාමකාමී අරගය දිගටම

0
277750429_10220134425847981_753531913036325917_n

2022 අප්‍රේල් 09 වන දින ගාලු මුවදොර පිටියේදී ගෝටාගෝගම ලෙස එම ස්ථානය නම් කරමින් ජනාධිපති ගෝඨාභය රාපපක්ෂට හා පාර්ලිමේන්තු  මන්ත්‍රින්  225ටම පාර්ලිමේන්තුවෙන් ඉවත්ව යන ලෙසට බලකරමින් ආරම්භ කරන ලද සාමකාමී අරගලය 2022 මැයි 09 වන දින වන විටත් දිවා රාත්‍රියේ අඛණ්ඩව හා තරුණ ජවයෙන් යුතුව පැවත එන ලදි. එදා මෙදා තුර ලංකා දේශපාලන ඉතිහාසය වෙනස් කරන්නට මෙම පුරවැසි අරගයේ දිශානතිය කෙමෙන් කෙමෙන් ඉදිරියට පැවත එන ලදි.

ඒ අතරතුර අගමැති මහින්ද රාපක්ෂටද ඉවත්වන ලෙස ඉල්ලා අරලියගහ මන්දියර ඉදිරිපිට විරෝධතාකරැවන්  මයිනාගෝගම පිහිටුවා ගනිමින් දැඩි ලෙස අගමැතිට ද ඉවත් යන ලෙස බල කර සිටින්නට වීමත් සමග සාමකාමී අරගලය තවත් ශක්තිමත් වන්නට විය.

විරෝධතාකරුවන්ගේ කූඩාරම් අවහිර කර බස් නැවැත්වීම් සමග  ආරක්ෂක අංශවල හිරිහැර බාධක මැද වැස්සට තෙමී අව්වට වේලී අඛණ්ඩව එම අරලගලයද ගෙනයාමට ඔවුන් සමත් විය.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *