ගම්මන්පිලගේ වැඩපිළිවෙල හේතුවෙන් තෙල් පිරිපහදුව හෙට සිට වසා දමන තැනට.

0
download (11)

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට මේ වන තෙක් ටෙන්ඩර් පටිපාටිය යටතේ බොරතෙල් ගෙන්වන ලද්දේ බීපී සමාගම හරහා ය. අවසන් වරට ෆීනික්ස් ඩීකන් නැවෙන් මෙරටට බොරතෙල් ගෙන්වන ලද්දේ ඔක්තෝබර් 04 වනදාය.

උදය ගම්මන්පිල විසින් මෙතෙක් සිදුකල පරිදි බීපී සමාගම හරහා ටෙන්ඩර් මගින් බොරතෙල් ගෙන්වීම නවත්වා තෙල් සංස්ථා⁣වේ සභාපති සුමිත් විජේසිංහ සමග එකතු වී ටෙන්ඩර් කැඳවීම නවතා නයිජීරියානු සමාගමක් වෙතින් තෙල් ගෙන්වීමට කටයුතු කර ඇත. ඒ අනුව බී.පී සමාගම ටෙන්ඩර් පටිපාටියෙන් ඉවත් වි ඇති බවත් නයිජිරියානු සමාගම අඛණ්ඩව බොරතෙල් ලබා දීමට කටයුතු නොකරන ලද බවත් වැඩිදුරටත් වාර්තා වේ.

මෙවන් තත්ත්වයක් තුළ දී පිරිපහදු කිරීමට බොරතෙල් නොමැති වීම මත හෙට (15) දින සිට සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමට සිදුවී ඇතැයි සපුගස්කන්ද පිරිපහදුව සේවකයන් පවසයි.

පිරිපහදුවේ වසරකට වරක් සිදු කරන shut down එක මෙවරද සිදු කර වාණිජ හා ප්‍රගතිශීලී වෘතීය සමිතියේ සේවකයින්ට වැඩ කරන්නට සලස්වා එක් අයකුට අවම රුපියල් ලක්ෂ 4 ක් පමණ දින 40 කට ගෙවා ඇති බවත්, Shut down කාලයට සේවකයින්ට පමණක් මිලියන 750ක පමණ ගෙවීමක් සිදු කර ඇති බවත්, පිරිපහදුවේ වැඩ බලන කලමණාකරුට පමණක් ලක්ෂ 28 ක් පමණ ගෙවා ඇතැයිද සේවකයින් වැඩිදුරටත් පවසයි. ඒ අනුව shut down කාලයේ මුළු පිරිවැය මිලියන 1450ක් පමණ වන බවද සේවකයන් පවසයි.

සාමාන්‍ය සුදුතෙල් බැරලයක් ඩොලර් 1.73 ක පමණ පිරිවැයකින් ගෙන්විය හැකි වන නමුත් spot ක්‍රමයට ගෙන්වීමෙන් පිරිවැය ඩොලර් 3.34 ක් පමණ වියදම් කිරීමට ගම්මන්පිල හා සුමිත් වි⁣ජේසිංහ කටයුතු කරන ලද බවටත් සුදු තෙල් spot ක්‍රමයට ගෙන්වීමේදී ඇමති හා සභාපතිටද කොමිස් මුදල් ලැබෙන බවත් පිරිපහදු සේවකයින් පවසයි.

ඇමති ගම්මන්පිලගේ හා තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහගේ මෙම අත්තතනෝමතික වැඩපිලිවෙල හේතුවෙන් ඉදිරියේදී තෙල් හිගයකට වුවද මෙමගින් බලපෑමක් ඇතිවිය හැකි බවත් එසේම තෙල් මිල ඉහළ යාමට ද මෙම තත්ත්වය බලපෑ හැකි බවත් නිලධාරීන් ද පවසා සිටි.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *