ඩෑන් බ්‍රවුන්ගේ පොත් වලින් වැඩිදෙනෙක් දන්න පොත ගැන තමයි අද කියන්න යන්නේ. ඩාවින්චි කෝඩ් කිව්වා ම නොදන්නා කෙනෙක් නැති තරම්. කොහොම උනත් ඩෑන් බ්‍රවුන්ගේ ලැංග්ඩන් සීරීස් එකේ දෙවෙනි පොත තමයි මේක. හැබැයි මේ සීරීස් එකේ වැඩිපුර ම ජනප්‍රියම වගේම ප්‍රසිද්ධම පොත මේක කිව්වොත් වැරදි නැහැ. 😏😏

ලංකාව ඇතුලේ ඩෑන් බ්‍රවුන්ගේ පොත් ප්‍රසිද්ධ වෙන්න ලොකුම හේතුව වෙන්නේත් මේ ඩා වින්චි කේතය පොත. මොකද ගොඩ දෙනෙක් මුලින්ම මේ පොත කියවලා ඇතිවුන ආසාව නිසාම ඉතුරු පොත් ටිකත් කියවපු අය. අනිත් පොත් ටික නැතත් මේක කියවපු අය හුඟ දෙනෙක් ඉන්නවා.

ඒනිසා මේ පොත් සීරීස් එක ගැන කතා කරනකොට මේ පොත ගැන කතා නොකර නම් වැඩක් නැහැ. එහෙනම් පොත ගැන වගේම මේක ජනප්‍රිය වෙන්න හේතුත් මොනවාද කියලා බලමු.

මුලින්ම කියන්න ඕන මේ කතාව නොකියවපු අය හැමෝම වගේ ඩාවින්චි කෝඩ් කියන නම අහපු ගමන් ඔලුවට ගන්න දෙයක් තමයි මේ කතාව ඇතුලේ ප්‍රධාන ආගමක පදනමට ලොකු පහරක් එල්ල වෙනවා කියලා. ඒ නිසා කතාව නොකියවපු අයගේ ඔලුවට යන්න පුලුවන් මේක මේ ආගමක් විවේචනය කරන්න ලියපු පොතක් කියලා. හැබැයි ඒක එහෙම නෙවෙයි කියන්න කියවපු අය දන්නවා.
මේ සීරීස් එකේ අනිත් හැම කතාවකම වගේ මේ කතාවත් ගවේෂණයක් වටේ ගලාගෙන යන එකක් . ඉතිං මේ ගලාගෙන යෑම ඇතුලේ යම් යම් ආගමික කරුණු අනාවරණය වීමක් වෙනවා. එහෙම නැතුව සම්පූර්ණයෙන් ම ආගම් විරෝධී පොතක් නෙවෙයි . ඒ නිසා මේ ආගමික පැත්ත පොඩ්ඩකට පැත්තකින් තියලා මේකේ පදනම් කතාව ගැන බලමු. 😃😃

කතාව spoil නොකර කෙටියෙන් කිව්වොත්, දේශනයක් වෙනුවෙන් ප්‍රංශයට ඇවිල්ලා ඉන්න මහාචාර්ය ලැංග්ඩන් ට මහ රෑ හදිසි කැඳවීමක් ලැබෙනවා ලූවර් පොලිස් ප්‍රධානියාගෙන් ලූවර් කෞතුකාගාරය ට එන්න කියලා .🕵👮️ ඉතිං මේ කැඳවීමත් එක්ක කෞතුකාගාරය ට යන ලැංග්ඩන් ට දැනගන්න ලැබෙන්නේ ඒ වෙනකොට කෞතුකාගාර පාලකයා වෙලා හිටපු ප්‍රසිද්ධ ඉතිහාසඥයකු උන ජැක් සෝනියරේ කෞතුකාගාරේ ඇතුලේ ම වෙඩි තබා මරා දමලා කියලා. ⚠️️⚠️️

කොහොම උනත් මීනී මැරුමට කලින් දවසේ ඔහු මහාචාර්ය ලැංග්ඩන් එක්ක හමුවීමක් යොදාගෙන තිබුනත් ඒ හමුවීම සිද්ධ වෙන්නේ නෑ . ඒ වගේම මේ මීනීමැරුමේ තියෙනවා යම් අබිරහස් සංකේතාත්මක ගතියක්. ඉතිං මේ දේවල් ඔක්කොම ගැන දැනගන්න කැඳවූ බව තමයි පොලිසියෙන් ලැංග්ඩන් ට දෙන උත්තරේ.

මේ මීනීමැරුමේ තියෙන අබිරහස් සංකේතාත්මක ගතිය ගැන කතා කරනවා නම් ජැක් සෝනියරේ මියගිහින් ඉන්නේ සම්පූර්ණයෙන් අගුලු වැටුනු ගැලරියක් ඇතුලේ. ඒ වගේම ඇතුලේ වෙන කිසිම කෙනෙක් නැහැ. කොහොම උනත් අබිරහස් ම දේ එක නෙවෙයි . ජැක් සෝනියරේ මළසිරුර හමුවෙන්නේ සම්පූර්ණයෙන් ම නිරුවතින්..ඔහුගේ ඇඳුම් සියල්ල පිළිවෙලකට නවලා පැත්තකින් දකින්න තියෙනවා . ඒවගේම ඔහු මියයන්න කලින් අත් කකුල් දෙපසට විහිදුවලා පංචාස්ශ්‍ර තරුවක හැඩයට සිය සිරුර සකස් කරගෙන තමයි මියගිහින් ඉන්නේ.. සිරුර වටේටම ඇඳපු වෘත්තයකුත් ,මල සිරුර ලග ලියපු සංකේතාත්මක පණිවිඩයකුත් දක්නට ලැබෙනවා. 👤👁️‍🗨️💬

මේ වෙලාවේ මහාචාර්ය ලැංග්ඩන් ට ලූවර් පොලිසියේ කේත බිඳින්නියක් විදිහට සේවය කරන සොෆී නෙවියු අදුනගන්න ලැබෙනවා. 👩‍💼👩‍💻 😍 ඉතිං මේ ඔක්කොම නිසා ලොකු පටලැවිල්ලකට මුහුණ දීලා ඉන්න අපේ මහාචාර්යතුමාට දෙලොව රත්වෙන්නේ ලූවර් පොලිස් ප්‍රධානියා ලැංග්ඩන් ව මේ මිනීමැරුමට ප්‍රධාන සැකකාරයෙක් කරගෙන කියලා සොෆී රහසෙම ඔහුට දැනුම් දුන්නම. 😵😧😥🤯

ඒ වගේම තමන් ජැක් සෝනියරේ ගේ මිනිපිරිය බවත් , මලසිරුර ලග තුබුන පණිවිඩය සීයා තමන්ට යොමු කරපු එකක් බවත්, එහි ලැංග්ඩන් සොයාගන්න කියා ලියා තිබුනු බවත් සොෆී අනාවරණය කරනවා. 👩‍💼💬( තමන්ගේ පණිවිඩයේ අවසානයට ජැක් සෝනියරේ find langdon කියලා ලියලා තියෙන එක නිසා තමයි ලැංග්ඩන් මිනීමරුවා කියලා පොලිසිය විශ්වාස කරන්නේ)

ආරක්ෂාව වෙනුවෙන් ඇමෙරිකානු තානාපති කාර්‍යායලයට යන්න ගන්න උත්සහය අසාර්ථක වෙන නිසා ලැංග්ඩන්ට සහ සොෆීට ලූවර් කෞතුකාගාරයෙන් පලායන්න වෙනවා. මේ පලායෑම ඇතුලේ ජැක් සෝනියරේ විසින් තමන්ගේ මිනිපිරියට ශුද්ධ වූ බඳුන ආරක්ෂා කිරීමේ වගකීම පවරලා කියලා ඔවුන් සොයාගන්නවා. ඉතිං මේ ශුද්ධ වූ බඳුන කියන්නේ මොකක්ද ? එය සොයාගන්නේ කොහොමද ? මෙන්න මේ ගවේෂණය තමයි ඩාවින්චි කෝඩ් කතාව පුරාවටම අන්තර්ගත වෙන්නේ. 🕵️👩‍💻🙂💬

ඉතිං තමන්ගේ නිවැරැදි භාවය ඔප්පු කරන්න වගේම ජැක් සෝනියරේ ගේ මිනීමරැවා සොයාගන්න ලැංග්ඩන්ට සහ සොෆීට පුලුවන් වෙයිද ? ශුද්ධ වූ බඳුන වෙත යන්න සෝනියරේ විසින් ලබා දී ඇති සංකේතාත්මක පණිවිඩ සහ ප්‍රෙහේලිකා විසඳාගැන්මට ලැංග්ඩන් සමත් වේවිද? ඔවුන් දෙදෙනා මරා දැමීමට එන ඇලි පූජකවරයා කවුද ? 🧐🧐🤫🤫

මේ සේරටම උත්තර හොයාගන්න නම් පොත කියවන්නම වෙනවා.

ඩෑන් බ්‍රවුන්ගේ පොත් වලින් වඩාත් ජනප්‍රිය උන පොත මේක කියලා මං මුලින්ම කිව්වා. ඒකට හේතුව තමයි මං අර සඳහන් කරපු ශුද්ධ වූ බඳුන ගැන කතාව.. සාමාන්‍යයෙන් ශුද්ධ වූ බඳුන කියලා පිළිගන්නේ ජේසුතුමා වයින් පානය කරපු බඳුන. නමුත් මේ කතාවේදී ශුද්ධ වූ බඳුන කියලා හඳුන්වන්නේ සම්පූර්ණයෙන් ම වෙනස් දෙයක්.. ඉතිං මෙන්න මේ වෙනස් අර්ථකථනය තමයි මේ පොතට මාරාන්තික විරෝධයක් එල්ල වෙන්න හේතුව.

මං එහි සත්‍ය අසත්‍ය ගැන නම් කතා කරන්න බලාපොරොත්තු වන්නේ නැහැ. ඒක පොත කියවන ඔබට භාරයි. ඒ වගේම තාම කියවලා නැති කෙනෙක් ට කතාව spoil වෙන්න පුලුවන් නිසා ඒ අර්ථකථනය මොකක්ද කියලාත් මං මෙතනදී කියන්නේ නෑ. ඉතිං ඒක ගැන දැනගන්න නම් පොත කියවලා ම බලන්න වෙනවා.

කොහොම උනත් මේ පොතට ලොව පුරා කතෝලික ප්‍රජාවගෙන් එල්ල වෙන්නේ නම් සුලුපටු විරෝධයක් නෙවෙයි .මේ විරෝධය නිසා රටවල් කිහිපයක් ම මේ පොත තහනම් කරනවා . ✝️⛪ වතිකානුවත් ඉන් එකක්. කොහොම උනත් අපි දන්නවා යමකට විරුද්ධව එල්ල වෙන ඍණාත්මක අදහස් වැඩිවෙනකොට ඒ සමානව එයට එල්ල වන අවධාන‍යත් වැඩි වෙනවා. ඒ වගේම ඒක ආගම වගේ සංවේදී මාතෘකාවක් නම් ඒ බලපෑම තවත් ඉහළයි.

ඉතිං මෙන්න මේ විරෝධය නිසා ම මේ පොත ලෝකය පුරා අතිශය ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගන්නවා. මෙහි අලවිය වාර්තා තබන තරම් අගයක්. මේ නිසාම මෙහි ප්‍රධාන චරිතය වෙන මහාචාර්ය රොබට් ලැංග්ඩන් ගේ චරිතය ඇතුළත් තවත් පොත් 3 රචනා කරන්නත් ඩෑන් බ්‍රවුන් පෙළෙඹෙනවා. මේ හැම පොතකම වගේ “Best selling author of The Da vinci code ” ලෙස සඳහන් වීමෙන් ම පොත ලබලා තියෙන ප්‍රසිද්ධිය ගැන අදහසක් ගන්න පුලුවන් .

මේ පොතට අනවශ්‍ය අවධානයක් හා ප්‍රසිද්ධියක් ලැබුනේ මේ ආගමික කරුණ නිසා. ඩෑන් බ්‍රවුන් ම කියලා තියෙනවා ඔහුට ආගමකට අපහාස කරන්න අවශ්‍ය උනේ නෑ කියලා . කොහොම උනත් මට නම් මේ පොත ඉතාම ලස්සන හා විශිෂ්ට නිර්මාණයක් විදිහට දැනුන පොතක්.

කොහොම උනත් ආගමික මතය පැත්තකින් තියලා බැලුවොත් ජැක් සෝනියරේ ගේ මළසිරුර අසල තිබූ සංකේතාත්මක පණිවිඩයේ අර්ථය කුමක්ද ? ඔහු මියයාමට පෙර පංචාස්ශ්‍ර තරුවක හැඩයට සිරුර සකස් කරගැනීමේ අර්ථයක් තිබේද ? සෝනියරේ තමන්ගේ මිනිපිරිය ට සෝෆී කුමරිය ලෙස ආමන්ත්‍රණය කරන්නේ ඇයි? පැරැන්නන් ඇදහූ පූජනීය ස්ත්‍රීත්වය යනු කුමක්ද ? ☺️☺️ මෙන්න මේ වගේ ගැටලු ගණනාවකට ඔබට උත්තර හොයාගන්න ලැබේවි.

ඩෑන් බ්‍රවුන්ගේ අනිත් පොත් වගේම මේකත් යතාර්ථවාදී දෘෂ්ටියකින් ලියැවුණු පොතක් නිසා සත්‍ය හා ප්‍රබන්ධය අතර ඔබව අතරමං වෙන්න පුලුවන් . ලෝ ප්‍රකට කලා නිර්මාණ, ආගමික ඉතිහාසය , පිළිගත හැකි මූලාශ්‍ර හා සාක්ෂි වලින් සංකේත විසඳීම් එක්ක ලියැවුණු විශිෂ්ට ගවේෂණාත්මක පොතක් විදිහට ඩා වින්චි කෝඩ් පොත හඳුන්වන්න පුලුවන් . 🤩🤩🤩🤩

මේ පොතත් සිංහලට පරිවර්තනය වෙලා තියෙන්නේ කුමාර සිරිවර්ධන මහතා අතින් . ඒ “ඩා වින්චි කේතය ” නමින් . මෙම පරිවර්තනය එම වසරේ ලංකාවේ වැඩිම අලවියක් ලබපු පරිවර්තනය බවටත් පත් වෙනවා. ඒ නිසා ලංකාවේ ඇතුලේ මෙහි ජනප්‍රිය බව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. 😍😍 ඒ වගේමයි මෙහි පරිවර්තනයත් හොඳ මට්ටමක තියෙනවා කියලා කියන්න පුලුවන්. මුල් කතා රසයට හානියක් වෙලා නැහැ.

අන්තිමට කියන්න ඕන මේ කතාව ඇසුරෙනුත් චිත්‍රපටියක් නිර්මාණය වෙලා තියෙනවා . විස්තරාත්මක ගතිය අඩු උනත් එයත් ලස්සන නිර්මාණයක්. කැමැති නම් ඒකත් බලලා රසවිඳින්න කියලා ආරාධනා කරනවා.
එහෙනම් ලැංග්ඩන් සීරීස් එකේ තුන්වෙනි පොතත් එක්ක ආයේ හම්බෙමු.
තව මේ වගේ ලස්සන ලිපි කියවන්න අපේ Hype zone page එකට සෙට් වෙන්න.
ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න, දන්න දේවල් share කරගන්න අපේ HYPE Community එකටත් සෙට් වෙන්න.
තව දෙයක් තියෙනවා. ඔයාලට අපි දාන ලිපි කියවන්න විතරක් නෙමෙයි ඔයා ආස දේවල් ගැන video බලන්නත් දැන් ඔයාලට පුලුවන්, ඒකට අපේ Hype Zone Youtube Channel එකට සෙට් වෙන්න.
https://youtube.com/c/HypeZone
ආහ්…ඒ වගේම අපේ අලුත්ම වැඩේ තමයි Hype Zone web එක .ඉතිං මෙකෙන් ඔයාලට අපේ article ,podcast සහ අපේ youtube video ඔක්කොම බලන්න පුලුවන් .ඒ විතරක් නෙමෙයි comic reading recommendation an geek ලෝකයේ latestම newsත් බලාගන්න පුලුවන් එහෙනම් දැන්ම ගිහින් බලන්න …මෙන්න link එක https://www.hypezone.lk

  • අසනි මධුෂිකා

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *