තාරුකා ඉබ්බන් ජාවාරමේ යෙදුනු ඉන්දීය ජාතිකයින් අධිකරණයට
වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ ආරක්ෂිත සත්ත්ව විශේෂයක් ලෙස සලකන තාරකා ඉබ්බන්(Indian Star Tortoise – Geochelone elegans) 23 දෙනෙකු විදේශ රටකට රහසිගතව අපනයනය කිරීමට සූදානම් කරමින් සිටියදී එම ස්ථානය වැටලීමට මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක රසික වත්තේගම ඇතුළු කණ්ඩායම (කොස්තාපල්වරුන් වන තුෂාර-38339 ප්රනාන්දු-77769 අමල්-82489) පසුගිය දිනෙක සමත්විය. මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු විසිනි.
මිට පෙරද මෙරට තුළ කිහිප අවස්ථාවකම තාරකා ඉබ්බන් ජාවාරම් වටලා ඇත.
*2017 වසරේදි මුහුදු මාර්ගයෙන් විකිණීමට සැලසුම් කර තිබියදී තාරකා ඉබ්බන් 2089 නාවික හමුදාව විසින් කල්පිටියෙදී අත්ඩංගුවට ගත් අවස්ථාව.
*2019 වසරේදි තාරකා ඉබ්න් 100 දෙනෙකු පොලිසිය විසින් අත්ඩංගුවට ගත් අවස්ථාව.
*2019 වසරේදි තාරුකා ඉබ්බන් විදේශ රටවලට රහසේ යැවීම සඳහා රැස් කළ ස්ථානයක් වටලා එහි රහසිගතව සඟවා සිටි තාරුකා ඉබ්බන් 57 ක් පොලිසිය විසින් අත්ඩංගුවට ගත් අවස්ථාව.
*2019 වසරේදි සුඛෝපභෝගි වෑන් රථයකින් තාරකා ඉබ්බන් 25 දෙනෙකු ප්රවාහනය කරමින් සිටියදී පොලිසිය විසින් ඉබ්බන්ව අත්ඩංගුවට ගත් අවස්ථාව.
*2019 වසරේදී තාරකා ඉබ්බන් 304 ක් කටුනායක ගුවන්තොටුපල පරිශ්රයේදී පොලිසිය විසින් අත්ඩංගුවට ගත් අවස්ථාව.
ඉන් කිහිපයකි.
මෙරට හමුවන ඉබ්බන් විශේෂ සියල්ලම සහ ලංකාවෙ වෙරළට පැමිණෙන කැස්බෑ විශේෂ සියල්ලම ද වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ නීතියෙන් ආරක්ෂිත සත්ව ප්රජාවන් වෙනවා.
- පරිසර සමාගම