ආරක්ෂක ඇමතිතුමාගේ නව ක්‍රියා මාර්ග 07.

0
prasanna ranatunga

රට පුරාම විරෝධතා පැවැත්වෙන මෙවන් කාලයකදි සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතු කර ගැනීම සදහා ක්‍රියාත්මක විය යුතු ආකාරය ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් සිය ලේකම් වරයාට දන්වා ඇත. එහිදි ගිලන් රථ, පාසැල් සිසුන් ප්‍රවාහනය කරන වාහන, කාර්යාල සේවකයින්ගේ ප්‍රවාහන සේවා, විදේශ ආයෝජන අනුව ක්‍රියාත්මක කර්මාන්ත ශාලාවල සේවකයින් යන අයට බාධාවකින් තොරව ගමන් කිරීමට ඉඩ සැලැස්වීම, සංචාරකයින් ගමන්ගන්නා රථවාහන සදහා බාධා නොකිරීම, පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම හා අත්‍යාවශ්‍ය සේවා භාණ්ඩ හා සේවා ප්‍රවාහනයට ඉඩ සලසන ලෙස දන්වා ඇත. එසේම උද්‌ඝෝෂණ පැවැත්වෙන අවස්ථාවලදි එම පිරිස් සමග කතා බහ කර ක්‍රියා මාර්ග ගන්නා ලෙසද දන්වා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *