ආගමික සහජීවනය
අද (24) අන්තර් විශ්ව විද්‍යාලීය බලමණ්ඩලය විසින් පවත්වන ලද දැවැන්ත විරෝධතා ව්‍යාපාරය උදෑසන සිට කොලඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ විය. මෙම විරෝධතාකරුවන් සියල්ල ඒක රාශි වී පාගමනින් ගාලුමුවදොර ගෝඨාගෝගම වෙත ගොස් එහි අඛණ්ඩ අරගලයේ නියුතු පිරිසට එකතු වන්නට සැලසුම් කර තිබුණි. නමුත් ආරක්ෂක අංශ විසින් ගාලු මුවදොරට පිවිසෙන ප්‍රධාන මාර්ග සියල්ල යකඩ උල් සහිත මාර්ග බාධක යොදා හරස් කර තිබුණි. එම තත්වය මත විශ්ව විද්‍යාල සිසුන් ඇතුලු මහජනතාවගෙන් යුතු වූ විරෝධතා කරුවන් පිරිස රජයට හා රාජපක්ෂ පවුලට එරෙහිව විරෝධතා පාඨ කියමින් විජේරාමයේ අගමැති නිල නිවස වටලන්නට විය. අගමැති නිල නිවසේ ගේට්ටුවේ කලු කොඩි ඔසවන ලද ඔවුන් නිල නිවසේ තාප්පයේ සිය විරෝධතා සටහන් කර පැය කිහිපහකට පසුව පා ගමනින් ගාලු මුවදොර වෙත ලගා වී ඇත.
විරෝධතාවයේ නියුතු සිසුන් මාර්ග බාධක ඉවත් කර ඉදිරියට යාම වලක්වන්නට ආරක්ෂක අංශ කටයුතු කරන ලද අව්ස්ථාවේදී එම සිසුන්ට පහර දීමක් වේ නම් එයින් වලක්වනු වස් කන්‍යා සොහොයුරියන් ඉදිරිපසින් සිටගෙන සිසුන්ට හා මහජනයාට ආරක්ෂාව සලසන්නට ඉදිරිපත් වි ඇත. එම ජායාරෑපය ඉහත දක්වා ඇති අතර රට ජාතිය වෙනුවෙන් හා මිනිසුන්ගේ පණ වෙනුවෙන් මෙන්ම විරෝධතාවයේ නිරත වීමට ඇති මානව හිමිකම වෙනුවෙන්ද ඉදිරිපත් වූ මෙම කන්‍යා සොහොයුරියන් හේතුවෙන් ආගමික සහජිවනයේ සංකේතයක් විද්‍යමාන වූයේ යැයි කිව හැකිය.
සපුමලී බණ්ඩාර