අන්තරයට බය වූ ශ්‍රී ලංකා පොලිසිය.

0
FB_IMG_1650794949134

අද (24) උදෑසන සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේ ආරම්භ කරන ලද අන්තර් විශ්ව විද්‍යාලීය බල මන්ඩලයේ රජයට එරෙහි විරෝධතාවය තවමත් පැවැත්වේ.

මෙම විරෝධතාවයන් පසුව සියලුම දෙනා ගාලුමුවදොර ගෝඨාගෝගම අරගලය දක්වා පා ගමනක්ම සූදානම් කර ඇත. එම සැලසුම පිලිබදව දැනගත් ශ්‍රී ලංකා පොලීසිය විසින් ගාලූ මුවදොරට පිවිසීමට ඇති සියලු ප්‍රධාන මාර්ග වසා දමමින් යකඩ කටු සහිත මාර්ග බාධක යොදා ඇත.

උල් කම්බි කටු සහිත එම බාධකයන් කලු ඉටි රෙදි වලින් ආවරණය කර ඇති අතර නොදන්නා කමෙන් ඒ මත නැඟ හෝ පෙරළීමට උත්සාහ කළහොත් මිනිසුන්ට තුවාල සිදු වීම නොවැලැක්විය හැකිය. විරෝධතාකරුවන්ට කිසිදු කිරීමේ චේතනාවෙන්ම උල් කටු සහිත එම මාර්ග බාධක ඉතා සූක්ෂම ලෙස ආවරණය කර තිබීමෙන්ම රජය විරෝධතාවයට දක්වන බිය පැහැදිලි වේ.

මහජන විරෝධතාවය මැඩලීම සඳහා භාවිතා කරන තවත් එක් පහත් ක්‍රියා මාර්ගයක් ලෙස මෙම ශ්‍රී ලංකා පොලිසියේ උල් යකඩ කටු සහිත ආවරණය කරන ලද මාර්ග බාධක යෙදීමේ ක්‍රියාවලිය අපි තරයේ හෙළා දකිමු.

සපුමලී බණ්ඩාර

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *