අගමැති තවදුරටත් තබා ගැනීමේ මෙහෙයුම.
අගමැති ධූරයේ මහින්ද රාජපක්ෂ තවදුරටත් තබා ගැනීම සදහා කටයුතු කරන ලෙස ඉල්ලා ලිපියක් ජනාධිපති වෙත යොමු කිරීමට ලිපයක් අත්සන් කිරීමේ වැඩ පිලිවෙලක් අද (24) නෙලුම් මාවත පොහොට්ටු කාර්යාලයේදී සිදූ වී ඇත.
පොහොට්ටුවේ පක්ෂ ලේකම් සාගර කාරියවසම් ඒ සදහා මූලිකත්වය ගෙන ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරු වෙත ආරාධනා කර ඇතැයිද වාර්තා වේ. අද දිනම මෙම අත්සන් සහිත ලිපිය ජනාධිපති වෙත භාර දීමට බලාපොරොත්තු වුවද, මහින්ද රාජපක්ෂ තවදුරටත් අගමැති පුටුවේ තබා ගැනීමට විශාල පිරිසක් අකමැති වීම මත අත්සන් 50 ක ප්‍රමාණයක්වත් ලැබී නැතැයිද වාර්තා වේ.
සපුමලී බණ්ඩාර