රට පුරාම ආණ්ඩුවට එරෙහි විරෝධතා..
මේ වන විට රට පුරාම බස් රථ රියදුරන්, ත්‍රි රෝධ රථ රියදුරන් ප්‍රමුඛ මහජනතාව රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ හා විරෝධතා දක්වමින් සිටිති.
ඊයේ රාත්‍රියේ සිට ඉන්ධන මිල නැවතත් ඉහල නැංවීමත් සමග ජනතාව වෙත පැටවී ඇති පීඩනය පුපුරා යමින් තිබෙන බව දැක ගත හැකිය.
රත්නපුර, මාතර, ගාල්ල, රඹුක්කන, මාතලේ, අනුරාධපුර හා පානදුරද මේ වන විට මාර්ග අවහිරකරමින් මහජනතාව විරෝධතා පවත්වයි. එසේම බේරුවල සිට හා කොළඹ විශ්ව විද්‍යාලය ආසන්නයේ සිටද මේ වන විට විරෝධතාකරුවන් ගාලු මුවදොර අරගලයට එක්වීමට ගමන් ගනිමින් සිටින අතර ඒ සදහා සුදානම් වෙමින් සිටින බවද වාර්තා වේ.
සපුමලී බණ්ඩාර