ආණ්ඩුව අහිමිකරගත් සති 2ක සහන කාලය..

0
FB_IMG_1650360989487

එදා මිරිහානෙන් පිටවීමට පටන්ගත්තේ දීර්ඝකාලයක් ජනතාව හිරකරන් සිටි පීඩනයයි.. එදා ඒ පීඩනය සීමා මායිම් නොමැතිව රටපුරා පැතිරීමට විභවයක් සහිත එකක් විය. ඒ පීඩනය කරට ගෙන නායකත්වයක් දීමට විපක්ෂයක්ද නොමැති වූ තැන ප්‍රතිඵල භයානක වීමට ඉඩ තිබුණි.

කෙසේ නමුත් රටේ නිර්මාණශීලී තරුණ තරුණියන් එක්ව සියලුදෙනාට එක්විය හැකි අවිහිංසාවාදී අරග.ල බිමක් ගාලු මුවදොර නිර්මාණය කිරන ලදි. මෙය පීඩනයෙන් සිටි ජනතාව හට “ස්ට්‍රෙස් බෝල්” එකක් විය. තම පීඩනය හඩගා කීමට වේදිකාවක් විය.

මේ හරහා රටපුරා පුපුරා යාමට තිබූ පීඩනය සති දෙකකින් ප්‍රමාද කිරීමට තරුණ තරුණියන් සමත් විය. මෙය විසදුමක් සෙවීම සදහා ආණ්ඩුවට ලැබුණු සහන කාලයකි. ඒත් ඒ සහන කාලය සමච්චලයට ලක්කරමින් ගෝඨා ප්‍රමුක ආණ්ඩුව නොදරුවන් සේ හැසිරුණි.

  1. ජොනී බට්ටා වැනි නූගත් චන්ඩි දමා ජනතාවගෙන් ගේම ඉල්ලීම
  2. විරෝධතාව කරුවන් අන්තවාදීන් ලෙස හැදින්වීම
  3. ජාතිවාදය ඇවිස්සවීමට උත්සහ කිරීම
  4. දෙරණ වැනි කුණු මාධ්‍ය යොදාගනිමින් ජනතාවට අපහාස කිරීම
  5. බුරුවෝ හංගා කුට්ටම අනන ආකාරයේ කැබිනට් සංශෝධන

ආණ්ඩුවේ විසදුම් විය.

අඩන්න ඉතා ආසන්න ජනතාවගේ ඇසට ආණ්ඩුව දිගින් දිගටම ඇගිල්ලෙන් ඇනීම හේතුවෙන් අද දින සීමා මායිම් බිදිමින් මෙතෙක් නිහඩව සිටි ග්‍රාමීය ජනතාව සිය පීඩනය පිට කිරීම ආරම්භ කර තිබේ.

ජනතාව වෙත,

මෙය ඉතා භයානක තත්වයකි. මන්ද, මෙය විසදුමකට ඇති දිගම මග නිසාවෙනි. ප්‍රචන්ඩත්වයෙන් මෙවැනි ආණ්ඩුවක් පෙරලීම ඉතා අසීරුය. ජනතාව පිළිබද කිසිදු හැගීමක් නැති පීඩාකාරී ආණ්ඩුවක්, හමුදා සහ පොලිස් බලය තිබෙන තාක්කල් ආණ්ඩුබලය අත්නොහරියි. හමුදා සහ පොලිස් බලය ආණ්ඩුවට අහිමිවන මට්ටමක් දක්වා අරගලය රැගෙන යාමට නම් විශාල ජීවිත වන්දියක් ගෙවීමට සිදුවෙනු ඇත. එම නිසා ප්‍රචන්ඩත්වය අතහැර අ.රගලය නිර්මාණශීලී කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

ආණ්ඩුව වෙත,

ආණ්ඩුවට ඇත්තෙ එකම විසදුමයි. ජනාධිපති සහ ආණ්ඩුව ඉල්ලා අස්වී භාරකාර රජයක් පත් කළ යුතුය. මාස 6 සහ වසරක අතර කාලයක් තුළ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම එම භාරකාර රජයේ වගකීමයි.

පාරට බහින ජනතාව බලය යොදා පාලනය කිරීමට ආණ්ඩුව අපේක්ෂා කරනවා නම් ඒ තරම් අනුවණ ක්‍රියාවක් තවත් නැත. මන්ද, වෙනදා අරගලවලට පැමිණෙන ජනතාවට නැවත හැරීයාටම එදිනෙදා ජීවිතය ඉතිරිව තිබුණි. නමුත් අද පාරට බහින්නෙ තම එදිනෙදා ජීවිතය අහිමිවූ ජනතාවකි. මෙය ඔවුන්ට “ඩූ ඕර් ඩයි” අවස්තාවකි. එම නිසා මෙම ජනතාව වෙත පොලිස් හමුදා බලය යෙදවීමට ආණ්ඩුව උත්සහ කලහොත් එය කෙලවර වන්නේ මහා කේදවාචකයකිනි.

අවසාන වශයෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටීමට ඇත්තේ හැගීම්වලට නොව බුද්ධියට මුල් තැන දී කටයුතු කරන කරන ලෙසය.

සටහන : නිමේෂ් රාවණගේ මුහුණු පොතෙන්.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *