ගම්මන්පිල නාඩගම
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සංවර්ධන කටයුතු ලෙස රට හරහා නළ එලීමේ ව්‍යාපෘතියක් හා ටැංකි හයක් සෑදීමේ ව්‍යාපෘති සදහා මේවන විට ටෙන්ඩර් කැදවා ප්‍රධානයන්ද සිදු කර ඇත. ටැංකි හයක් සෑදීමේ ව්‍යාපෘතියේ කටයුතු ප්‍රමාදවීම මත එම ටෙන්ඩරය අවලංගු කිරීමටත්. නළ එලීමේ ව්‍යාපෘතිය අඩු වියදමකින් සංස්ථාවේ ඉංජිනේරලවා කරවීමටත් තීරණය කර සීපීඑසටීඑල් අධ්‍යක්ෂක මණ්ඩලය එම ව්‍යාපෘති දෙකම අවලංගු කිරීමට තීරණ ගෙන ඇමති උදය ගම්මන්පිලට දන්වා ඇත.
තත්වය එසේ තිබියදී ඇමති උදය ගම්මන්පිල දිගින් දිගටම සීපීඑසටීඑල් සභාපති උවයිස් මොහොමඩ් මහතාට බලපෑම් කරන ලද බවත්, ඇමතිගේ හිතවතුන්ට උසස්වීම් ලබා දෙන්නට බල කරන ලද බවත් සීපීඑසටීඑල් සේවකයින් පවසයි. එම ඇමතිගේ නීතියට පටහරනි බලපෑම් වලට යටත් නොවීමෙන් සභාපති උවයිස් මොහොමඩ් තනතුරෙන් ඉවත් කර, ඇමති උදය ගම්මන්පිලට හිතෛෂී අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු සභාපති හා කලමනාකාර අධ්‍යක්ෂක ලෙස වැඩ බලන්නට පත් කර ඇතැයිද ඛණිජ තෙල් සේවකයාන් පවසයි.
ආයතනයේ ආරක්ෂාවට සීසීටීවී පද්ධතියක් ඇති කිරීමට සියලුම වෘත්තීය සමිති දැඩි ලෙස විරෝධය පා තිබියදී ආයතනයේ රජය සතු දේපලක් වන ඛණිජ තෙල්වල ආරක්ෂාවට ද්‍රෝණ කැමරා යෙදවීමට වෘත්තීය සමිති එරෙහි වී ඇති බැවින් ඔවුන්ද උවයිස් මොහොමඩ් ඉවත් කරන්නට බල කර ඇතැයි වාර්තා වේ. එසේම ආයතනයේ විනය කඩ කිරීම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව යමින් වෘත්තීය සමිතිද ඇමති ගම්මන්පිල හා එක්වී සිපිඑස්ටීඑල් ආයතනය වල් බූරු පාලනයකට නතු කර ගැනීමේ උත්සාහයක් ලෙස ජනාධිපති ලබා දුන් පත්වීමක් මෙලෙස අවලංගු කර ඇතැයිද ඔවුන් පවසයි.
උවයිස් මෙහොමඩ් මහතාගේ පත්වීම ජනාධිපති කර තිබියදී ඇමති විසින් එයින් ඉවත් කිරීමෙන් ජනාධිපති පඹයකු කරන්නට උදය ගම්මන්පිල කටයතු කරන බවට ඔවුන් තව දුරටත් පවසියි.