යුද්ධ කතාවක්
චන්ද්‍රිකා -රනිල් ආන්ඩු කාලෙදී සාම සාකච්ඡා ආරම්භ කරලා, සටන් විරාමයක් ප්‍රකාශයට පත් කලා. ඒ අතරෙදි ආන්ඩුව පුලුවන් තරම් නවීන අවි ආයුධ රැස් කර ගත්තා. හමුදාවේ පිරිස් බලය වැඩි කර ගත්තා. කරුනා අම්මාන්ලා වගේ නායකයින් පිට රටවල අධි සුඛොපභෝගී හෝටල්වලට ගෙන්නලා සාකච්ඡා කරනකොට එයාලට ජීවිතේ රස වැටුනා.
කරුනා සමඟ ත්‍රිකුණාමලය ,මඩකලපු කන්ඩායම ඉවත් වුන එක තමා එල්.ටී.ටී.යේ දරුනුම බිඳ වැටීම.මොකද කුලහීනයන් වුන මේ ටීම් එක තමා යුද්ධය වෙද්දී ප්‍රන්ට් ලයින් එකෙන්ම යැව්වේ.සුයිසයිඩ් බෝම්බ් එක්ස්ප්ලොයිඩර්ලා විදියට යොදා ගත්තෙත් වැඩිමනක් මේ ටීම් එකෙන් ගත්ත අය.
ඒ අතර ලක්ෂ්මන් කදිරගාමර් වැනි දක්ෂ විදේශ ඇමතිලා හරහා ජාත්‍යන්තරය ලංකා ආන්ඩුවට හිතවත්ව තියා ගන්ඩත් පුලුවං වුනා. මේවයිං පරල වීමත් එක්ක එල්.ටී.ටි.ය ඒකපාර්ශ්විකව සටන් විරාමය කඩ කරමින් අලිමංකඩ ඇතුලු හමුදා කඳවුරු කිහිපයකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කලා. හමුදාවට මේක බලවත් හානියක් වුනාට මේ හරහා එල්.ටී.ටි.යට වුන හානිය වැඩියි. ඔවුන් ජාත්‍යන්තරය ඉදිරියේ දැඩි දෝශ දර්ශනයට ලක් වුනා. බොහොමයක් රටවල් එය තහනම් සංවිධානය ක් ලෙස ප්‍රකාශයට පත් කලා.
ඊ ලඟ චන්දෙදි එල්.ටී.ටි.ය දෙවනි වැරැද්ද ත් කර ගත්තා. ඒ, උතුරේ චන්දය වර්ජනය කරමින් රනිල් වැනි ලිබරල් නායකයකු තෝරා ගැනීමට තිබූ ඉඩකඩ අහුරමින් ජාතිවාදී නායකයෙකු වූ මහින්දට බලය ලබා දෙමින්. මහින්ද සටන් විරාමයක් ප්‍රකාශයට පත් කලත් ඒ කලේ ප්‍රෝඩාවක් වග එල්ටීටි ය දැන සිටියා. ඒ අනුව ඔවුන් මාවිල් ආරු හොරොව්ව වසා දමමින් තුන් වන වැරැද්දත් කලා. මානුෂික මෙහෙයුමට ආන්ඩුවේ හමුදා බහිනකොට එල්.ටී.ටී.ය හිටියේ සතුරා ගැන අවතක්සේරුවෙන්.
ආන්ඩුවේ හමුදා අවි බලයෙන්, පිරිස් බලයෙන් සහ හමුදා මානසිකත්වයෙන් පිරිපුන්ව සිටියා.
ජනරාල් සරත් ෙෆාන්සේකාගේ උපක්‍රමික සටන් මෙහෙයවීම් හමුවේ දින පතාම පසු බසින්නට එල්ටීටි යට සිද්ධ වුනා. අන්තිම මොහොතේ හෝ අවම තරමින් ඉන්දියාව හෝ තමන්ගේ පිහිටට පැමිනෙතැයි සිතූවද එය වුනේ නැහැ. අනෙක් අතට උතුර යුධයෙන් හෙම්බත්ව සිටියද, දකුන හමුදා මානසිකත්වය විසින් සම්පූර්නයෙන්ම ඩැහැ ගෙන තිබුනා. ඉතිහාසයේ කිසි දා නොවූ ලෙස විශ්ව විද්‍යාලවලත් හමුදාවට ආශිර්වාද කරමින් බැනර් කටවුට් ඇලවුනා. ජ.වි.ප.ය වැනි වාමාංශික පක්ෂ පවා “බර අවි යොදා පහර දෙනු” වැනි සටන් පාඨ පෙරට දමමින් යුද්ධයේම කොටස් කරුවන් වුනා.
යුධ විරෝධියකු වූ වික්ටර් අයිවන් වැනි සිවිල් ක්‍රියාකාරිකයින් පවා යුද්ධයට ආශිර්වාද කලා.
අන්තිමට මුල්ලි වයික්කාල්වලදී , දැවැන්ත ජන සංහාරයකින් අනතුරුව ප්‍රභාකරන්ට ඇස් පියා ගන්න වුනා. එයිටත් අන්තිමේ යුද්ධය මෙහෙයවපු හැබෑ සෙන්පතියා පැත්තක ඉද්දී අයියයි මල්ලියි, ඒ ඩබලට ගොට්ට අල්ලපු හමුදා ප්‍රධානින් කිහිප දෙනෙකුයි යුධ ජයග්‍රහනයේ බූදල්කරුවෝ වුනා. යුධ ජයග්‍රහනය යනු කාලානුරූපීව වුන සිද්ධිදාමයක අවසන් ප්‍රතිපලයක්ය යන්න වග තේරුම් ගන්ඩ බැරි වුන ලංකාවේ වීරෝධාර ජනතාව අර අයියටයි, මල්ලිටයි වශී වෙලා, ඒ දෙපලට දෙපාරක්ම චන්දෙ දීලා, නා ගන්ඩ පුලුවං හොඳම විදියට නා ගත්තා.
- නීතීවේදි වසන්ත සිරි වටගොඩ
Sri Lankan Civil War
Jul 23, 1983 – May 18, 2009