රාජ්‍ය සේවයේ බර තවත් වැඩි කරමින් ගම්මන්පිලගෙන් තෙල් සංස්ථාවේ නව රුකියා…

0
FB_IMG_1636863435743

පසුගිය මාස තුනක් පමණ කාලය ඇතුළත උදය ගම්මන්පිල විසින් තමාගේ හිතවතුන් හා තමාගේ ලේකම්වරුන්ගේ හිතවතුන් හා යහළු මිත්‍රාදීන්ට ද ඔවුන්ගේ දරුවන්ට ද අවස්ථාව සලසා දෙමින් කිසිදු සම්මුඛ පරීක්ෂණයකින් තොරව දෛනික රුපියල් 1500 ක වැටුප් පදනම මත 60 දෙනකු බදවා ගෙන ඇත. එසේම කොන්ත්‍රාත් පදනම මත මාසික වැටුප රුපියල් 60,000 දහස බැගින් ගෙවීමට 9 දෙනකු සඳහා ද රැකියා ලබාදීමට කටයුතු කර ඇතැයි තෙල් සේවකයන් පවසයි.

පිට රටින් ණය ගැනීමට පවා සිදුවී ඇති මෙවන් අවස්ථාවකදී තෙල් සංස්ථාවේ තොග පර්යන්ත සමාගමට නව රැකියා ඉහත කී පරිදි 100 කට ආසන්න ප්‍රමාණයකට ලබා දී ඇතැයි වාර්තා වේ .

මෙහිදි දෙරණ නාලිකාවේ සති අන්ත ටෙලි නාට්‍යක රගපාන නිලියකටද රුකියාව ලබා දී ඇතැයි ද ඇය දැනට මානව සම්අපත්මා කාර්ත්‍යාංශයේ සේවය කරන බවටද ඇමතිවරයා මීට මාස කිහිපයකට පෙර එක්සත් ජාතික පක්ෂයේ නලීන් බණ්ඩාරගේ සුරෑපී හිතවතියකටද රුකියාව ලබා දී ඇතැයි ඔවුන් පවසයි.

මෙම බඳවා ගැනීම් සියල්ල කිසිදු සම්මුඛ පරීක්ෂණයකින් තොරව බඳවා ගැනීමේ පටිපාටියට අනුකූල නොවන පරිදි සිදුකර ඇති බවටත් රටේ තෙල් අර්බුදය හා ආයතනයේ මුදල් නැති ප්‍රශ්න අවස්ථාවකදී ආයතන දෙකම තව තවත් අර්බුදයකට ගෙනයමින් ගම්මන්පිල කටයුතු කරන බවටත් තෙල් සේවකයින් දැඩි ලෙස චෝදනා කරයි.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *