ලක්ෂ්මන් විජේසේකර දිවි ගමනට සමු දෙයි..
සිංහල ටෙලි සිනමාව සහ ගීතය යා කෙරූ අසහාය කඩවසම් හඬ මැකී ගිය වග සටහන් වූ මොහොතක, ඔහුගේ ලවන් මධුර හඬට එදා මෙදාතුර ආලය කෙරූවෙකු ලෙස මෙසේ කෙටි සටහනක් තබමි.
ඉර පායා තුලින් සමිතා සමග තැබූ අදටත් නොබිඳිය හැකි ප්‍රේක්ෂක ජනාදර වාර්තාව සමග අප හදවත් තුල සනිටුහන් වූ ඔහුටම ආවේණික වූ ඒ හඬ පුරුෂය මෙන්ම සරල සුගම ජීවිතය තුල කලා කරුවන්ට ගතහැකි සහ ගතයුතු ආදර්ශයන් රැසක් ඇති බව හැඟීමයි.
විරහා ගීත කලාවේ රජුන් ලෙස සලකන මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලටාරච්චි මෙන්ම පුන්සිරි සොයිසා වැනි ප්‍රවීනයන් අතරම තැබිය හැකි, සිංහල ගීතයේ විරහ සලකුණක් ලෙස ලක්ෂ්මන් විජේසේකරයන් මා දකිමි.
ඉදින් සදාදරයාණනි,
ඔබේ සේවය සමාප්ත කර සමුගන්නට සැරසෙන මොහොතේ, ඔබට නිර්වානය පතමින්
“අයදිමි යලි මෙහි නොඑන ලෙසින්”
දෑත දෙපා ළඟ ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිවු සිය ගව් දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන්
පෙරමග පියවර මැකෙන ලෙසින්
ඈතට යනු මැන අසුරු සැනින්
මා හඬවන්නට සිහින තුලින්
අයදිමි යළි මෙහි නොඑන ලෙසින්
නිදි යහනටවන් අකුණු සරින්
මතක සිහින සිතුවිලි පුබුදන්
හද මල ගම දා මම වැලපෙන්
විදුලිය සේ යළි සිනහා නොවෙන්…
- Chamila Ranamuka