ප්රථම වරට ශ්රී ලංකාවේ Number portability සඳහා නීතිමය අනුමැතිය
Number portability සරලව !
හිතන්න ඔයාට තියෙන්නේ Diag number එකක්! ඒක 077XXXXXXX කියමුකෝ. ඔයාට Diag network එක එපා වෙලා වගේ නම්, එයාලගේ Packages ගැන අකමැත්තක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඔය දැන් තියෙන number එක ඒ විදිහටම තියාගෙන ඒ service provider ව මාරු කරන්න. ඒ කිව්වේ වෙනත් network එකකට මාරු වෙන්න.
ඔයා Motel වලට මාරු වුනත්, Hch වලට මාරු වුනත්, Aiel වලට මාරු වුනත් ඔයාගේ number එකේ කිසිම වෙනසක් වෙන්නේ නෑ. 077XXXXXXX ම තමයි දිගටම තියෙන්නේ. උදාහරණයක් විදිහට ඔයා Diag අයින් කරලා Motel වලට මාරු වුනොත් මෙච්චර කල් Diag recharge cards/ data cards / reload / data packs දැම්ම ඔයාට ඊට පස්සේ දාන්න වෙන්නේ Motel recharge cards / data packs / reloads & Data packs. මේක ක්රියාත්මක වුනාට පස්සේ අපිට Number එකෙන් network එක හොයන්න බැරි වෙනවා. හිතන්න අපිට 071XXXXXXX number එකෙන් Call එකක් ආවොත් ඒක Diag number එකක් වෙන්නත් පුළුවන්, Motel number එකක් වෙන්නත් පුළුවන්, Hch number එකක් වෙන්නත් පුළුවන්, Ai**el number එකක් වෙන්නත් පුළුවන්!
071/072/074/075/076/077/078 මැල්ලුමක් වෙනවා 😃
සරලව මේකෙදි වෙන්නේ ඔයාගේ Number එක ඔයාටම අයිති වෙනවා!
Service provider ව මාරු කරන්න පාරිභෝගිකයාට සම්පූර්ණ නිදහස තියෙනවා.
දැනට මේක ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක සාර්ථකව ක්රියාත්මක වෙනවා.
මේකෙන් පාරිභෝගිකයන්ට තමන් කැමති සේවාවක් තෝරගන්න අවස්ථාව ලැබෙනවා වගේම සේවා සපයන්නන් අතර හොඳ තරඟකාරීත්වයක් ඇති වෙනවා.
Packages, Rates වෙනස් වෙන්න ඉඩ තියෙනවා.
මේක ක්රියාත්මක වෙද්දි ඒ ගැන දුරකථන සේවා සපයන සමාගම් විසින් හෝ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.
එතකොට අපිට අපි කැමති සේවා සපයන්නෙක් ලඟට ගිහින් අදළ තොරතුරු දීලා තියෙන අංකයටම අලුත් Sim card එකක් ගන්න පුළුවන් වෙයි.
- Nipuni Senaya