https://report.lk Hot and Fast NEWS Alert Tue, 06 Jun 2023 05:53:59 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.7.1 https://i0.wp.com/report.lk/wp-content/uploads/2021/09/GO-report.png?fit=32%2C32&ssl=1 https://report.lk 32 32 214803532 මහාලිංගම් නම් අපුරු මිනිසා https://report.lk/2023/06/06/%e0%b6%b8%e0%b7%84%e0%b7%8f%e0%b6%bd%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-%e0%b6%85%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%92/ https://report.lk/2023/06/06/%e0%b6%b8%e0%b7%84%e0%b7%8f%e0%b6%bd%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-%e0%b6%85%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%92/#respond Tue, 06 Jun 2023 05:53:57 +0000 https://report.lk/?p=499 එක්සත් රාජධානියේ “ඇව්රෝ” ගුවන්යානා නිෂ්පාදන සමාගම දැවැන්ත අර්බුදයකට මුහුණපාමින් සිටියේය. තම ජෙට් යානාවල එන්ජිමෙහි පවත්නා දෙදරීම නිසා එහි අලවිය පහත වැටෙමින් තිබුණි.. එරට කිසිදු ඉන්ජෙරුනේරුවරයකුට එයට පිළියම් සොයා ගැනීමට නොහැකි විය…

අවසානයේ මෙයට පිළියම් සොයන්නට මැලේසියන් සම්බවයක් සහිත ලාංකිකයකුට ඇරයුම් ලැබුණි… ඔහු එකල පේරාදෙණිය සරසවියේ ආචාර්යවරයකු ලෙස සේවය කල මහාලිංගම් මහතාය… ඇව්රෝ ගුවන් සමාගම මුහුණ දෙමින් තිබු ජෙට් යානාවල එන්ජිමේ පවත්නා දෙදරීමේ දෝෂයට පිළියම් සොයා දෙන මෙම අපුරු මිනිසා එකල ලෝකය මවිත කළේය…

මෙයින් මහා උද්දාමයට පත්වූ එක්සත් රාජධානිය, මෙම අපුරු මිනිසාගෙන් ඉල්ලා සිටියේ ඕනෑම වරයක් ඉල්ලා සිටින ලෙසයි… විශාල මුදල් කන්දරාවක්, තනතුරු, යානවාහන, එරට පුරවැසිභාවය ඒ අතර විය.. මුදල් සදහා ඕනෑම දෙයක් කරන මෙවැනි සමාජයක මේ අපුරු මිනිසා ඉල්ලා සිටියේ ජෙට් යානා එන්ජිමකි.. ඒ පේරාදෙණිය සරසවිය උදෙසාය… අද දක්වා පේරාදෙණිය සරසවියේ සිසු දරුවන් ගුවන්යානා තාක්ෂණය පිළිබදව අධ්‍යනය කරන්නේ මේ එංජිම හරහාය… බොහෝ වරප්‍රසාද වෙනුවට ඔහු ඉල්ලා සිටියේ තමා ජීවත්වන රටේ දරුවන් අනාගතය වෙත ගෙන යන්නට ගුවන් එංජිමකි….

ජනතාවගේ හෝ සාමුහිකත්වයක බලපෑම නිසා මහා පුරුෂයන් වන බොහොමයක් දෙනා පාලකයාගේ ගරුත්වය,ප්‍රශංසාව නිරතුරුව බලාපොරොත්තු වන බිමක මෙවැනි උදාරතර මිනිසුන් රටට වාසනාවකි… මහාලිංගම් මහාචාර්යවරයාට මේ පොළවේ කෙතරම් වටිනාකමක් ලබුනේදැයි මම නොදනිමි… පාලකයන් ඔවුන්ට වටිනාකම් ගොඩනගා ගත හැකි මිනිසුන් මෙන්ම ඔවුන්ගේ මරණද විකුණති… එහෙත් විකිණිය නොහැකි සැබෑ මිනිසුන් මගහරිති.. මෙම උදාර මිනිසා නිසොල්මනේ යාපනය රෝහලේදී අවසන් ගමන් ගියේ ජීවත් වූ බිමට මහා කීර්තියක් මෙන්ම අනාගත පරපුරේ අනාගතය උදෙසා මහා ජවයක් මේ පොළවේ තබමිණි… නුබ වැනි ආදරණීය මිනිසුන් හැමදාම ආදරයෙන් සිහිපත් කරන්නෙමු…

]]>
https://report.lk/2023/06/06/%e0%b6%b8%e0%b7%84%e0%b7%8f%e0%b6%bd%e0%b7%92%e0%b6%82%e0%b6%9c%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-%e0%b6%85%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%92/feed/ 0 499
කළුවර ශාකය https://report.lk/2023/04/03/%e0%b6%9a%e0%b7%85%e0%b7%94%e0%b7%80%e0%b6%bb-%e0%b7%81%e0%b7%8f%e0%b6%9a%e0%b6%ba/ https://report.lk/2023/04/03/%e0%b6%9a%e0%b7%85%e0%b7%94%e0%b7%80%e0%b6%bb-%e0%b7%81%e0%b7%8f%e0%b6%9a%e0%b6%ba/#respond Mon, 03 Apr 2023 09:25:55 +0000 https://report.lk/?p=492 ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ඉන්දියානු කලාපයේ සීමිත රටවල් ගණනක දක්නට ලැබෙන සහ ශ්‍රී ලංකවේ වියළි කලාපීය හා අතරමැදි කලාපීය දේශගුණික තත්තව යටතේ මීටර් 20- 25 ක් පමණ උසට වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. මෙම ශාකය ශ්‍රී ලංකාවට දේශීය වූ ශාකයකි. කළුවර ශාකය අයත්වන Diospyros ඝණයේ තවත් ශාක 22 ක් පමණ ශ්‍රී ලංකාවේ දී හඳුනා ගෙන ඇත.

කළුවර ශාකය මුලින් ම උද්භිද විද්‍යාත්මකව හඳුනා ගෙන ඇත්තේ වර්ෂ 1776 දී Koenig නම් තැනැත්තා විසින් ශ්‍රී ලංකවේ දී වීම සුවිශේෂි කරුණකි. ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව පැවති සමයේ දී කළුවර දැව විශාල ලෙස අපේ රටේ වනාන්තරවලින් කපා විදේශවලට ගෙන ගිය බව කියැවෙන අතර, වර්ෂ 1910 දී කළුවර ටොන් 2635 ක් විදේශිකයන් වෙන්දේසි කළ බවට පොත පතෙහි සඳහන් වේ.

අතීතයේ සිට සිදුවූ මෙවන් අනර්ථකාරී ක්‍රියා හේතුවෙන් අද වන විට මේ වටිනා ශාකය විනාශයේ අභිමුවට පැමිණ තිබීම කනගාටුවට කරුණකි. කළුවර ශාකය ද සීමිත/ තහනම් දැවයක් ලෙස නම් කර ඇත අතර ප්‍රවාහන බලපත්‍ර ලබා දීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරයි. කළුවර කඳන් සහ ඉරූ දැව අපනයන ද තහනම් කොට ඇත. රාජ්‍ය දැව සංස්ථ වර්ගීකරණය අනුව අධි සුඛෝපභෝගී දැව වර්ගයකි.

කළුවර දැව ඝන මීටරයක් (මැද වට මීටරයක්) රු. 123,228.00 පමණ වේ. 2007 වර්ෂයේ ප්‍රකාශයට පත් කර ඇති රතු දත්ත පොතට (The 2007 Red List of Threatened Fauna and Flora of Sri Lanka) අනුව ශ්‍රී ලංකවේ වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති ශාක වර්ගීකරණයේ අන්තරායට ලක්වූ ශාක විශේෂයක් (Endangered – EN) ලෙසට නම් කොට ඇත.

මෙම ශාකයේ වැදගත්කම සැලකිල්ලට ගෙන රාජ්‍ය දැව සංස්ථාවේ පර්යේෂණ අංශය සහ පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය හා එක්ව මින්නේරිය රාජ්‍ය දැව සංස්ථා භූමියෙහි කළුවර ශාක සංරක්ෂණය සඳහා ජෛව විවිධත්ව උද්‍යානයක් පිහිටුවා තිබේ….

තොරතුරු අන්තර්ජාලයෙන්

]]>
https://report.lk/2023/04/03/%e0%b6%9a%e0%b7%85%e0%b7%94%e0%b7%80%e0%b6%bb-%e0%b7%81%e0%b7%8f%e0%b6%9a%e0%b6%ba/feed/ 0 492
සුද්දගේ මොළයට ගිය කූඩැල්ලා නහයෙන් ගත් පොතුවිල හාමුදුරුවෝ https://report.lk/2023/03/19/%e0%b7%83%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b7%9c%e0%b7%85%e0%b6%ba%e0%b6%a7-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b7%96%e0%b6%a9%e0%b7%90%e0%b6%bd%e0%b7%8a/ https://report.lk/2023/03/19/%e0%b7%83%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b7%9c%e0%b7%85%e0%b6%ba%e0%b6%a7-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b7%96%e0%b6%a9%e0%b7%90%e0%b6%bd%e0%b7%8a/#respond Sun, 19 Mar 2023 06:29:57 +0000 https://report.lk/?p=488 සිංහල ආයුර්වේද ශාස්‌ත්‍රයේ යම් ලෙඩෙකුගේ සිරුරේ පවතින විෂ ලේ, කුණු ලේ ඉවත් කරන්නට කූඩැල්ලන් යොදාගත් බව ප්‍රකට කාරණයකි. සාමාන්‍ය කුඩා ප්‍රමාණයේ කූඩැල්ලන්ට වඩා එවන් විෂ ලේ ඉවත් කිරීමට යොදා ගනු ලබන්නේ ප්‍රමාණයෙන් ලොකු මීහරක්‌ කූඩැල්ලන් ය. ඒ සමගම කූඩැල්ලන් මාර්ගයෙන් තව තවත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමවලට යොදා ගනු ලබන කටයුතු පිළිබඳ තොරතුරු කිහිපයක්‌ පසුගියදා පත්තරයක තිබී කියෑවූවාට පසුව මෙයට දශක පහකට පමණ ඉහතදී අප නිවසේදී වැඩිහිටියන් කිහිපදෙනකු වෙතින් ආගිය තොරතුරු හා විස්‌මිත තොරතුරු කතාබහ කරනවිටද කියෑවුණු කූඩැල්ලන් පිළිබඳ කතා අපගේ මතකයට ආවේ නිතැතින්මය.

එයින් ප්‍රධාන කොට එකල ද දැනුදු ප්‍රචලිත මහා වෛද්‍යවරයාණ හිමිනමක්‌ව විසූ පොතුවිල ඉන්දරතන නාහිමියන් පිළිබඳවය. සිරිලක දකුණුකරේ වන්නට පැරණි විහාරස්‌ථානයක අධිපතිව වැඩවාසය කළ පොතුවිල නායක හාමුදුරුවෝ තමන්ගේ පවුලේ ගිහි වෙද පරම්පරාවෙන් පැවැති ආ වෛද්‍යකර්මය පැවිද්දකු වශයෙන් දියුණු කර ගනිමින් එකල සමහරුන් විස්‌මිත කර වූ වෙදකම් ද කරවූ බවද ප්‍රචලිතය ය.

තම නාසයෙන් ගලා හැලෙන ලේ බිඳු සහිතව අවුරුදු ගණනාවක්‌ම පීඩා විඳි නැවියකු කොළඹ ජැටියේ නැව නැවැත්වූ විටකදී කුලී රථ රියෑදුරෙකුගෙන් පොතුවිල හාමුදුරුවන්ගේ වෛද්‍ය දස්‌කම් අසා විහාරස්‌ථානයට පැමිණියේය. වෙදකම් ලබා ගැනීම සඳහා පන්සලට සුද්දකු, පැමිණ ඇතැයි යන ආරංචිය නිසා මෙහිදී ළඟ අහළ පහළ මිනිසුන් පන්සලට ඒකරාශී විය.

එකල ඉංගී්‍රසි භාෂාව ද මැනවින් හදාරා සිටි පොතුවිල නායක හාමුදුරුවෝ ප්‍රථමයෙන් මේ සුදු නිලධාරියාගෙන් තමන්ට වන් ව්‍යාධිය පිළිබඳව මූලික තොරතුරු විමසා සිටියහ. ඔහුට තිබුණේ දහවල කිහිප විටකම බලවත් සේ හිස රුජාවක්‌ ඇතිවී ඉන්පසු නාසයෙන් ලේ බිඳු කීපයක්‌ ගලා වැටීමයි. මෙය උදේ දහවල කිහිපවිටක්‌ම සිදුවන බවත් එම අවස්‌ථාවලදී තමන්ට දරාගත නොහැකි තරම්ම හිසේ බලවත් වේදනාවක්‌ ඇති වන බවත් සුද්දා නොපැකිලිවම නායක හිමියන් සමග කියා සිටියේය.
“තමන් මේ සිද්ධිය සිදුවන්නට පෙර ගංගා ඇලදොළවල නාලා තියෙනවද?” යි සුද්දාගේ කතාවෙන් පසු පොතුවිල නාහිමියන් ඇසූ පළමුවැනි ප්‍රශ්නය ය.

“ඔව් නාලා තියෙනවා. ඊට පස්‌සේ තමා මට මෙහෙම දෙයක්‌ ඇති වුණේ” යි ඔහු කියා සිටියේ ය. “විශේෂයෙන්ම මුහුණට හිරු රශ්මිය වැටුණවිටදි නේද හිසේ වේදනාව ඇතිවෙලා ලේ ගලන්නට වන්නේ? යි ඉන්පසුව නාහිමියෝ විමසූහ.
“ඔව්, එහෙම තමා වෙන්නේ·”

මේ අවස්‌ථාව උදේ වරුවය. එහෙයින් ඉන්පසුව නාහිමියන් කිහිපදෙනකුට කීවේ පන්සල මිදුලේ අඩි පහක හයක පමණ වූ කණුවක්‌ සිටුවන ලෙසටය. කවුරුත් ඒ අසා විස්‌මයට පත් වූහ.

“දැන් ඉතින් ඔබ ඔය කමිසයත්, කලිසමත් ගලවන්න” යෑයි නාහිමියෝ සුද්දාට කීහ. තරමක්‌ අදිමදි කරමින් ඔහු එයට අවනත විය. දැන් සුද්දාගේ ඇඟේ ඇඳුමකට ඇත්තේ යට ඇඳුම – පමණය. අසල සිටි මිනිසුන් ද නායක හාමුදුරුවන් සුද්දාට ප්‍රතිකාර කරන්නට මෙසේ කමිස කලිසම් ගැලවූයේ මන්දැයි සිතා ගන්නටද බැරිව විමතියෙන් බලා සිටිති.

“ඔය ලනු කැරලි දෙකක්‌ මෙහාට ගෙනෙනවා. ගෙනැල්ලා මේ සුද්දා කණුවට තියලා අත්දෙක පිටුපසට තියලා බඳිනවා හොඳයි.” යනුවෙන් උන්වහන්සේ කීහ. සේවකයන් කී ලෙසම කටයුතු කළහ. මෙසේ සුද්දා කණුවට තබා කිටිකිටියේ බඳින ලද්දේ ඔහුගේ මුහුණ ඉරඑළිය වැටෙන සේ ඉරට මුහුණපා තිබියදීය.

කවුරු කවුරුත් නාහිමියන් කරන්නේ කුමක්‌දැයි සිතාගත නොහැකිව බලා සිටියදී සුද්දාගේ මුහුණිනුත්, ඇඟෙනුත් දහඩිය ගලා හැලෙන්නට වන . ඉර එළිය මුහුණට ම වැටෙන නිසා එය ඉවසා දරාගත නොහැකිව සුද්දා කෑගහන්නට වූයේ මෙවිටය. නාසයෙන් ලේ බිඳු ගලා හැලෙන්නට ද විය. මෙහිදී නායක හිමියන් පන්සල ඇතුළට වැඩම කර සුද්දා වෙත ගෙන ආයේ කිරි පීරිසියකි. එම කිරි පීරිසිය සුද්දාගේ ලේ ගලා එන නාසය අසළට ළං කළ අවස්‌ථාවේදී වේදනාව තරමකට හෝ ඉවසා ගෙන සුද්දා කෑගැසීම නතර කර වෙන්නට යන්නේ කුමක්‌දැයි තමන්ද දැනගත යුතුය යන විලාසයෙන් බලා සිටියේය.

ගතවූයේ තවත් සුළු වේලාවක්‌ පමණකි. සුද්දාගේ ලේ බිඳු ගලා වැටෙන නාස්‌ පුඩුවක්‌ දිගේ ඇදී ආ කළු යමක්‌ කිරි පීරිසියට වැටුණේය. නාහිමියෝ ජයග්‍රාහී සිනාවක්‌ මුහුණට නඟාගත්හ. ඉන්පසුව, “ආ දැන් ඉතින් සුද්දාව ලෙහෙලා දානවා”යෑයිද කීහ. තම හිසේ වූ වේදනාව සමනය වූ හෙයිනුත් සුද්දා ඇතුළු කවුරුත් විමසිලිමත් වූයේ එසේ නාසයේ සිට කිරි පීරිසියට වැටුණ කළු බඩුව කුමක්‌දැයි සොයා බලන්නටය.

නායක හාමුදුරුවෝ ප්‍රථමයෙන් ඒ ගැන සුද්දාට ඉංගී්‍රසියෙන් ද රැස්‌වී සිටි ජනයාට සිංහලෙනුත් කරුණු පැහැදිලි කර දුන්හ.

“සුද්දා ඇලකින් හෝ දොළකින් නාන්නට ගිය අවස්‌ථාවකදී කූඩළු පැටියෙක්‌ නාසයෙන් මොළයට ගිහිල්ලා තියෙනවා. ඒකා විටින් විට හපනවා. එතකොට තමා මෙහෙම ලේ බින්දු හැලෙන්නේ. විශේෂයෙන්ම කූඩැල්ලා හපන්නේ ඉරු රශ්මිය වැටෙන කොටයි. මේ සුද්දාට සිදුවෙලා තියෙන විපත්තිය කිසි රටක කිසිම වෛද්‍යවරයකුට සොයා බලා අල්ලා ගන්න හම්බ වෙලා නැහැ. මම ඔහු සමග කතාවෙනුයි ඒක අල්ලා ගත්තේ. ඒ නිසාම තමා මෙහෙම ඇඳුම් ගලවලා ඇඟට, මුහුණට හිරු රස්‌මිය වැටෙන ලෙස බැඳලා තිබ්බෙ. එයින් දහඩියගලා කැළඹුණු සුද්දාගේ ඔළුවේ මොළයේ රැඳී සිටි කූඩැල්ලාත් වෙනදා වගේම කලබලවෙලා හපන්නට ගත්තා. එතකොට තමා ලේ බිඳු ගලන්නේ. මම කළේ ඒ කූඩැල්ලාට නහයෙන් පිටතට එන්නට කිරි සුවඳ යොමු කළ එක විතරයි. මේවා පොතේ ලියවිලා තියෙන වෙදකම් නොවෙයි. වේලාවේ හැටියට, ලෙඩාගේ තත්ත්වයේ හැටියට ලෙඩේ ඇතිවුණු හැටි හොයලා බලලා කරන හිතේ වෙදකම්- ” යනුවෙන් ගම්මුන්ගේ සැක දුරු කර ගැනීම සඳහා පොතුවිල නායක හාමුදුරුවෝ කූඩැල්ලා පිටතට ගත් හැටි කියා සිටියහ. නායක හිමියන්ගේ වෙදකම් හැටියට ඔවුන් තවත් වරක්‌ විස්‌මයට පත් වීමේ අවස්‌ථාවක්‌ද ලැබිණ.

සුද්දාට ද සතුටේ නිමක්‌ නැත. තමන්ට මහත් සේ දුක්‌ දෙමින් අවුරුදු ගණනාවක්‌ම වින කළ කූඩැල්ලා සඳහටම සිරුරෙන් අරන්දමා දිවැසින් දුටුවා සේ පොතුවිල හාමුදුරුවන් කළ වෛද්‍යකර්මය නිසා සුවපත් වූ ඔහු කළේ තමන් වෙත වූ රත්තරන් පවුම් දහයක්‌ම උන්වහන්සේ වෙත පූජා කර සිටීමයි. එහෙත් නායක හාමුදුරුවන් එයින් ගත්තේ රන් පවුම් තුනක්‌ පමණි. පසුව කිරි පරිසියේ සිටි කූඩැල්ලා ද ඔහුට පෙන්වූහ.

“මේ ඇත්තෙන්ම, සල්ලි බලාගෙනම කරන වෙදකම් නොවෙයි”. යනුවෙන් උන්වහන්සේ කීම ගැන සුද්දාට ද පුදුමය. එතැනට පැමිණි සිංහලයන් කිහිපදෙනකු නායක හාමුදුරුවන්ට දණ ගසා වඳිනු දුටු සුද්දා ද කළේ උන්වහන්සේ හමුවේ දණ ගසා වැඳ නමස්‌කාර කිරීමයි. “පස්‌සේ ඉස කැක්‌කුම එහෙම හැදුනොත් මේ බෙහෙත් තෙල හිසේ ගානවා හොඳයි” යනුවෙන් උන්වහන්සේ ඉන් අනතුරුව කුඩා තෙල් බෝතලයක්‌ ද සුද්දාට දුන්හ.

තමන් මෙසේ පන්සලට එක්‌කගෙනැවිත් ලෙඩේ කඩා දමන්නට මුල් වූ කුලී රථ රියෑදුරාට ද, සුද්දා නියමිත ගාස්‌තුව ගෙවා අතිරේක වශයෙන් රන් පවුමක්‌ද දුන් බව පසුව හෙළි විය.
ඔය කියෑවුණේ අපේ සිංහල වෛද්‍යකර්මයේ එක්‌ විස්‌මිත අවස්‌ථාවකි.

  • සෝමසිරි කස්‌තුරිආරච්චි මහතාට
]]>
https://report.lk/2023/03/19/%e0%b7%83%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8%e0%b7%9c%e0%b7%85%e0%b6%ba%e0%b6%a7-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b6%9a%e0%b7%96%e0%b6%a9%e0%b7%90%e0%b6%bd%e0%b7%8a/feed/ 0 488
මී උණෙන් බේරෙමු! https://report.lk/2023/03/19/%e0%b6%b8%e0%b7%93-%e0%b6%8b%e0%b6%ab%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b6%e0%b7%9a%e0%b6%bb%e0%b7%99%e0%b6%b8%e0%b7%94/ https://report.lk/2023/03/19/%e0%b6%b8%e0%b7%93-%e0%b6%8b%e0%b6%ab%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b6%e0%b7%9a%e0%b6%bb%e0%b7%99%e0%b6%b8%e0%b7%94/#respond Sun, 19 Mar 2023 04:44:54 +0000 https://report.lk/?p=484 අප දැන් සිටින්නේ පුරන් වූ කුඹුරු සහ වගා භූමි යළි අස්වැද්දීම සඳහා ශ්‍රී ලාංකීය ජනතාව තුළ ඉතා දැඩි උනන්දුවක් පවතින අවස්ථාවකයි. මීට අමතරව පහුගිය සති කිහිපය පුරාවටම ලැබුණු අධික වර්ෂාව සහ විටින් විට ඇති වුන ජල ගැලීම් ද හේතුකොටගෙන ජල මූලාශ්‍රවලට සහ ජලය එකතු වූ ස්ථානවලට මිනිසුන් නිරාවරණය වීමේ අවදානම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙලෙස ජලය එක්රැස් වන ස්ථාන මීයන්ගේ මුත්‍රා මගින් අපවිත්‍ර වී ඒ හරහා සම්ප්‍රේෂණය වන ලෙප්ටොස්පයිරෝසිස් (මී උණ) නැමැති ආසාදන තත්ත්වය ඇති කරන බැක්ටීරියාව ඉතා ඉක්මනින් පැතිර යෑමට ආරම්භ වී ඇත. මේ අවස්ථාව වනවිට රෝහල්වලට වාර්තාවන මී උණ සහිත රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවද වාර්තා වනවා.

මෙවැනි පසුබිමක් යටතේ, මේ රෝගය සම්ප්‍රේෂණය විය හැකි ආකාරය සහ ඉන් වැළකී සිටීමට අප කළ යුත්තේ කුමක්ද පිළිබඳව විමසා බැලීම ඉතාමත් කාලෝචිත වනු ඇත.

මී උණ හෙවත් ලෙප්ටෝස්පයිරෝසිස් ‘leptospirosis’ රෝගය මීයන්,ගවයන් සහ මී ගවයන් වැනි සතුන්ගෙන් මිනිසාට බෝවිය හැකි රෝගී තත්ත්වයකි. මෙම රෝගයම ‘ වෙල් උණ , පතල් උණ‘ යනුවෙන්ද හඳුන්වනු ලැබේ. මීයන් හෝ වෙනත් සතකුගේ ශරීරයේ ඇති මෙම බැක්ටීරියාව ඔවුන්ගේ මුත්‍ර මගින් ජලයට එකතු වේ. ඒ අනුව කුඹුරු, දියකඩිති, ඇළ මාර්ග ,කානු, පතල්වල ජලයට මෙම බැක්ටීරියාව එකතු වී රැඳී තිබිය හැකියි.

ඉහතින් සඳහන් කළ ජලය රැඳෙන ස්ථානවලට එකතු වන මෙම බැක්ටීරියාව ශරීරයේ කැපීම්, සීරීම්, තුවාල හෝ ශ්ලේෂ්මල පටල ( ඇස්, මුඛය, ලිංගාශ්‍රිත ප්‍රදේශ) හරහා ද මිනිසාගේ සිරුරට ඇතුළු විය හැකියි. මෙම ආසාදන තත්වය අක්මාව / වකුගඩු වැනි අභ්‍යන්තර අවයව වලට හානි සිදුකල හැකි අතර මෙනින්ජයිටීස් තත්වයන් වලට ද හේතු විය හැකියි.

රෝග ලක්ෂණ

සාමාන්‍යයෙන් බැක්ටීරියාව ශරීර ගතවී දින 02ත් 14ත් අතර කාලයකදී පහත සඳහන් රෝග ලක්ෂණ මතුවිය හැකියි.

  • උණ
  • මස් පිඩු වේදනාව
  • ඇස් රතු වීම
  • හිසරදය
  • මුත්‍රා කහ පැහැ වීම
  • මුත්‍රා යාම අඩු වීම
  • වමනය
  • සිරුරේ අප්‍රාණිකත්වය

මී උණ රෝගය වැළඳුණ පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට රෝගය බෝ නොවේ.

මී උණ මාරාන්තිකද?

නිසි කලට නොපමාව ප්‍රතිකාර නොගතහොත් රෝගය උත්සන්න වී මරණය පවා සිදු විය හැකියි. මෙම රෝග කාරකයට සිරුරේ ඇති සියලුම ඉන්ද්‍රිය පද්ධතිවලට හානි කිරීමට හැකියි. විශේෂයෙන් වකුගඩු, අක්මාව, පෙනහළු සහ හෘදය අකර්මණ්‍ය කරයි.

මී උණෙන් වැලකී සිටීමට නම්..

  • කුඹුරු, වගුරු බිම්, ඇළවල්, කාණු සහ පතල් ආශ්‍රිත රැකියාවල නියැළෙන පුද්ගලයන්ට මෙන්ම ගං වතුර වැනි තත්ත්වයන්ට මුහුණ දෙන අයටත් රෝගය වැළඳීමේ අවදානම ඉතා ඉහළයි. එවැනි අවදානම් කණ්ඩායම් රෝගයෙන් වැලකීම පිළිබඳව දැන්වත් වී සිටිය යුතු වේ.
  • මී උණ යැයි සැක කළ හැකි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.
  • තුවාල ,සීරීම් ඇත්නම් අපවිත්‍ර ජලයට බැසීමෙන් වලකින්න. නොඑසේනම් එම තුවාල මනාව ආවරණය කර ගැනීමට උනන්දු වන්න.
  • කුඹුරු ආශ්‍රිතව වැඩ කිරීමට ප්‍රථම රෝගය වැලැක්වීමට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාලයෙන් ලබා ගන්න.
  • මී උණ වළකන ප්‍රතිජීවක ඖෂධ නිසි කලට සේම නිසි මාත්‍රාව ලබා ගැනීම කෙරෙහි සැලකිලිමත් වන්න.
  • ගං වතුර වැනි ආපදා තත්ත්ව පවතින කාල වකවානුවලදී ද රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අමතක නොකරන්න.
  • විශේෂයෙන් කුඹුරු අවට ඇති කුඩා දිය කඩිතිවල මසුන් ඇල්ලීමේදී හෝ දිය නෑමෙන් / ඇඟ සේදීමෙන් පසු වුවද රෝග ලක්ෂණ මතු වේනම් වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත් .

මේ සෞඛ්‍ය අවදානම ගැන දැනුවත් වූ ඔබ, ඔබගේ හිතවතුන් අතරත් මේ දැනුම බෙදා හදාගෙන, හැකි උපරිමයෙන් මී උණ තත්වය වළක්වා ගැනීමට උත්සුක වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ම මේ අර්බුදකාරී වාතාවරණය අතරතුර මෙවන් සෞඛ්‍ය ගැටලු හැකිතාක් වළක්වා ගැනීමේ වැදගත්කම මෙන්ම සංකූලතාවයන් ඇති නොවන පරිදි ප්‍රතිකාර වලට කඩිනමින් යොමු වීමේ අවශ්‍යතාවයත් අප නැවතත් අවධාරණය කරනවා.

  • Health Promotion Bureau
]]>
https://report.lk/2023/03/19/%e0%b6%b8%e0%b7%93-%e0%b6%8b%e0%b6%ab%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b6%e0%b7%9a%e0%b6%bb%e0%b7%99%e0%b6%b8%e0%b7%94/feed/ 0 484
දුම්රියක් ආසන්නයේදි, දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්කරන මෝටර් රථ හදිසියේ නතර වන්නේ ඇයි? https://report.lk/2023/03/19/%e0%b6%af%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%86%e0%b7%83%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a%e0%b6%af%e0%b7%92-%e0%b6%af%e0%b7%94%e0%b6%b8/ https://report.lk/2023/03/19/%e0%b6%af%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%86%e0%b7%83%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a%e0%b6%af%e0%b7%92-%e0%b6%af%e0%b7%94%e0%b6%b8/#respond Sun, 19 Mar 2023 04:26:42 +0000 https://report.lk/?p=481 ඈතින් කෝච්චියක් එන වෙලාවට රේල් පාර හරහා යන වාහන වල එන්ජින් හරියටම රේල් පාර මැදදිම හදීසියේම නතරවෙලා ආපහු එන්ජින් එක පණගන්වගන්න වත් බැරුව වාහන දුම්රියට අහුවෙලා සිදුවෙන අනතුරු ගැන ඔයාලා අහල ඇති. සමහරවිට දැකලත් ඇති. ඒ ජාතියෙ අනතුරු තරමක් සුලභයි. ඒත් ඇත්තටම එහෙම වෙන්නෙ ඇයි??
දැන් අපි ඒගැන කතා කරමු.
ඒවගේ අනතුරක් සිදුවුන තැනක හිටපු ගොඩක් අයගේ එවෙලාවට අදහස වෙන්නෙ දුම්රිය එන්ජින් එකෙන් නිකුත් වෙන චුම්භක ක්ෂේත්‍රය (magnetic field) නිසා වාහන වල එන්ජින් අක්‍රිය වෙන බවයි.

නමුත්, මේ ගැන කියන්න කලින් කෝච්චි එන්ජින් එකක් වැඩ කරන හැටි පොඩ්ඩක් බලල ඉමු.

කෝච්චියේ එන්ජින් එක කියන්නෙ හරියට ජංගම විදුලි බලාගාරයක් වගේ එකක්… මොකද මේක ඇතුලෙ එන්ජින් එකකට වඩා එහාට ගිය ගොඩක් උපාංග තියෙනවා…
සාමාන්‍ය එන්ජින් එකක් සහ ගියර් පද්ධතියක් කෝච්චියකට හරියන්නෙ නෑ… වැඩි rpm එකකදි එන්ජින් එක පුපුරල යන්න උනත් පුළුවන්… මේකට උත්තරේ තමයි විදුලියෙන් රෝද කරකැවීම… ඒ කියන්නෙ මෝටර් වලින්…
කෝච්චියෙ locomotive එකේ නැත්තං සාමාන්‍ය භාෂාවෙන් engine compartment එක ඇතුලෙ තියෙනවා ලොකු අභ්‍යන්තර දහන එන්ජින් එකක්… මේක ඩීසල් වලින් වැඩ කරන්නෙ… කිලෝමීටර් 1ක් යන්න ඩීසල් ලීටර් 5ක් විතර යනවා… ඔය එන්ජින් එකට සව් කරල තියෙනවා විශාල ජෙනරේටරයක්… ඔය ජෙනරේටරයෙන් නිපදවන AC විදුලිය ඊළඟට යන්නෙ ට්‍රාන්ස්ෆෝමරයකට… ට්‍රාන්ස්ෆෝමර් එකෙන් අවශ්‍ය වෝල්ටීයතාවය හැදුවට පස්සෙ තමයි rectifiers වලට යන්නෙ… එතනදි තමයි මේ AC විදුලිය DC බවට පරිවර්තනය වෙන්නෙ…
ඊළඟට මේ DC විදුලිය නැවත ඉන්වර්ටරයක් හරහා AC බවට පත් කරලා කෝච්චියෙ රෝද වලට සවි කරල තියෙන Traction Motors කියන මෝටර් වලට ලබාදෙනවා… ඒ මෝටර් වලින් තමයි කෝච්චියෙ රෝද කැරකිලා කෝච්චිය ඉස්සරහට යන්නෙ… මේ අභ්‍යන්තර කොටස් සිසිල් කරන්නෙ විශාල රේඩියේටර් පද්ධතියකින්… ඉතින් ඩීසල් දුම්රයක් කියල හිතන් හිටියට ඕවා ඇත්තටම බැලුවොත් එක්තරා විදුලි දුම්රිය වර්ගයක්ම තමයි…

ලෝකෙ AC DC කියන වර්ග දෙකේම දුම්රිය පාවිච්චි වෙනවා… අඩු නිෂ්පාදන පිරිවැය හා පහසුවෙන් වැඩි ව්‍යාවර්තයක් ලබාගැනීමේ හැකියාව වගේ හේතු කිහිපයක් නිසා ලංකාවෙ ඉස්සර පාවිච්චි වුණේ DC විදුලියෙන් පණගැන්වෙන දුම්රිය… හැබැයි 2000න් පස්සෙ වගේ නම් ලංකාවට ආපු ඔක්කොම වගේ අළුත් තාක්ෂණයේ AC විදුලියෙන් ක්‍රියාත්මක දුම්රිය…

දැන් අපි ආපහු අපේ මාතෘකාවට එමු. ඔය මෝටර් ජෙනරේටර් නිසා ඔය කියන ජාතියෙ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් ඇතිවෙන්න පුළුවන්ද????
කොහොමටත් බැහැ. ඕක තනිකරම මිත්‍යා මතයක්!!
දුම්රිය එන්ජින් කොටස් වලින් ඇතිවෙන විද්‍යුත් චුම්භක බලයට රේල් පාර අයිනෙ තියෙන මාලිමා දර්ශකයක් වත් හොලවන්න වත් බැහැ. කොටින්ම ඔය චුම්භක ශක්තිය මෝටරයෙ ඉඳල සෙන්ටිමීටරයක් දුරින් මැනල බැලුවත් බලාගන්න අමාරු වෙයි. ඒ තරම් පොඩියි. ඒ වගේම චුම්භක ශක්තිය ප්‍රභවයට ඇති “දුරේ වර්ගයට” ප්‍රතිලෝමව සමානුපාතිකයි. ඒ කියන්නෙ සෙන්ටිමීටරයක් දුරදි දැනෙන චුම්භක බලයෙන් 1/4යි සෙන්ටිමීටර් 2ක දුරකදි දැනෙන්නෙ. සෙන්ටිමීටර් 3කදි 1/9යි. ඉතින් හිතාගන්න පුළුවන්නෙ detect වෙන්න තරම් වත් චුම්භක බලයක් කෝච්චියකින් නිකුත් වෙන්නෙ නැති බව..

ඉතින් ඒ නිසා මේ වගේ චුම්භක මත ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.

ඊළඟ මතය තමයි මේ චුම්භක බලය ඇතිවෙන්නෙ රේල් පාර මත කෝච්චි රෝද මගින් ඇතිවන පීඩනය නිසා නැත්තං යකඩ 2ක් එකට ගැටීම නිසා කියන එක.

යකඩ 2ක් ගැටුණම ඔහොම කාන්දම් බලයක් ඇතිවෙනව නම් මුලින්ම කාන්දමක් බවට පත්වෙන්නෙ කෝච්චි එන්ජින් එක. එහෙනම් අහල පහල තියෙන ඔක්කොම යකඩ කෑලි ඇවිත් කෝච්චි එන්ජින් එකේ ඇලෙයි. මේකත් බොහොම පහසුවෙන් ඉවත් කරන්න පුළුවන් මිත්‍යා මතයක්.

කෝච්චි එන්ජින් එකේ සංඛ්‍යාතයට කාර් එකේ එන්ජින් කොටස් අනුනාදය වීම නිසා කාරයේ එන්ජිම ක්‍රියාවිරහිත වීම.
මොකක්ද අනුනාදය කියන්නෙ. අකුණු ගහද්දි ජනේල් වීදුරු දෙදරන්නෙ මෙන්න මේ සංසිද්ධිය නිසා. අකුණේ සංඛ්‍යාතය වීදුරු වල ස්වභාවික සංඛ්‍යාතයට සමාන වුණාම වීදුරුවත් එලෙසම කම්පනය වෙන්න පටන්ගන්නවා. ඔය සංසිද්ධියට තමයි සරලව අනුනාදය කියන්නෙ. ඒකෙ අවසන් ප්‍රතිඵලය තමයි වීදුරුව කුඩුවෙන එක.
ඉතින් ඒ වගේම කෝච්චි එන්ජින් එකේ සංඛ්‍යාතයට කාර් එකේ එන්ජින් කොටස් අනුනාදය වෙන්න පුළුවන්ද?
නිකමට හිතල බලන්න එහෙම වෙනව නම් රේල් පාරට සමාන්තරව තියෙන පාරවල් වල යන වාහන වලටත් ඔය දේම වෙන්න ඕන නේද? කෝච්චිය ගියාට පස්සෙ රේල් පාර හරහා යන වාහන වලටත් ඔය දේම වෙන්න ඕන නේද? කෝච්චිය යනකන් රේල් පාර අයිනෙ නතර කරල තියෙන වාහන වලටත් ඔය දේම වෙන්න ඕන නේද? ඒත් ඔය එකක් වත් වෙන්නෙ නැහැනෙ. ඉතින් මේ අනුනාද කතාවත් බැහැර කරන්න සිද්ධවෙනවා.
එහෙම අනුනාදයක් නිසා එන්ජින්/ පිස්ටන් නවතිනව නම් මුලින්ම නවතින්නෙ කෝච්චි එන්ජින් එක ඇතුලෙම කොටස් ටික.
මේ වගේ මිත්‍යා මත ඕන තරම් තියෙනවා. මේ ඔක්කොම මිත්‍යා මත නම්…

මොකක්ද ඇත්ත හේතුව??

සාමාන්‍යයෙන් රියදුරෙක් දුම්රිය මාර්ගය හරහා වාහනයක් ධාවනය කරන්නෙ ඉතාම සෙමින්. ලංකාවෙ ගොඩක් rail crossings වලදි රේල් පාර තියෙන්නෙ මහා මාර්ගයට වඩා තරමක් උසින්. ඉතින් රේල් පාර හරහා යනවා කියන්නෙ පොඩි කන්දක් නැගල පල්ලමක් බහිනව වගේ වැඩක්. මැනුවල් වාහන ධාවනය කරල තියෙන අය අත්දැකීමෙන්ම දන්නවනෙ කන්දක්/ගැට්ටක් උඩට ඉතාම සෙමින් වාහනය ධාවනය කරන එක තරමක් අසීරු ක්‍රියාවක් බව. Clutch balancing එච්චර හොඳ මට්ටමක නැති කෙනෙකුට නම් මේක එච්චර ලේසි වැඩක් නෙමෙයි. පොඩ්ඩක් වැරදුන ගමන් වාහනයේ එන්ජින් එක නතර වෙනවා. ඉතින් ඔය හේතුව හෝ වෙනත් ඕනම අහඹු හේතුවක් නිසා දුම්රිය මාර්ගය මතදි වාහනයේ එන්ජින් එක නතර වෙන්න පුළුවන්.

එතකොට ආපහු start කරගන්න බැරි වෙන්නෙ ඇයි?

ඒකට හේතුව නම් හරිම සරළයි. වෙන මොකක්වත් නෙමෙයි බය නිසයි එහෙම වෙන්නෙ. එන්ජින් එක නැවතුන වාහනයක් ඇතුලෙ හිරවෙලා ඉන්නකොට තමන්ගෙ පැත්තට කෝච්චියක් එනව දැක්කම ඒ වෙලාවට මොන clutch balancing ද ඉතින්? සමහර අයට මේ කලබල වීම නිසා එන්ජින් එක ස්ටාට් කරගන්න වෙන්නෙ නෑ. දැන් පැහැදිලියිනෙ හේතුව?
ඊට අමතරව අබලන් කාබියුරේටර් සහිත පැරණි වාහනත් රේල් පාර මතදි අඩු වේගය නිසා air intake එක අඩුවීමෙන් නතර වෙන්න පුළුවන්.
ඇමරිකාවෙ කරපු සමීක්ෂණයකට අනුව මෙහෙම අනතුරට පත්වෙන අයගෙන් 75%ක් විතර පිරිමි පුද්ගලයන්. ඒකට හේතුව ඔවුන් අනවශ්‍ය අවදානමක් අරන් කෝච්චිය පෙනි පෙනී රේල් පාර හරහා වාහනය ධාවනය කිරීමට උත්සාහ කිරීම.
ඉතින් හදීසි වෙලා කෝච්චියට කලින් රේල් පාර හරහා ගිහින් ඉතුරු කරගන්න විනාඩියෙන් දෙකෙන් ලංකාවෙ මිනිස්සු ගන්න කෙහෙල්මල් ප්‍රයෝජනයක් නැති නිසා මගේ නම් උපදෙස මේ වගේ අනවශ්‍ය අවදානම් අරගන්නෙ නැතුව කෝච්චිය යනතුරු පොඩි වෙලාවක් ඉවසන්න කියන එකයි. නැත්තං ඔබට ඔබේ නොවටිනා ජීවිතය වගේම දුම්රිය මගීන් දහස් ගණනකගේ වටිනා කාලයත් නාස්ති වෙලා යන්න පුළුවන්.
© Rehan Mendis

]]>
https://report.lk/2023/03/19/%e0%b6%af%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%86%e0%b7%83%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a%e0%b6%af%e0%b7%92-%e0%b6%af%e0%b7%94%e0%b6%b8/feed/ 0 481
ඔබ කෙදිනකවත් නොදු‍ටු ඉතිහාසයේ දුර්ලභම ඡායාරූප පෙළක්.. https://report.lk/2023/03/11/%e0%b6%94%e0%b6%b6-%e0%b6%9a%e0%b7%99%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%9a%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%af%e0%b7%94%e0%b6%a7%e0%b7%94-%e0%b6%89%e0%b6%ad%e0%b7%92/ https://report.lk/2023/03/11/%e0%b6%94%e0%b6%b6-%e0%b6%9a%e0%b7%99%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%9a%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%af%e0%b7%94%e0%b6%a7%e0%b7%94-%e0%b6%89%e0%b6%ad%e0%b7%92/#respond Sat, 11 Mar 2023 23:36:56 +0000 https://report.lk/?p=464
1997 වසරේ ඩයනා කුමරිය මියගිය පසු බකින්හැම් මාලිගය ඉදිරිපිට මිනිසුන් ශෝකයට මල් කළඹවල් තබා තිබූ අයිරු
තරුණ බෲස් ලී යිප් මැන් වන ඔහුගේ ගුරැවරයාගෙන් සටන් ඉගෙනගනිමින්
Stockholm හි 1890 වසරේ ටෙලිපෝන් කණුවක්.. මෙහි රැහැන් 50000කට වඩා ඇත.
1900 වසරේ තරුණ නිකෝලා ටෙස්ලා මුහුදු වෙරලේදී තරුණියකට පිහිනීමට කියාදෙමින්..
1978 වසරේදී Microsoft සමාගම එහි සේවකයින් සමග.. වම් පස පහළම සිටින්නේ තරුණ බිල් ගේට්ස් මහතාය..
ගූගල් සමාගම ආරම්භ කළ දිනයේ..
1945දී ජපානයේ නාගසාකි නුවරට දැමූ පරමාණු බෝම්බය පිපිරෙන අවස්ථාව..
1946දී අභ්‍යවකාශයේ සිට ලබාගත් පළමු ඡායාරූපය
ඊජිප්තුවේ රජකළ ටූටන්කාමූන් පාරාවෝවරයා‍ගේ සොහොන්ගැබ සොයාගත් මොහොතේදී ලබාගත් ඡායාරූපයකි වසර 1000කත් පෙර තැබූ මුද්‍රාව එවිටත් බිදී නොතිබිණි..
1966දී ඇපලෝ 1 යානයේ අභ්‍යවකාශගත වීමට සිටි ගගණගාමීන් නැවත ගොඩබෑමේදී ජලයට වැටුණහොත් ක්‍රියා කරන අයුරු පුහුණු වනවිට ගත් ඡායාරූපයකි. අවාසනාවට යානයේ දෝෂයක් නිසා යානය පුපුරා මොවුන් සියළුදෙනාම මියයන ලදි.
Fat Man නමින් හදුන්වන ජපානයේ නාගසාකි නුවරට දැමූ පරමාණු බෝම්බය සදා නිමකර අවසන් තීන්ත ආලේප කිරීමේ කටයුතු සිදුකරමින් සිටින අවස්ථාවක්..
Dorothy Counts නම් කළු ජාතික දැරිවිය, ඇමරිකාවේ පාසලකට ඇතුල් වූ පළමු කළුජාතික කාන්තාව ලෙස පාසලේ සිටින විට සුදු ජාතික දරුවන් ඇයට සමච්චල් කරමින්..
මානව ඉදිකිරීම් වලින් වැඩිම කාලයක් නොනැසී පවතිනු ඇතැයි අපේක්ෂා කරන ඇමරිකාවේ හූවර් වේල්ල ඉදිකරන කාලයේ එහි පාදමේ ඡායාරූපයක්..
දෙවන ලෝක යුද්ධ සමයේ සගවා තැබූ මොනාලීසා චිත්‍රය දෙවන ලෝක යුද්ධය අවසානයේ යළි ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයට රැගෙන ආ විට..
සේවකයින් අයිෆල් කුළුණ පින්ත‍ාරු කරමින්..

]]>
https://report.lk/2023/03/11/%e0%b6%94%e0%b6%b6-%e0%b6%9a%e0%b7%99%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%9a%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%af%e0%b7%94%e0%b6%a7%e0%b7%94-%e0%b6%89%e0%b6%ad%e0%b7%92/feed/ 0 464
බකමූණාගේ කසාදේ https://report.lk/2023/02/04/%e0%b6%b6%e0%b6%9a%e0%b6%b8%e0%b7%96%e0%b6%ab%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b7%83%e0%b7%8f%e0%b6%af%e0%b7%9a/ https://report.lk/2023/02/04/%e0%b6%b6%e0%b6%9a%e0%b6%b8%e0%b7%96%e0%b6%ab%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b7%83%e0%b7%8f%e0%b6%af%e0%b7%9a/#respond Sat, 04 Feb 2023 06:51:34 +0000 https://report.lk/?p=459 බකමුණා ගෙ හැසිරීම් එන්න එන්නම වෙනස් විය.මෙය ඔහුගේ බිරිදට බොහෝ වේදනා ගෙන දෙන්නක් විය.ඉවසා සිටිය නොහැකි ඈ ඔහුට ලන් වී සෙනෙහසින් කතා කලාය.
“ඇයි ..ඔයා කනස්සල්ලෙන් ඉන්නේ …මොකක් හරි අසනීපයක්ද….”
“නෑ එහෙම දෙයක් නෑ….”
“එහෙනම් මා එක්ක තරහක් ද …..”
බකමූනු තෙමෙ එය නැතැයි කියන්නට හිස සැලීය….
“හ්ම්….”
“හ්ම්….”
බකමුණා ඉවතට පියබා ගියේය ….
පසු දිනෙක බක මූනිය මුන ගැසීමට ඇගේ යෙහෙළියක් පැමිනියා ය…
“ඔයා කොහොමද මේකට කැමැත්ත දුන්නේ …”
” කුමකටඩ?”
“නුබේ ස්වාමි යාට තවත් බිරිඳක් කැන්දන් එන්න ….වෙන කෙනෙකුත් නොවෙයි නුබේ ම නැගනියයි…”
“අනේ දෙවියනේ…මා මේ කිසිවක් දන්නෙ නැ…ඔහු මේ දිනවල බොහොම කල්පනා බරව කනස්සල්ලෙනුයි ඉන්නේ ….රාත්‍රියේ මා සමග දොඩමළු නොවේ…”
කලබලයට හා දුකට පත් බකමූණිය තම සැමියා සොයා ගියාය.
ඇය කිසිම වෙනසක් නොපෙන්වා හිමීට අත් තටුවක් පිරී මදින අතර සිහින් හඩින් කතා කලා..
“මගෙන් අඩු පාඩුවක් උනාද නැගනිය කැන්දන් එන්නේ …….”
“නෑ සොදුර….”
“එසේ නම් ඇයි …..”
බකමූණිය හඩන්නට විය.සැමියා ගෙ හදවත රිදිනි. .හිමිහිට බිරිඳ ලන් කරන් මෙලෙස පැවසීය.
“හැමදාම මන් හ්ම් කිවුවා ම නුබ ත් හ්ම් ගානවා…මේ ඒකාකාරි ජීවිතේ හරිම නීරසයි…..මන් හ්ම් කියද්දී නුඹ ලා දෙදෙනා දෙපැත්තේ සිට හ්ම්…හ්ම්…යැයි පවසන විට මට සතුටක් දැනේවි …”
“ඇයි එයට ඔබ තවත් බිරිඳක් ගෙනෙන්නෙ…..මන් නුඹ වෙනුවෙන් දෙවරක් හඩන්නම් ….ආදරෙ වෙනුවෙන් මට කල නොහැකි පරිත්‍යාගයක් නැ හැ….”
සතුටට පත් බකමුණා දෙවන විවහය නවතා තම බිරිඳ සමග සතුටින් ජීවත් උනා…එදා සිට අද දක්වාම බකමුණා එක වරක්
“හ්ම්”
කියූ විට එයට දෙවරක් පිලිතුරු ලැබෙන බව රාත්‍රියේ නිහඬ බව තුල ඔබ සවන් යොමා සිටියොත් ඇසෙනු ඇත…
**
පසු වදන……
විවාහ ජීවිතේ දී දෙදෙනා එක්ව යමකට පිලිතුරු සොයයි නම් පිලිතුරු ලගම තිබෙන අතර බොහෝ සුන්දර ද වනු ඇත.එයින් ගෘහ ජීවිතේ ප්‍රශ්න ලේසියෙන් විසදි ප්‍රීතිමත් සාර්ථක ගමනක් යා හැකි වන්නේමය ….

]]>
https://report.lk/2023/02/04/%e0%b6%b6%e0%b6%9a%e0%b6%b8%e0%b7%96%e0%b6%ab%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b7%83%e0%b7%8f%e0%b6%af%e0%b7%9a/feed/ 0 459
යකඩ කම්බි කෑල්ලක්වත් නොදා හැදුව වික්ටෝරියා වේල්ල https://report.lk/2022/10/21/%e0%b6%ba%e0%b6%9a%e0%b6%a9-%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b6%9a%e0%b7%91%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%af/ https://report.lk/2022/10/21/%e0%b6%ba%e0%b6%9a%e0%b6%a9-%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b6%9a%e0%b7%91%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%af/#respond Fri, 21 Oct 2022 07:35:02 +0000 https://report.lk/?p=447 මේ පුදුමය ගැන කියවලම දැනගන්න.
මහවැලි ගගේ පටුම ස්ථානෙ තමයි මේ වේල්ල හදල තියෙන්නෙ. මහවැලි ගගට හුලු ගග එකතු වෙන ස්ථානෙට පොඩ්ඩක් පහලින් තමයි මේ වික්ටෝරියා වේල්ල හදල තියෙන්නෙ. මධ්‍යම පලාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ , තෙල් දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයයේ දෙනිගල කන්ද හා මධ්‍යම පලාතේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්‍ටාසයේ බෝලගල කන්දයි එකට යා කරල තමයි මේ වික්ටෝරියා වේල්ල හදල තියෙන්නෙ.

මේ වේල්ලෙ ඉදල 300m පහලින් තමයි වික්ටෝරියා දිය ඇල්ල තිබිල තියෙන්නෙ.දිය ඇල්ලෙ උස මීටර් 10. ලංකාවෙ ගෙදරකට රේඩියෝවක්වත් නැති කාලෙ තමයි මේ වැඩේට අතගහල තියෙන්නනෙ , හොදම වැඩේ තමයි 1949 සිට 1980 දක්වා මේ වේල්ල හදන්න සමීක්ෂණ කරල තියෙන්න. ඒ කියන්නෙ අවුරුදු 31ක්ම මේක ගැන පර්යේෂණ කරල තියෙනව.
මොනා කිව්වත් හොදම ටික පටන් ගන්නෙ J.R. ගෙන් පස්සෙ. ඒ කියන්නෙ 1980.

J.R. ජනාදිපති උනාම, මහපොල හදුන්වල දීපු ලලිත් ඇතුලත්මුදලි , එවකට විදුලිබල ඇමති ගාමිණී දිසානායකයි කියන මේ මහත්තරු 3දෙනා යනව එන්ගලන්තෙට මේ වඩේට ඒ කියන්නෙ වික්ටෝරියා වේල්ල හදන වැඩේ කතා කරගන්න . ඔන්න ඔහොම එංගලන්තෙට ගිය මේ තුන්දෙනා එලිසබෙත් මහ රැජින හම්බෙලා මෙහෙම කියන්ව. අපි ජලාශයක් හදන්න යන්නෙ, අපිට ඒකට ණය ආදාරයක් දෙන්න. හැබැයි මේ මුදල ණයක් විදිහට දුන්නත් අපි මේ වේල්ලට නම විදිහට දාන්නෙ රැජිනගෙ රජ පෙලපතෙන් එන “වික්ටෝරියා” කියන නම කියල.. J.R. මහත්තය කට්ටය , මොළ කාරය නිසා මෙතන නම දානකොට කට්ට කමක් කරා කියල තමයි ඉස්සර උගත්තුනන් කියන්නෙ. කොහොමහරි J.R. ගහපු තුරුම්පුවට මහ රැජිණ අහුවෙනව. මොකද මහ රැජින කියන්ව වික්ටෝරියා කියලනන් නම දාන්නෙ අපි ණය දෙන්නෙ නෑ මේක හදන්න, අපි ආධාර මුදලක් විදිහට මේ මුදල් දෙනව කියල….

කෝටිගානක් අපේ රට ණයබ්වලින් බේරල ඒ වෙලාවෙ J.R. ගේම ගහනව. ඒ මොහොතම මහරැජිණ කියනව ගිහින් එංගලන්තෙ අගමැති හම්බවෙන්න කියල.ඒ තමයි මාගර්ස්තැචියර්. එවකට අගමැති හිටපු මේ මාගර්ස්තැචියර් ටිකක් හොයල බලල වැඩ කරපු චරිතයක්. ඒකනිසා ගාමිණී දිසානායක මහත්තයගෙන් අහල ඇයි මේක හදන්නෙ කියල…
ඇත්තටම වික්ටෝරියා වේල්ල හදන්න ඇයි..

කෘෂිකර්මාන්තය සදහා ජලය ගබඩා කිරීමට.

  • ජල විදුලිය නිශ්පාදන කිරීමට.
  • වේල්ලේ ඉහල ප්‍රදේශයේ සිටිය අයගේ ජල පරිබෝජනයට.
  • මිරිදිය දීවර කර්මාන්තය නගාසිටුවීමට.
  • ගං වතුර පාලනය කිරීමට.

පස්සෙ එංගලන්තයෙන් රුපියල් මිලියන 8400ක් දෙන්න පොරොන්දු වෙනව. ගාමිණී දිසානායක මහත්තය කියල තියෙනව. ශ්‍රී ලංකාවෙ මේක හදන්න තරන් තාක්ෂණික දැනුමක් තියෙන අය නෑ. ඒක නිසා මේකට තාක්ෂණික දැනුමත් ලබා දෙන්න කියල. කොටින්ම කිව්වොත් සල්ලිත් දීල , හදලත් දෙන්න කියල තමයි කියල තියෙන්නෙ.

ඒ අනුව එංගලන්තෙ ඇලෙක්සැන්ඩර් ඉංජිනේරු සමාගමට මේ වැඩේ බාර දෙනව.

ඔන්න වඩේ පටන් ගන්න කට්ටිය එනව ලංකාවට….

කෙටියෙන් වේල්ලේ විස්තර…

  • මේ වේල්ල හදල තියෙන්නෙ පිහිටි කලු ගලක් උඩ. කලුගල ග්‍රිල් කරල තමයි මේකෙ අත්තිවාරම විදිහට අරන් තියෙන්නෙ. මේ පිහිටි කලුගලේ මුලු ගැබුර මීටර් 237.
  • අත්තිවාරම දාන්න මීටර් 25 ගැඹුරට මීටර් 25 පලලට මේ ගල ග්‍රිල් කරල තමයි අත්තිවාරම දාල තියෙන්නෙ.
  • වේල්ලෙ උස මීටර් 121
  • දිග මීටර් 520
  • වික්ටෝරියා වේල්ල දෙවක් ආරුක්කු කොන්ක්‍රීට් වේල්ලක්.
  • මේ වේල්ලට කොන්ක්‍රීට් ඝණ මීටර් හාරලක්ශ අසූදාහක් වැයවෙලා තියෙඅව.
  • උපරිම ජල මට්ටම – මුහුදු මට්ටමෙන් 438.04 ක් වෙනව.
  • මේක සම්පූර්ණ ගබඩා කල හැකි ජල ප්‍රමාණය ඝණමීටර් දස ලක්ශ හත්සිය විසිදෙකක්.
  • උපරිම ජල මට්ට්මේදි ජලාශය විහිදිලා යන ප්‍රදේශය වර්ග කිලෝමීටර් 23.7- ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5කට විහිදිලා යන්ව.
  • මේ වේල්ල තට්ටු 7කින් සමන්විත වන අතට. ඒ තට්තු 7ත තුලම එහා මෙහා ගමන් කිරීමට හැකියාව තිබේ. වේල්ල උඩ හා ඇතුලෙ මිනිස්සුන්ගෙන් පිරෙවුවොත් මිනිස්සු 50,000කට ඉන්න පුලුවන්.
  • මේ වේල්ල සම්පූර්නයෙන් පිරෙනකොට වේල්ල උපරිම මිලිමීටර් 68 අවමය මිලිමීටර් 30ක් පහලට තල්ලු වෙනව. ඒකියන්නෙ වික්ටෝරියා වේල්ල කියන්නෙ එහාට මෙහාට පැද්දෙන කොන්ක්‍රීට් වේල්ලක්. හිතාගන්නවත් බෑ නේද?
  • අනික තමයි මේ වේල්ලට යකඩ කම්බි දශමයක්වත් යොදාගෙන නෑ.අපිනන් හිතන්නෙ ශක්තිය එක්කෙ යකඩ කම්බි වලින් කියලනෙ.ඒත් මේ වේල්ලට කම්බි යොදාගෙන නෑ. ඒත් විශේශ ක්‍රමයක් යොදාගෙන තියෙනව ඒ තමයි කොන්ක්‍රීට් අනනකොට අයිස් වතුරෙන් තමයි මේ කොන්ක්‍රීට් අනල තියෙන්නෙ. ඒ වගේම ඒ අනපු කොන්ක්‍රීට් විනාඩි 3ක් යන්න කලින් ඒ බොල්ක් එකට ගිහින් දාන්නත් ඔනි. බැරි උනොත් ඒ ටික විසිකරල දානව.
  • ඒ වගේම වික්ටෝරියා වේල්ල මගින් යන ජලයෙන් විදුලිය මෙගාවොට් 210ක් නිපදවනව.ලංකාවෙ ලොකුම ජලවිදුලි බලාගාරය.
  • එතනින් එලියට දාන වතුර යන්නෙ රන්දෙනිගල ජලාශයට ඊටපස්සෙ රන්ටැබේ ජලාශයට පස්සෙ ලොග්ගල් ඔය ජලාශයට ඒකෙන් පස්සෙ මවැලි සී කලාපයට ඊටත් පස්සෙ මාදුරු ඔය ජලාශයට.
  • ස්වංක්‍රීය සොරොව් 8ක් තියෙනව. ගංවතුර කාලෙට සොරොව් 2ක ගානෙ තමයි ඇරෙන්නෙ.මේ සොරොව් 2ක් සෙන්ටිමීටර් 74 අරෙනකොට තප්පරේකට ජලය ගණමීටර් 300ක් වතුර එලියට පිට වෙනව.
  • නීල් මාර්ටින් කියන එංගලන්ත ජාතිකය තමයි මේකට 1980 මුල්ගල තියන්නෙ.
  • 1984 වේල්ලෙ වැඩ ඉවර වෙනව. 1984 අප්‍රේල් 7 ජලාශෙට වතුර පුරවනව.1985 මේක නිල වශයෙන් ශ්‍රී ලංකාවට බාර දෙනව.
  • ශ්‍රමිකයක් 7000ක් වැඩකරල තියෙනව රෑ දවල් දෙකේම.
  • ඇස්තමේන්තු මරණ ගණන 1200. සිදුවූ මරන ගණන50 යි… ලාංකික 47.එංගලන්ත 3 යි….
]]>
https://report.lk/2022/10/21/%e0%b6%ba%e0%b6%9a%e0%b6%a9-%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b6%9a%e0%b7%91%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%af/feed/ 0 447
කයිසාරුවත්තේ මුහන්දිරම් සහ අපි අතරේ කොහේද වෙනසක්? https://report.lk/2022/05/20/%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8f%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%9a-%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a/ https://report.lk/2022/05/20/%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8f%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%9a-%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a/#respond Fri, 20 May 2022 05:02:57 +0000 https://report.lk/?p=441 ඒ කාලේ කියවපු කතා පොත් අතරින් මම කැමතිම පොතක් තමයි මාටින් වික්‍රමසිංහ මහත්මයා ගේ ”ගම්පෙරළිය​”. පාරම්පරික මතිමතාන්තර සහ කුල ගර්වය වගේ පුහු ආකල්ප නිසා, ක්‍රමයෙන් පරිහානියට පත් වෙන වලව් පරපුරක කතාව මේ පොතේ හරි අපූරුවට විස්තර වෙනවා. වර්ථමාන ශ්‍රී ලංකාවටත් සිදු වෙලා තියෙන්නේ මේ වගේම දෙයක් කියලා වෙලාවකට හිතෙනවා.

කයිසාරුවත්තේ මුහන්දිරම් ආර්තිකව මොන තරම් පහල අඩියට වැටී සිටියත් ඔහුගේ මාන්නයේ නම් අඩුවක් තිබුණේ නැහැ. නන්දාට කපුවා විසින් රැගෙන එන දියුණු වෙන තරුණයා පිලිබඳ යෝජනාවට ඔහු විරුද්ධ වන්නේ ඒ හේතුව නිසාවෙන්.
”අපි කොහොමද කපු මහත්තයා, ඒ යෝජනාවට කැමති වෙන්නේ?. එයාගේ ආච්චී එළවළු කූඩේ ඔලුව උඩ තියාගෙන බඩු විකුණපු කෙනෙක් නේ”

පුහු මාන්නය නිසාම ඒ දිනෙන් දින දියුණු වෙන තරුණයා තම පවුලට සම්බන්ධ කර ගැනීම වෙනුවට​, මුහන්දිරම් කරන්නේ කිසිමාකාර ආදායම් මාර්ගයක් නැති ජිනදාසට නන්දා විවාහ කර දීමයි. ව්‍යාපාර කිරීම ගැන කිසිම අවබෝධයක් නැති ජිනදාස අන්තිමට වෙළඳාම් කිරීමට සිංහලේ ගොස් අකාලයේ මිය යන්නේ නන්දා තනි කරමින්.

මාන්නය වගේම පැරණි, යල් පැන ගිය අදහස් හිස මුදුනේ තබා ගැනීමත් මහගෙදර විනාශයට හේතුවක්. නන්දා අසනීප වූ වේලාවේ බලි තොවිල් සඳහා අසීමිතව මුදල් වියදම් කිරීම නිසා කයිසාරුවත්තේ මුහන්දිරම් තව තවත් ආර්තික ආගාධයට ඇද වැටෙනවා. නන්දා ගේ දරු උපත සඳහා බටහිර වෛද්‍යවරයෙක් ගෙන එන්නේ නැතුව​, කිසිම සුදුසුකමක් නැති වින්නඹු අම්මා කෙනෙක් විශ්වාස කිරීම නිසා ඇයට තම දරුවා අහිමි වෙනවා. මේ හැම දේකින්ම සිදු වෙන්නේ මහ ගෙදර තව තවත් පිරිහීම විතරයි.

සම්පූර්ණයෙන්ම බංකොලොත් වී සිටියත් මහ ගෙදර මිනිසුන්ගේ මාන්නය අඩු වෙන්නේ නම් නැහැ. සාදා අතේ අනුලාගේ රත්තරන් බඩු උකස් කඩයට හොරෙන් යවා සල්ලි හොයා ගත්තද​, වැස්සට තෙමෙන තැන්වලට හට්ටි තබමින් ගෙදර දියබත් වීම වලක්වා ගත්තද​, අවට ලෝකයාට තමන්ගේ දුප්පත් බව පෙන්වන්න මහ ගෙදර මිනිස්සු කැමති වුණේ නැහැ. අච්චරටම කෙල වී සිටියත් මාතර හාමිනේ ගමන් බිමන් ගියේ අශ්ව කරත්තයෙන්.

ඒත් අන්තිමට මහ ගෙදර මිනිසුන්ට තවදුරටත් ඒ මුක්කු ගැසීම කරන්නට බැරි වෙනවා. ”උන්ට කව්ද හිර දෙන්නේ??” කියා සිය පියා අතින් පහත් ලෙස ප්‍රතික්ශේප වූ පියල්ව කරකාර බැඳීමට අවසානයේ නන්දාට සිදු වෙනවා. ඒත් ඒ වෙද්දි ඇය ජීවිතයේ විඳින්නට වූ සියලු දුක් කම්කටොළු විඳ අවසානයි.

ලංකාවේ අපිත් අතීත ශ්‍රී විභූතිය සහ වසර දෙදහස් පන්සීයක් පැරණි ඉතිහාසය ඔලුව මුදුනේම තබා ගත් ජාතියක්. රට දියුණු කරන ඕනෑම වැඩපිලිවෙලක් පටන් ගනිද්දිම ඔය මාන්නය අපේ ඔලුවටත් ඉබේම එනවා.

”එහෙම කරන්න දෙන්නේ කොහොමද​?. මේක අපේ මුතුන් මිත්තෝ ලේ හෙලා රැක ගත් භූමිය​.පරදේශක්කාරයෝ මේක විනාශ කරන්න හදන්නේ. අපි මේකට විරුද්ධ වෙන්නම ඕනේ” දියුණු වෙන ලෝකයා එක්ක එකතු වෙලා ඉස්සරහට යන්නේ නැතුව හැමදාම වංශේ කබල් ගාන අපි, අපිට වඩා ගව් ගාණක් පිටිපස්සෙන් හිටපු කොරියාව​, මැලේසියාව​, වගේ රටවල් එන්න එන්නම දියුණු වෙන හැටි බලාගෙන මෙහෙම කියෝනවා.

”අපි නේ දන්නේ ඕවා ඉස්සර තිබුණ හැටි. අපේ මුඩුක්කු වලට ඉස්සර කිව්වේ කොරියාව කියලා”
ඉතින් කයිසාරුවත්තේ මුහන්දිරම් සහ අපි අතරේ කොහේද වෙනසක්?
සුදුසු අයට සුදුසු තැන නොලැබීම නිසා අපේ ආර්තිකයත් දැන් අර වින්නඹු අම්මා වගේ අය අතින් විනාස වෙලා. තොවිල් වගේ අනවශ්‍ය වියදම් නිසා ඒක තව තවත් ඇදීගෙන යන්නේ මරු කටට​. හැබැයි එච්චර දෙයක් වෙලා තියෙද්දිත් තාම බහුතරයක් දෙනාට වගේ වගක් නැහැ. බංකොලොත් වෙලා හිටියත් මාතර හාමිනේ ගමන් ගියේ අශ්ව කරත්තෙන් වගේ, අපේ අයටත් උඩින් මිසක්, බිමින් ගමන් යන්න බැහැ කියලා තමයි පේන්නෙ තියෙන්නේ. අනුලා රත්තරන් බඩු උකස් කලා වගේ අන්තිමට ඔය තියෙන දෙයක් විකුණලා තමයි කන්න බොන්නයි, මෝටඩ් මිල්ක් එකකුයි හොයා ගන්න වෙන්නේ.
සේරම හානිය වුණාට පස්සේ IMF එකට යන එක මට පේන්නේ නන්දා අන්තිමට පියල්ව කසාද බැන්ද විදියට. නන්දාට නම් ඊට පස්සේ කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන් වුණා. අපිට නම් මොනවා වෙයිද කියලා දැන ගන්න වෙන්නේ කවුරු හරි ඒ ගැන තව අවුරුදු දහයකින් විතර පොතක් ලිව්වොත් තමයි. ඒක ලියන්න බාර දීලා තියෙන්නේ වික්‍රමසිංහ කෙනෙක්ටම වීම දෛවයේ සරදමක් වගේ!!!

  • Deepal Nanayakkara
]]>
https://report.lk/2022/05/20/%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8f%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%9a-%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a/feed/ 0 441
මේ දූරියන් ගස් එල දරණා සමයයි. https://report.lk/2022/05/20/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%af%e0%b7%96%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%83%e0%b7%8a-%e0%b6%91%e0%b6%bd-%e0%b6%af%e0%b6%bb%e0%b6%ab%e0%b7%8f-%e0%b7%83%e0%b6%b8%e0%b6%ba/ https://report.lk/2022/05/20/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%af%e0%b7%96%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%83%e0%b7%8a-%e0%b6%91%e0%b6%bd-%e0%b6%af%e0%b6%bb%e0%b6%ab%e0%b7%8f-%e0%b7%83%e0%b6%b8%e0%b6%ba/#respond Fri, 20 May 2022 03:04:32 +0000 https://report.lk/?p=437 දූරියන් ගස් බහුල අපේ ගම්මානයෙහි රාත්‍රී කාලයට දූරියන් හොරෙන් ඇහිලීමේ කර්තව්‍යය එකල පටන් නිබඳවම සිදුවන්නකි. එබැවින් දූරියන් එල දරණා සමයට දූරියන් ගසෙහි අයිතිකරු විසින් නිසැකවම එහි රැකවල්ලා සිටිය යුතුය. දූරියන් ගසට යාබදව පැලක් තනාගනිමින් දිවා රාත්‍රී එහි හිඳිමින් අයිතිකරුවන් කෙතරම් රැකවල්ලා තිබුණද ඉතා සූක්ෂම අයුරින් දූරියන් ගෙඩි අහුලා ගැනීමේ කර්තව්‍යයෙහි නියැලීම කුඩාකල අත්විඳි රසබර මතකයකි.

පළමුව දූරියන් ඇහිඳීමට තෝරාගනු ලබන ගස පිහිටා ඇති ඉසව්වට දහවල් කාලයේ ගොස් රාත්‍රී කාලයේ එහි පහසුවෙන් ළඟාවිය හැකි අයුරු නිරීක්ෂණය කල යුතුය. අයිතිකරුගේ පැල පිහිටා ඇති ඉසව්ව මග හරවාගෙන ඔහුගේ නෙත් මානයට අසු නොවනා පරිදි දූරියන් ගස යටට ළඟාවිය හැකි පහසුම මග ඔස්සේ මෙහෙයුම දියත් කරණු ලබනුයේ මධ්‍යම රාත්‍රියටය. දහයකින් පහලොවකින් සැදුම්ලත් කොල්ලො කුරුට්ටන් රෑනක් දූරියන් ඇහිඳීමේ මෙහෙයුමට සහභාගි වෙති. නිවැසියන්ට නොදන්වා හොරරහසේ නිවසින් පිටව ඒමට සියල්ලෝම වගබලා ගනිති.

විදුලි පන්දම් දල්වා නොගෙන ඝන අන්ධකාරයේ එකා පිට එකා හැපෙමින් බිම වැටෙමින් බඩගාමින් දූරියන් ගස පිහිටා ඇති ඉසව්වට ලඟාවීම ඉතා අසීරුය. දූරියන් ගෙඩි බිම වැටෙනා ශබ්දය ඇසෙනා ඉසව්වට ලංවී අළුයම දෙක තුන වනතෙක් සැඟවී සිටිය යුතුය. ගෙඩියක් බිමට වැටෙනා ශබ්දය ඇසුනු සැනින් අයිතිකරු විසින් විදුලි පන්දම් දල්වා එලිය විහිදුවනු ලබයි. ඔහු කිසිසේත්ම ගෙඩිය අහුලවා ගැනීමට ගස යටට නොයනාබැව් සක්සුදක් සේ අපි දන්නෙමු. අයිතිකරු විසින් එලෙස විදුලි පන්දම දල්වනුයේ දූරියන් ගෙඩිය අහුලාගත් බව හැඟවීමටය. දූරියන් ගෙඩි ඉදී වැටෙනා ගසක් යටට ගෙඩි ඇහිඳීමට අලුයම් කාලයේ යාමට කිසිවෙකු ඉදිරිපත් නොවන්නේ එය මාරාන්තික ක්‍රියාවක් වන බැවිනි.

දූරියන් කෑමෙහි අධික ආශාවෙන් පෙළෙමින් ජීවිතයද පරදුවට තබාගෙන සැඟවී සිටි අප අලුයම් කාලයේ දූරියන් ගස යටට බඩගාමින් කෙමෙන් කෙමෙන් ලංවන විට අයිතිකරු සුව නින්දක පසුවෙයි. නමුත් එවෙලේම තව දූරියන් ගෙඩියක් වැටුණෝතින් ඔහු අවදිවෙන බැව්දත් අප අඳුරේ බිම අතපත ගාමින් හැකි ඉක්මනින් ගෙඩි අහුලාගන්නෙමු. දූරියන් ගෙඩියේ සුවඳට ඉව අල්ලාගෙන ගෙඩිය වැටී ඇති තැනටම අඳුරේ වූවද යාම ඉතා පහසුය. සුලු ශබ්දයකට අයිතිකරු අවදිවූවෝතින් ඔහු ගල් ප්‍රහාරයන් එල්ල කරනා බැවින් පියවර හඬද නෑසෙන අයුරින් දූරියන් ගෙඩි සෙවීමට සියල්ලෝම වගබලා ගත යුතුය.

අහුලා ගත් දූරියන් ගෙඩිවලින් හමනා සුවඳට පවා මත්වෙමින් ගස යටින් ඈතට ගොස් එකිනෙක පලු ගලවා රසවිඳිනා විට එතරම් මිහිරියාවකින් යුතු දූරියන් කිසිදිනයක නොකෑබැව් එකිනෙකා හා මුමුණමින් කෑ ඇට ඈතට විසිකරති. දූරියන් කා මදිවූ ඇතැමෙකු ලෙල්ලෙහි ගෑවි ඇති කොටසද ලෙවකයි. කෙතරම් කෑවද දූරියන් කෑමෙන් කිසිදාක තෘප්තිමත් විය නොහැකිය. පසුදින අවදි වී ගෙඩි අහුලාගැනීමට යන ගසේ අයිතිකරු වැටුනු ගෙඩි කොහිදැයි උඩබිම බලනු ඇත. බිම පහුරු ගා ඇති අයුරු දැක සොරුන් පැමිණ ගෙඩි අහුලාගෙන ගොස් ඇතිබැව් දැන සොරුන් ඇල්ලීම උදෙසා ඔහු යලි කිසිදිනක පාන්දර ජාමයේ වූවද ඇසිපිය පියාගන්නේනම් නැත. එබැවින් එකල අප එකවරක් කෑ දූරියන් ගසකට යලි නොගියෙමු. මෙම ගෙඩි සෑදිඇති දූරියන් ගස මාගේය. එය රැකීමට පැවරී ඇත්තේ මා හටය. කුඩාකල දූරියන් හොරෙන් ඇහිඳීමට ගියකල ලත් අත්දැකීම් ඇති බැවින් මෙම ගසෙහි එකදු දූරියන් ගෙඩියක්වත් හොරෙන් ඇහිඳීමට එනඋන් හට නොදීමට මා හට වගබලා ගැනීමට හැකි වන බැව් මා දනිමි.

දූරියන් කෑම වනාහි කොතෙකුත් කෑවද තෘප්තිමත් විය නොහැකි පළතුරු වර්ග අතරින් උසස්ම ගනයෙහි ලා තැබිය හැකි පළතුරකි. දූරියන් කෑමට ලොල් වූ අයෙකුට දූරියන් ගෙඩියකින් හමනා සුවඳ ඉමිහිරි සුවඳක් දනවන අතර දූරියන් නොකන අයෙකුට එය අප්‍රසන්න ගඳක් දනවයි. එබැවින් දූරියන් යනු අපූරු පළතුරකි. ඉමහත් ගුණයකින් යුතු දූරියන් කාම ශක්තියද ඔප් නංවන අතර දූරියන් කා එකල රජවරු බිසෝවරුන් හැඬවූ බැව්ද කියති.

මා සතුව ඇති මෙම දූරියන් ගස ගම්තුලානේ විශාලතම දූරියන් ගස වන අතර මෙය වැල වර්ගයට අයත් ගසකි. ඉමිහිරි ප්‍රනීත රසයකින් යුතු මෙම දූරියන් ගසෙන් එක් ගෙඩියක් කෑ පසු ඕනෑම අයෙකු වශීකරවන රසයකින් යුතු දූරියන් මෙහි සෑදේ. මෙවර ඵලදාව ගෙඩි පන්සීයකට නොඅඩු වන අතර ඉන් ගෙඩි සියයක් අකාලයේ බිම වැටුණහොත් ඉදී වැටෙනා ගෙඩි හාරසියයක් පමණ අහුලා ගත හැකිවනු ඇත. පළමුව වැටෙනා ගෙඩිය සඝසතු කොට පූජා කිරීම කිරිඅම්මාගේ කාලයේ පටන් පැවතගෙන ආ සම්ප්‍රදායයකි. ඉන් පසුව ගමෙහි සෑම නිවසකටම එක් ගෙඩිය බැගින් ගෙඩි දෙසීය පනහක් පමණ වෙන්කර දිය යුතුය. ගෙඩි තිහක් මාගේ ආහාරය පිණිස වෙන්කරවා ගන්නෙමි. ඉතුරු වන ගෙඩි දුරබැහැරින් පැමිණෙන හිතමිතුරන්ට හෝ තැපැල් මාර්ගයෙන් හිත මිතුරන් ආදීන්ට යැවිය හැකිය.

මෙම දූරියන් ගස මාගේ ඉඩමෙහි පිහිටා තිබුනද ගෙඩි සියල්ලම පාහේ වැටෙනුයේ අල්ලපු නිවසේ ඉඩමටය. එය තේ ගස් සාදවා ඇති ඉඩමකි. දූරියන් වැටෙනාවිට තේ අතු කැඩෙති. එබැවින් අසල්වැසි නිවැසියාට පොරොන්දු ප්‍රකාරව ගෙඩි දහයක් ලබාදීමට ගිවිස ගත්තෙමි. යම් හෙයකින් අසල්වැසියන් හා සිත් අමනාපව සිටියේනම් මෙම තත්වය මත දූරියන් අහුලාගැනීම සිහිනයකි.

දූරියන් ඉදී වැටෙනා කලට මගතොට හමුවන ගම්වාසීන් සොරෙන් දූරියන් ඇහිඳීමට එනබැව් මූණටම පවසති. ” අද රෑ එනවා මචන්. කට්ටිය සෙට් වෙලා ඉන්නේ” යැයි කියමින් භිය ගන්වන මුත් සැබැවින්ම ඔවුන් කොයි මොහොතක හෝ නිසැකවම පැමිණීමට ඉඩඇත. දූරියන් හොරෙන් ඇහිඳීමේ කලාව කාලයක් මුලුල්ලෙහි පැවතගෙන එන්නක් බැවින් එයට බාල මහලු භේදයක් නැත. ඉදී වැටෙනා දූරියන් ගෙඩියක් ඕනෑම මොහොතක අතුරුදහන් වීමට ඉඩඇත. එබැවින් වැටෙනා ගෙඩි රැක අහුලාගැනීම හිමිකරු සතු භාරදූර්‍ය කාර්‍යයකි. මෙවර පැලක් තනාගනිමින් දූරියන් රැකීමේ කර්තව්‍යයෙහි මා නියැළෙන අතර හොරෙන් ඇහිඳීමට එනඋන් හට ගල්මුල් ප්‍රහාර හෝ උගුල් ඇටවීමකින් තොරව ඒ සඳහා වෙනත් උපක්‍රමයක් යෙදීමට මා සැලසුම් කරඇත. එය දැන්ම හෙළි නොකරමි.

  • නුවන් රංග
]]>
https://report.lk/2022/05/20/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%af%e0%b7%96%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%83%e0%b7%8a-%e0%b6%91%e0%b6%bd-%e0%b6%af%e0%b6%bb%e0%b6%ab%e0%b7%8f-%e0%b7%83%e0%b6%b8%e0%b6%ba/feed/ 0 437